ක්‍රිකට් නයින්ට කිරි පෙවීම

අපි ලෝක කුසලාන හතරක පරාජය දරාගතිමු

අපිට නිදහස අහිමි වන ලදී නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සදහා බංගලාදේශය සමග ඉන්දියාව සුදුසුකම් ලබාගැනීම නිසා අපේ නිදහස් කුසලාන සිහිනය අහිමි වන ලදී. අපි අවසන් තරගයට සුදුසුකම් ලැබූ බංගලියන්ට සහ ඉන්දියානුවන්ට සුබ පැතතීමට අමතක නොකරමු. මන්ද ඒ අපේ නිදහස් කුසලාන තරගාවලියට සහභාගී වීම නිසාය. ඔවුන් මොන ආවේගයන් පිටකලද අපේ දේශයට පැමිණ තරගාවලියට සහභාගීවීම අගය කිරීමත් ආගන්තුකයන්ට සත්කාර කිරීමේ ගුණය ප්‍රගුණ කල ජාතියක් ලෙසින් අපි ඉවසා සිටීම වැදගත්ය. අපේ කණ්ඩායම පැරදුනේ නැත වුයේ වැරදීමක් පමණි .මෙවැනි සිද්ධීන් ක්‍රිකට් ක්‍රීඩාවේ නොමැතිනම් ක්‍රීඩා ලෝලීන් ක්‍රිකට් වලින් ඈත් වී බොහෝ කල්ය.

ඒ නිසා මේවා සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුවන සිදුවීම් පමණි. අපේ කණ්ඩායම ගැන අඩුතක්සේරු නොකර පරාජය පාඩමක් පමණක් කරගැනීම වැදගත්ය. බංගලාදේශය ඇත්තටම දක්ෂයින්ගෙන් පිරිපුන් කණ්ඩයමක් බව කිවයුතුය. ඔවුන්ගේ දක්ෂතා අගය කල යුතුය එහෙත් තවමත් ජාත්‍යන්තරය ජයගනිමින් යන ගමනේදී නිහතමානී කණ්ඩායමක් බව ලොවට පෙන්විය යුතුය. ඔවුන් ඊයේ තරගයෙන් පසු හැසිරුණු ආකාරය කිසිවෙකු අනුමත නොකරනු ඇත.

ශ්‍රී ලංකාව යනු ලෝක කුසලාන අවසන් මහා තරග හතරකින් පරාජය වූ රටකි පරාජයේ වේදනාව ජයග්‍රහණයේ ඔල්වරසන් හඩ පරයා අප ඕනෑවටත් වඩා බුක්තිවිද ඇති නිසා බංගලියන්ගේ නයි නැටුමට ක්‍රීඩා පිටියේදීම පිළිතුරු ලබාදීමට සුදානම් විය යුතුය. එදා T 20 අවසන් මහා තරගයේදී එංගලන්තය අත තිබූ ජයග්‍රහණය අවසන් පන්දු හතරේදී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයා එල්ල කරන ලද හයේ පහර 4 නිසා ලෝක කුසලානයක් අහිමි වන ලදී. ලකුණු 40 කට කඩුළු පහක් අහිමිව ලකුණු 120 වත් ලබා ගැනීමේ අභියෝගයට මුහුණ දී සිටි අපේ කණ්ඩායම අවසන් පන්දුව දක්වා තරගයක් ලබාදීම ගැන තිසර ඇතුළු අපේ කොල්ලන්ට හදවතින්ම සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *