(සත්‍ය කතාන්දරයකි.) කෝදාගොඩින් අහිරහස් විලක් මතුවේ.

මෙහි මහා අත්භූත සිදුවිම රැසක්

අන්දුගොඩ පුරාණ රාජමහා විහාරස්ථානය අසල ගමෙහි පිහිටා ඇති මාලිග තැන්න නම් වු මාලිගාවක් තිබු ස්ථානයක් කේන්ද්‍රකරගෙන මහා විස්මිත ස්ථාන හා මහා විස්මිත ගම්මාන ප්‍රදේශ රැසක් සොයා ගිය අතිශය බිහිසුණු ගමනක අන්දරය කියන්නට ගිය ගමන දුෂ්කර වුවද වරු ගණනාවක් ගත වුවද එය සත්තකින්ම සුන්දරය.

අන්දුගොඩ පුරාණ රාජමහා විහාරස්ථානය අසල පිහිටා මහා කන්දේ කෝදාගොඩ අන්දුගොඩ ගම්මාන යා කරමින් මාලිග තැන්න නම් වු ස්ථානයේ මාලිගාවක් තිබී ඇතිබව,අන්දුගොඩ, ඇල්ලලගොඩ, කෝදාගොඩ ගම්මානවල ජීවත්වන ජනතාව අදට ද පවසනුයේ මහත් අභිමානයිනි.

මාලිග තැන්නේ මාලිගය තිබු ස්ථානයක් කන්ද පාමුල පිහිටා ඇති ,විස්මිත පොකුණකි.රන් බන්දේසියක තබාගෙන පොකුණේ පහළ අඩියේ යට සිට ජල මට්ටමට ගෙන එන මේ දැවන්ත සෙම්ඹුවක් ද දැකිය හැකි යැයි ගම්මානයේ වෙසෙන ජනතාව ඒ බියසුනු කතාන්දරය ද අපට කීවේ බියමුසු වු තැති ගත් ආකාරටය.

ධා පුළුන් හෙවත්, ධා පුළුසෙන් හෝ ධාතු සේන රජතුමා මාලිගයක තැන්න නම්වු ස්ථානයේ මෙම ප්‍රාදේශිය රජුගේ මාලිගාව තිබු ස්ථානය අදට ද මාලිග තැන්න නම්න් හැදින්වේ. මාලිගාවක යම් යම් කොටස් මෙහි තවමත් දැකිය හැකිය.ඒ අසල අභිරස් උමං ද මෙහි දැකිය හැකියි.

ඒ අසලම පිහිටියේ කොඩි ගහ කන්දයි. මෙය රජුගේ ජය ග්‍රහන සමරන්නට මේ ස්ථානයට එම නිම යොදා ඇතැයි ගම්වාසිහු පවසති.

අන්දුගොඩ පුරාණ විහාරස්ථානය ද මේ මහා කතාන්දරයට නැකම් කියනාහුය.මේ කොඩිගහ කන්ද නැතහොත් කොඩි ගහ තැන්න ස්ථානය මහා කන්දක උසම උස තැනක පිහිටා ඇත. මෙම ස්ථානයේ සිට කිලෝමීටර් ගණණාවක් ඈත දැකිය හැකිය. මෙය සමහර විට රජුගේ ඔත්තු බලන ස්ථානයක් හෝ බැලුම් ගලක් ලෙස සකස් කරන්නට ඇතැයි ජනප්‍රවාදයේ ඇති මහා කතාන්දරයකි.මෙහි පිහිටි ගල් ගුහා හා මහා ගල් කුළු යම් සේ එදා රජයේ මහා සෙනෙවියන් සේ අදටද විරාජමානව දැකිය හැකිය.විෂ ඝෝර සර්පයන්ගෙන් සමන් විත වන සත්න් ද ඉත්තෑවන්ගෙන් සමන්විත මේ ප්‍ර දේශය දුෂ්කර වු වන රොදකින් වැසි තිබේ.

ඒ කන්දම අසල පහල රාජමාලකාරාම පුරාණ විහාරස්ථානය නැත හොත් මළුව පුරාණ විහාරස්ථානය පිහිටා ඇත.මේ විහාරය සම්බන්ධයෙන් විහාර හස්නේ සඳහන් වන්නේ බෝධිමළු විහාරය නමිනි.

මෙහි මහා අත්භූත සිදුවිම රැසක් අති බවට ගම්වාසිහු අදටද විස්වාස කරන අතර රාත්‍රියේ මෙම විහාරස්ථානයේ බෝධින් වහන්සේ හා වසර ගණනක් සඳහන් කරන්නට නොහැකි තරමේ මහා අතු පතර විහිදුණු නා ගස් විස්මය ජනක ගස් සමුහයක් මැද පිහිටි ගල් කුළු වලින් වටකර සකස් කරන ලද නා කොටුව නැමැති ස්ථානයක මහා නිධානයක් ඇතැයි එම වෙහෙර වාසි රාජමාලකාරාම ප්‍රරාණ විහාරස්ථානයේ විහාරාධිකාරි වලස්මුල්ලේ සුධීර අප හිමියෝ පැවසුහ.

ප්‍රදේශයේ පෙර කී ඈත අතිතයේ ප්‍රාදේශිය රජකෙනෙක් රජකම් කළ ප්‍ර දේශයක් නිසා මෙහි ඇති සත්‍යතාවය අදටද දැක ගත හැකිය. රජුට රජු සමඟ එක්ව කටයුතු කළ රුවැති කුමාරිකාවන් තිස් පස්දෙනෙකු කපාකොටා මරා මහා නිධානයක් මෙහි වළ දමා එයට උඩින් මේ කුමාරිකාවන්ගේ සිරුරු තැම්පත් කර ඇතිබවට ජනප්‍රවාදයේ සඳහන්ය.මේ කතාන්දරයට සමාන වු කතා රැසක්ද ගමේ පිරිස් අප සමඟ පැවසුහ.ඔවුන් බහිරවයන් වී මේ විහාරස්ථානය මහා පත්තිනි දේවාලය හා මහා නිධානය හා වස්තුව ආරක්ෂාකරන බවද කියති. මේ අනුව. ඔවුන් පසුව, මේ මහා නිධානය ආරක්ෂාකරන බහිරවයන් බවට කෝ ධාතූ ගොඩ හෙවත් කෝදාගොඩ ගම්වාසිහු අදට ද විමතියෙන් යුතුව පවසති.

කෝදාගොඩ මළුව විහාරස්ථානයේ රාත්‍රියේ දී මහා අත්භූත සිදුවිමි සිදුවන බවත් විහාරස්ථානයට හොර සතුරෙක් පැමිණිය හොත් සිදුවන දේ පවා සිතාගත නොහැකිය.

ඒ මේ විහාරස්ථානයට හා මහා නා ගස් වලට මෙන්ම නිධානය ඇතැයි කියන නා කොටුව නැමැති ස්ථානය සුරක්ෂිත කරන යක්ෂ, භූත, කුම් භාණ්ඩ, පිසාචක බහිරවයන් සමුහකි. අදුෂ්‍යමාන පිරිසක් මෙම විහාරය, පත්තිනි දේවාලය, හා අපට ගම්මාන මාලිග තැන්ද , මහා පොකුණද සුරක්ෂිත කරන බව ගැමියෝ පැවසුහ.

අභූත සබ්ධ මහා අලෝක රටා හා රාත්‍රියේ දී ඇවිදින බව කියන මහා භූත ආත්මයෝ නිසා විහාරස්ථානය මහා විස්මිත වු පිං කෙතකි. නොයෙක් රෝග උපද්‍රව ඇති වී විහාරයට දේවාල පියසට එන සමහර රෝගි පිරිස් පවා විහාරස්ථානයේ නා ගස් බෝ ගස්, සල් ගස් සෙවන සිසිළ තුළ විවේකීව සිට බුදුන් දෙවියන් වැද ගිය ගල්හි රෝගි පුද්ගලයන් සුවපත්වන බව ද බෝධිමළු විහාරයේ විහාරාධිකාරි වලස්මුල්ලේ සුධීර හිමියෝ අප සමඟ පැවසුහ.

විහාරාධි පති අප හිමියන්ට කිසිදු අනතුරක් හෝ අන්තරාවක් නොවන අතර, විහාරස්ථානයට අනතුරක් හෝ අවැඩක් කරන්ට පන්සල් වත්තට පැමිණිය හොත් ඔහුට හෝ ඇයට සිදුවන්නේ කුමක්දැයි ඔවුන් හෝ නොදනි. එතරම් මහාබලයක් මෙම රාජමල්කාරාම රජමහා විහාරස්ථානය වටා විස්මිය ජනිත කරවමින් දැකිය හැකිය.

රාජමල්කාරාම රජමහා විහාරස්ථානය (මළුව පන්සල) අසල ඇති ඒ මාලිග තැන්න පිහිටි කන්දේ සිටි ඇති අනෙක් මෑත පෙනෙන් විහාරස්ථානයවන්නේ කෝදාගොඩ ගණේගොඩ පුරාණ විහරාස්ථානයි. මෙම විහාරස්ථානයද මහා බලයක් අනුහස් ඇති මහා ඉතිහාසයක් ඇති විහාරස්ථානයකි.එහි වැඩ වාසය කරනුයේ හබරාදුව කෝලිත නායක හිමියෝය.

මාලිග තැන්න රාජ මාලිගය තිබු ස්ථානයේ අවට මහා පුරවරයක් බදු වු ගොඩනැගිලි සමුහයක් තිබු බවට අදටද සාක්ෂි ඇත. මේ අවට විශාල උමං රැසක් ඇතැ යි, ද කියති. හදුනාගෙන ඇති උමං රැසක් දැනටද දැකිය හැකි අතර කිසිදු පුරාවිද්‍යාමක ඇස ගැටිමකට ලක් නොවු උමං රැසක්ද මෙහි දැකිය හැකි බව ප්‍ර දේශවාසිහු පෙන්වා දෙති.

මෙහි නිධන් ගන්නට විවිධ වේශයෙන් එන නිධන් හොරුන්ගෙන්ද අඩුවක් නැත. නමුත්, ඒ අයට සිදුවන්නේ නිධන් ගන්නට හෝ නිධානය අසලටවත් නොයා මංමුලා වී නන්නත්තාර වන්නටය. නිධන් ගන්නට ඒ ඇත්තන්ට උරුමයක් හෝ වාසනාව හෝ හිමිකරුවන් හෝ නොවන නිසා ඒ නිධන් ගැනිම ඒ අයට සිහිනයක් බව, ගමේ වැඩිහිටියෝ පැවසුහ.

මාලිග තැන්න ප්‍රදේශයේ මහා අභිරස් ස්ථානයක් ඇත. ඒ රජු දිය නාන ලද ජල පොකුණයි. මෙහි නටඹුන් තවමත් දැකිය හැකිය.කිසිදු නියඟයක දී දිය නොසිදෙන මේ අරුම පුදුම පොකුණ සම්බන්ධයෙන් ජනතාව විස්මිත වූ කතාන්දර රැසක් ජනප්‍රවාදයේ ඇතැයි කියති.

මෙම පොකුණට අරක් ගත්තා වු මහා බහිරවයන් සමුහයක් සිටින බව අප කළ සංචාරයේ ජනතාව ඒ බව අප සමඟ පැවසුහ.

මෙම ජල පොකුණ එදවස මහා විශාල පොකුණක් වුවද අද දැකිය හැක්කේ කුඩාවටයි. මෙම පොකුණෙන් කෝදාගොඩ,අන්දුගොඩ,අල්ලලගොඩ ජඹුරේගොඩ කුඹුරු යාය රජු ගොවියෝ ලවා අස්වැද් දු බවට ගැමියේ අදටත් කියති.මේ ගම් වැසියෝ අදටද ප්‍රධාන ජීවනෝපාය වන්නේ වී ගොවිතැනයි.

පසකින් ඇති, දීගොඩ වැවෙන් ද රපු හැදු පොකුණෙන් ද කුඹුරුවලට දියවර සපයයි. රිදී පාට ජලය කුඹුරු සොයා එන පියකරු බව දැකිය හැක්කේ හිරු කිරණ වැටුන විට දී ඒ ජලය සිනාසෙන සේයාව ගොවියෝ ද එයට අනුගත වන විට දීය.

කුඹුරුවල සරු අස්වනු නෙලා ගන්නා වු ගොවියෝ යළිත් සතුටින් මේ කුඹුරුවල වී වගා කරති.ඒ වි වලින් කිරි බත් ද, කෙසෙල් හා පළතුරු සමඟින් කිරි ආහාර පුජාවන් මළුව පන්සලට හා පත්තිනි දේවාලයට පුජා කරන්නට එන්නේ ජනතාව තුළ ඇති අසිමිත දේව භක්තිය නිසාය.

කෝදාගොඩ ගමේ සමහර ජනතාව පවසනුයේ මෙම ප්‍රදේශයේ යම් යම් නරකවැඩ වැරදි වැඩ කළ මිනිසුන් නිසා මේ පොකුණට ලඟාවන්ට ජනතාවට නොහැකි යන්න ගමේ මතයයි. එය බිලි ගන්නාවු යක්ෂ, භූත, අමුනුෂ්‍ය විස්මිත සිදුවීම් සිදුවන මහා භයානක ස්ථායක් බව ගමේ පැරැන්නෝ අදටත් කියති.

මෙම පොකුණට අරක්ගත් බහිරවයන් රැසකි .මේ අය මේ පොකුණ ආරක්ෂා කරන්නේ රජුගේ නියමිය මතය. ඒ අනුව, නිදියන ඇඳකට සමානු වු රත්තරං පෙට්ටියක් හෝ යකඩ පෙට්ටියක් හෝ මෙම පොකුණේ තිබෙන බව ජනතාව පවසයි. එම පෙට්ටිය යකඩ හෝ රත්තරං අසුරණයකින් පෙට්ටිය ආවරණය කර ඇත. යකඩ හෝ රන් පෙට්ටියෙන් අවරණය කරන කරන ලද රං පෙට්ටියේ මැණික් රත්තරං ආදි මහා ධනයක් සඟවා ඇති බවට ජනප්‍රවාදයේ සඳහන් බව අදටත් ගමේ ගැමියෝ පවසන්නේ බියමුසු වු ඉරියව් වලිනි.

මේ අභිරස් පොකුණේ දෙසවන් දෙනුවන් බියපත් කරවන හඩක් සමගින් මහා රාත්‍රියේ දැවැන්ත බන්දේසියක් පොකුණේ පතුලේ සිට දිය මතු පිටට එන බව ගැමියෝ කියති. ඒ බන්දේසිය මත මහා විශාල රත්තරං සෙම්ඹුවක්ද මතුවන බව කියන පිරිස් අදටද මෙහි ජීවත් වේ.

මෙම සිදුවිම් සියසින් දැගගත හැකි වන්නේ නිධානය ලබා ගත හැකි උරුමකරුවන් වු පිං ඇති ඇත්තන්ට පමණි.පිං නැති අය මේ අරුමය සිදුවන විට එම ස්ථායේ සිටිය හොත් සිදුවන්නේ අභිරස් ආකාරයට එම ස්ථානයේ දී ම මිය යන්නට හෝ මහා අනතුරක් සිදුව පැය ගණානාවකින් මිය යන්නට බව, ගැමියෝ කියති.

කෝදාගොඩ ගමේ පිහිටි මහා හස්කම් හා මහා ඉතිහාසයක් ඇති මළුව පන්සල වටා ගෙතුනු අභිරහස් විස්මිත කතාන්දර රැසකි. රාජමාලකාරාම පුරාණ විහාරස්ථානය , නැත හොත් මළුව පුරාණ විහාරස්ථානය එසේ නැතිහොත් විහාර හස්නේ සඳහන් වන්නේ බෝධිමළු විහාරයේ විහාරාධිකාරි වලස්මුල්ලේ සුධීර හිමියෝ මෙසේ පැවසුහ.

අප නායක හිමිවරුවන් මේ පන්සල, ගම් මැලිග තැන්න පිළිබඳව පවසන පරිදි, මහා ඉතිහාසයක් තියනවා.

අප මේ විහාරස්ථානය මුලින්ම සකස්කර තියෙන්නේ දේවාලයක් වශයෙන්. පසුව තමයි විහාරස්ථානයක් වශයෙන් පත්ව තියෙන්නේ. දෙවුන්දර දේවාලය සකස් කරන්න පෙර මේ දේවාලය ඉදි වුවා යැයි විහාරස්ථායේ වැඩ විසූ නායක හිමිවරු අප සමඟ පවසා තියනවා.මහා පත්තිනි දේවාලයක් ලෙසයි පවත්වාගෙන ගොස් තියෙන්නේ.

නා ගස් වසර දහසකට අධික කලයක් පැවති නා ගස් සමුහයකි.මේ නා ගස් විහාරස්ථානය පුරා තියනවා.සල් ගස් ද දැකිය හැකියි.ගල් කුලුණු, ගල් පහන්, පැරණි උළුකට හා කිරි ගරුඩ පිලිම වහන්සේලා, පරණි කාසි හා තවත් දේවල්…….? (විහාරයේ හා විහාරවාසි හිමිගේ ආරක්ෂාවට විහාරය සතු සමහර දේ ගැන සදහන් නොකරමි.)

තව …තව තවත් කිහිපයක්ද,විහාරස්ථානය තුළ පොලව යටිත් මතුව තියනවා. ඒ වා ආරක්ෂිතව රැකවරණයක් ඇතිවයි තියෙන්නේ.පරගොඩ රජමහා විහාරස්ථානය සකස් කළේ දෙවන පෑතිස්ස රජතුමායි.අපේ විහාරය ධාතුසේන රජදවස දක්වා විහිදි යනවා.

කෝදාගොඩ ප්‍ර දේශයේ රජකළ බව කියන ධා පුළුන් හෙවත්, ධා පුළුසෙන් හෝ ධාතු සේන රජතුමා පළමුව ඇඳ හූ දෙවාලය තමයි පසුව අපේ මේ රජමහා විහාරය පන්සල් බවට පත්ව තියෙන්නේ.නිරතුරුවම උදේ සවස තම රාජ කුමාරියන් සමඟ ධා පුළුන් රජතුමා දේවාලයට එන සිරිතක් වී තියනවා. අපේ විහරස්ථානයේ ඇති පත්තිනි දේවාලය ඒ කාලයේ ද අද වාගේම මහා හාස්කම් ඇති ස්ථානයක් වශයෙන් අදටත් දැකගත හැකියි. රජුමිය ගිය පසුව, තමයි විහාරස්ථානයක් වශයෙන් සකස් කර තියෙන්නේ. රජුගේ සියලුම ධනය හා වස්තුව, රන් ආභරණ හා බිසොවරුන්ගේ රන් රිති ආභරණ හා සියලුම ධනය හා වස්තුව මෙහි වළ දමා තියනවා. ඒ මතයි නා කොටු කියන ස්ථානය සකස් කර පත්තිනි දෙවියන්ට දේව මෑණියන්ට පූජාකර තියෙන්නේ.

මෙම ස්ථානයේ සකස් කරනු ලද මහා වළක යටිත් මුතු වු මහා ගළුගලක් මත, ඒ ගල යට බිසිවරුනගේ හා රජුගේ සියලුම ධනය හා වස්තුව, ආභරණ වළ දමා ඒ ගල උඩ සිය කැමැත්නේන්ම එම මහා ගල් පොත්ත මත රාජකුමාරිකාවන් තිස් පස්දෙනෙක් දිවි නහගෙන තියනවා.

ඒ දේවාලය ආරක්ෂා කිරීමේ හා පත්තිනි දෙවියන්ට සිදුකරන්නා වු විශේෂ භාරයක් වශයෙන් හා දේවමාතාවන්ට ගරුත්වයක් භක්තියක් වශයෙන්. මෙසේ පත්තිනි දේවතාවිය වෙනුවෙන් දිවි පිදු රාජ කුමාරිකාවන් මේ පිරිස තමයි එදා සිට මේ දක්වා දේවාලය හා විහාරස්ථානය සුරක්ෂිත කරනවා කියන්නේ. මේ විහාරස්ථානයට කිසිවෙකු හානියක් කරන්නට හැකියාවක් නෑ.

කුමාරිකාවන් දිවි පිදු ධනය හා වස්තුව තැම්පත් කළ ස්ථානය පසුව එය කොටුවක් ආකාරයට සකස් කර කල්කණු යොදා ආරක්ෂාකාරි ආකාරයට සකස් කර තියනවා. මෙය තමයි නා කොටුව කියන්නේ.

එහි වසර ගණනාවක් පැරණි නා ගස් සිටුවා ආරක්ෂා කර තියනවා. සමහර සතියේ දිනවල අප විහාරස්ථානයට රාත්‍රියේ සතර පේරුවේ සමහර දායකදායිකාවෝ එන්නේ නෑ එන්න හිතෙන්නේ නෑ.ඒ කතාන්දරය මහා කතාන්දරයක්….මහා අදුෂ්‍යමාන නෑ….නෑ… ? …හිම්… ඒ කතාන්දරය නොලියා ඉදිමු……විහාරස්ථානයේ නා කොටුව නම් ස්ථානය තුළ තමයි මේ ආදි වශයෙන් නිධන් තැම්පත්කර තියෙන්නේ කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.

පොත් පත්වල් හා පුස්කොළ පොත්වල ධා රජුගේ බිසොවරුන්ගේ රන් ආභරණ ධනය වස්තුව තැම්පත් කර තමයි විහාරස්ථානයේ මේ මහා නිධානය සකස් කර තියෙන්නේ නා කොටුව කියන ස්ථානයි. මෙහි ඇති හා විහාරස්ථානය පුරා ඇති මහා ගස් වල වයස කියන්නට නොහැකි තරම් මහා විශාලයි අතු පතර විහිදි ඇති නාගස් හා සල් ගස් ද සමුහයක් තියනවා. මේවා මහා හාස්කම් තියනවා.පුරාවිද්‍යාවේ මහත්වරු නම් කියන්නේ අවුරුදු දහසකටත් (1000) වඩා පැරණිය කියලා…..

මෙම නා කොටුව අසල චෛත්‍යයක් තිබි ඇති බවට සාධක තියනවා. එක දවසක් රජු බලා සිටිය දීම චෛත්‍ය පොළවට ගිල ගත් බව කියනවා ජනප්‍රවාදයේ සඳහන් පරිදි එම චෛත්‍යයේ කොත් කැරැල්ල දක්වාම මේ චෛත්‍ය ගිලා බැස තියනවාලු.රජු මේ නිසා විස්මයට පත්වු බව සඳහන් වෙනවා.

ගමේ නම එනම් කෝදාගොඩ සැදි ඇති ආකාරය ද පුදුම සහගතයි. මේ මාලිග තැන්න මාලිගාව අවට ඇති ස්ථාන ගම් නම් ග්‍රාමනාම සියල්ලම මාලිගය හා විහාරස්ථානය මුලික කරගෙන තමයි සකස් කර හැදි ලා නම් කරලා තියෙන්නේ.

කෝ…දා‍…ගොඩ …තමයි පසු ව කෝදාගොඩ බවට පත්ව ඇති බව ජනවහරේ තියෙන්නේ. විහාරස්ථානයට ගෙන එන ලද ධාතුන් වහන්සේලා නමවල් කිහිපයක් එක්වරම අතුරුදන් වූ නිසා මේ නම මේ ගමට වර නගන්න ඇතැයි කෝදාගොඩ ගමේ අද සිටින වයස අවුරුදු 92 , 86 හා 80 වැනි වියේ පසුවන පිංවතුන් පවා කියනවා.

ඒ අය අදට ද ගමේ ඡීවත්ව ඉන්නවා. ධා පළුසෙන් නැතිනම් ධාතුසේන ධා පුළුසන් යැයි නම් දරණ රජකෙනෙක් තමයි මේ මාලිග තැන්න රාජමාලිගාවේ මේ පළාත පාලනය කරගෙන සිට ඇත්තේ. රජු දේවාලයට ආ දිනක වෛත්‍ය අතුරුදන්ව තිබෙන බව දැක මෙම දේවාලයේ පත්තිනි දේවාලයේ අනුහස් පිළිබඳව කල්පනා කර පිහිට ආරක්ෂාව පතා තියනවා. ඒ අනුව තමයි මේ දේවාලය ආරක්ෂා කරන්න විවිධ පියවර ගෙන තියෙන්නේ.

පත්තිනි දේවාලය හා රාජුගේ රජුට අයත් ඇතුන් ගාල් කළ ස්ථානය මේ අසලයි අදටත් තියෙන්නේ. එය ඇත්ගන්දර නැති නම් ඇත්ගන්දර වත්ත නමින් දැකිය හැකියි. අදටත්ය ඒ ආකාරයෙන්ම තියනවා.

මේ අසල පොකුණ වත්ත කියා පොකුණක් තියනවා මෙය රජුගේ බිසවරු දිය නෑ ස්ථානය වේ. මෙහි යම් යම් අභිරහස් කතාන්දර රැසක්ද තියනවා.

මේ පන්සල අසලම තවත් පැත්තක දං ගමුව වත්ත තියනවා. රජු හා දේවින් වහන්සේලා ආහාර ගත්තා වු ස්ථානය තමයි මේ ආකාරයට දං ගමුව වශයෙන් නම් කර තියෙන්නේ.මෙයට තවත් කතා ද ගම් මු කියනවා.

ඊට ඉහළ කදු මුදුනේ තමයි මාලිග තැන්න නැතිනම් මැලිගාව තිබි තියෙන්නේ. පන්සල අසල මෙහි තවත් පැත්තක අං පිටිය කියා ස්ථානයක් අදටත් තියනවා. මෙහි අං කෙළිය සිදුකළ ස්ථානය වෙනවා. රජුගේ අනුග්‍රහය ඇතිව මේ ගැමි ක්‍රීඩා, ජන ක්‍රීඩා, ආගමික වතාවත්, දේව පුජාවන් ද සිදුකළ ස්ථානය මේ ස්ථානය බවයි අදටත් ගැමියන් කියන්නේ.

මළුව පන්සල අවට තමයි අන්දුගොඩ, ඇල්ලලගොඩ ,හොරදුගොඩ,කෝදාගොඩ,ගම්මාන පිහිටා තියෙන්නේ. මේ ගම්මාන සකස් වු හැටි ඒවාට නම් හැදුනු හැටි ද විහාරස්ථානය හා රාජ මාලිගාව රජු නිසා ගම් නම් හැදුණු බවයි ජනතාව ජනප්‍රවාදයේ සඳහන් වන්නේ.

විහාරස්ථානයේ එක යායට එක රෑනට පිහිටා ඇති නා ගස් වල විවිධ හැඩ තල දැකිය හැකිය.එහි බිය ජනක බවක්ද ? දැකිය හැකියි. පත්තිනි දෙවියන්ට ප්‍රජා පූජා කරන්නට ගෙන ආ විවිධ වස්තු නා ගස් වල ඇති ගස් බෙන්වල සඟවා තියනවා. පත්තිනි දෙවියන්ට විවිධ ආභරණ තම්පත් කර පුජා කරන්නට පැමිණි පිරිස මෙසේ ගස් වල වස්තුව සඟවා තියනවා. මේ ගස් වල විවිධ හැඩ තල ඇති වී අත්තේ ඒ විවිධ තැම්පතු නිසයි. නා ගස්වල විවිධ ස්ථානවල විවිධ වු ආකාරයට විවිධ වු ප්‍රමාණයට ගස්වල මුල්වල ගස්වල කඳන්වල විවිධ නෙරාගිය විස්මිත ස්ථාන රැසක් තියන නිසා මෙය පිළිගත හැකියි.

නා මල් පෙති මේ පුද බිමේ සුදුම සුදුවැලි තලය මත අතුරා ඇති සේය. බෝපත් ද බුදු ගුණ ගීත කියන්නාහුය. නා මල් කොළ පත්‍ර ඉති ද , නාමල් රේණු ද, ඒ අතර සුදු වැලි තලය සිප ගන්නා වු බෝපත්ද දැකිය හැකිය.සල්මල් පෙතිද කොළ ද පත්‍රද ඉතිද ඒ අතරට වැටී ඇත්තේ පොළව පුරා සකස් කර ඇති ඇතිරිල්ලක් මෙනි. නිරතුරුවම සල්මල් සුවඳ ද? නා මල් සුවඳ ද මල් පහන් සුව ඳ, හදුන් කූරු සුවදින් ද, විහාරය දෙවොල සුවඳවත් ය.

නිරතුරුවම පැය විසි හතරේම දැල්වෙන පහන් සිළු සිළි සිළි ගා හැඩවෙන ඝණ්ඨා නාදයෙන්ද,කෝදාගොඩ කුඹුරු යාය පැසුණු වී කරල් ද, කිරි ගවයන්ගෙන් සමන් විත ළමා වසු පැටවුන් ද ,කහ සිවුරේ අසිරිය ද , බෝපත් ඒ ඒ මේ අත සැලෙන අසිරි සිය අගනේය. එය සිත ගත සාධු මහිමයෙන් සමාධිගත කරවමින් නිවනට යන්නට මඟ දෙපස පසක් කරන්වා වූ නින්නාදයක් හදවතට දැනේ….

ඒ අතරතුර දහවලට ද , රාත්‍රිය පුරාවම පන්සල් බිමේ සිට ගමේ ඈත මෑත, මහ මූකලාන කදූ යාය වල් දක්වා ඒ මේ අත අහසේ චිත්‍රණ වන දේවතා එළි රැසකි. කෝදාගොඩ සුන්දර ගමෙහි අහස පුරාද, පොළව පුරා ද අසිරිය මළුව විහාරස්ථ පිංකෙනෙහි දැකිය හැකිය.

මේ කෝදාගොඩ ගමේ වැඩිහිටින් අතරේ ගත් කළ දැනට ජීවත්ව සිටින පිරිස අතර එක් අයෙක් වුයේ 87 හැවිරිදි ආර්. ජෝන් මහතාය.

හෙතෙම ගමේ ඉතිහාසය රාජමාලිගය ගැන, මැලිග තැන්න,කොඩි ගහ නැත්න, කොඩි ගහ ගැන, කොඩිගහ තැන්නේ නලාව ගැන,මැණිකක් අරගෙන, ගම, මාලිගය, පොකුණ පන්සල ආරක්ෂා කරන මහා නාගයෙක් පිළිබඳවත් අභිරහස් පොකුණ හා මළුව පන්සල ගැන අපට පැවසු දේ වල් නිසා අප යම් බියක්ද සිතට දැනුණි. ඒ කතාන්දර අසත්ම, අප තව නිමේෂයකින් අප බියපත් වී තවත් ඉසව්වකට කැන්දාගෙන යන්නට වුණි.

මහ පුදුම ගමක් තමයි මේක.දරුවන් මට 08ක් ඉන්නවා. ඒ දරුවන්ගේ දරුවත්ද දරුවන්ගේ දරුවන්ද මට දකින්න වාසනාම තියනවා.අපේ ආත්තලා මුත්තලා මේ ගම මේ මාලිගාව හා මේ පොකුණ වාගේම මේ පන්සල ගැන විවිධ කතා කියනවා දොඩනවා මම අහලා තියනවා. ඒවා මගේ අප්පොච්චා මටත් දොඩලා කියලා තියනවා.මගේ ලොකු අයියා ඔය පොකුණ පෙනෙන ස්ථානයේ තමයි ඉන්නේ අපි ගොවිතැන් බත් කරලා තමයි මේ සියල්ලම කළේ එදත් එහෙමයි අදත් එහෙමයි.ගමේ වැඩි දෙනෙක්ද ගොවියෝ එහෙමයි.

පානදුරා වාදය ලියු බුලත් ගම හාමුදුරවෝත් මේ අපේ මළුව පන්සලේ මුලින්ම වැඩ හිටියා. ඒ කාලයේ යුද්ධ කාලයේ නේ. ඒ නිසා කොග්ගල කතළුවේ ඉදලා උන්වහන්සේ මේ ගමට ආවා ආරක්ෂාවට විහාරස්ථානයේ දහම් පොත පත ආරක්ෂා කරන්න ඒවත් අරැගෙන මෙහෙ ඇවිත් තියනවා.

ඔය කියන මාලිගය තිබුණා කියන්නේ මේ අර තියන කන්දේ තමයි…. ඒ කට කියන්නේ මාලිඟ තැන්න කන්ද කියාලා. මාලිගයේ පොලව යටින් උමං තියනවා. සමහර උමං තවමත් හොයා ගෙන නෑ.නිධන් අරහෙ මෙහෙ තියනවා කියනවා.

නාගයෙක් තමයි මේ ගම ම ආරක්ෂා කරන්නේ මේ පන්සල මලිග තැන්න, මාලිගාව,කොඩි ගහ කන්ද,මහා පොකුණ සියල්ලම ආරක්ෂා කරන්නේ නාගයෙක්. මේ නාගයාගෙන් කිසි දවසකට කිසි කෙනෙකුට අනතුරක් නෑ. හැබැයි පුතෝ පන්සලට විහාරයට දේවාලයට යම් අකටයුත්තක් කළ හොත් වැඩ වරදිනවා. මැරෙන්නේ කොහමෙද කියාල උන්නැහේවත් දන්නේ නෑ.

මහා නිල් මැණිකක් අරගෙන ඉන්න මහා නාගයා පන්සල් වත්තේ වැඩිපුරම ඉන්නේ. රෑ තමා ඒ සතා ගමන් කරන්නේ. හැබැයි, පන්සල් වත්තේ දැක්ක නායා පොකුණ ගාවත් ඉන්නවා. මාලිගය අසලත් කොඩිගහ කන්ද, දේවාලය අසලත් ඉන්නවා. කවුරු බැලුවත් හැම තැනම නයා ඉන්නවා. මේක තමයි පුදුම සහගත බව මේයාගෙන් කරදරයක් ජනතාවට ගමට නෑ. ගම්මානයේ ජනතාවද මේ සතාට හිරි හැරයක් නෑ. මේයා අපේ ආරක්ෂකයා කියලා අපේ ආත්තලා මුත්තලා කියන්නේ දොඩන්නේ. මහා නා ගස් සල් ගස් අපි ගැටයා සන්දියේත් ඔය වාගේම විශාලයි. අද වෙනකම් මේ දක්වාම එය මහා කැලයක් වාගේ පන්සල දේවාලය ගමම ආරක්ෂා කරනවා සිසිල දෙනවා.

පන්සලේ දේවාලයේ කොතරම් සෙනඟ සිටියත් නාගස් අත්තක් ඉත්තක් කඩා වැටුනත් කිසිවෙකුටත් හානියක් සිදුවන්නේ නෑ. ඒ අතු ඉති මහා විශාලව බිමිට ඇඳ වැටුනත් පන්සලේ පිං බිමේ සිටින ඇත්තෝ බේරලා තමයි වැටෙන්නේ කරදයක් නෑ.

ඒ කලයේ අපි මේ දේවාලයට අද වාගේම කිරිපිඩු දානය දුන්නා ගොයම් කපාලා ඉවර උනාම. ඒ අලුත් සහල් වලින් තමයි කිරිබත් එහෙම හදලා. කිරි හදලා දේව දානය දෙන්නේ ගමේ ගම්මමාන අතර පැත්තේම කුඹුරුනේ. ඒ නිසා ගමම සරු සාරයි. වාසනාවයි.

මළුවේ පන්සලේ ධාතූ ගොඩක් වන්දනා මාන කර ගන්නට තැම්පත්කර තියනවා.අපේ කිරි අත්තගේ කාලයේ ඒ කාලයේ ඒ ධාතූ අතුරුදන්ව තියනවා. ඒ නිසා …කෝ… ධාතූ…. ගොඩ….. කියන නමින් තමයි කෝදාගොඩ අපේ ගම ට නම හැදුනා කියලා අපේ කිරි අත්තා කියාලා තිබුනාය කියාලා අපේ අප්පොච්චලා දෙඩනවා කියනවා මට ඇහිලා තියනවා.

පොකුණට බහන්න තිබුණු තැන අදටත් මගුල් කරද ගහක් තියනවා. එතනින් පඩි පෙළවල් දෙක තුනක්ම තියනවා. පොකුණට බහින තැන මම දන්නවා. මම දැකලා තියනවා.

මේ ගමේ දං ගමුව කියලා තැනක් තියනවා. මේය අදටත් තියනවා. ඒ කියන්නේ, වරද කරවුන්ට දඩුවම් දීපු මරා දමපු ස්ථානය අපේ ගමේ තියනවා. ඒතැන තමයි දං ගමුව කියන්නේ.

ගමේ ආන් අතන තියනවා කියලා කියනවා දොඩනවා ඒ කලයේ පහනක්.එතනට කියන්නේ, මා පාන කියාලා…රජ කාලයේ ද ඒ පහන තමයි ගමේ ම ප්‍රදේශයේම ආලෝකය ලබා දුන්නේ මේ පහන පැය විසි හතරේම දැල්වුනාය කියලා අපේ කිරි අත්තා කියනවා දොඩනවා කියාලා අපේ අප්පොච්චා කියනවා මම අහාලා තියනවා. (මේ ගම්මානයේ පැරණි ජනතාව කතා කරන ප්‍රාදේශිය උප භාෂාව නිසා සමහර වචන අපට හුරු පුරුදු නොවන්නට දැකිය.)

අපේ ගමට අල්ලපු ගම තමයි ඇල්ලලගොඩ වරද කළ පිරිස් මැරූ ස්ථානය වුයේ අල්ලලගොඩයි. එම ගම අද ද තියනවා. දැන් ග්‍රාම නිලධාරි කොට්ඨාසයක් අල්ලලගොඩ කියන්නේ.

මළුව පන්සලේ පන්සල් වත්තේ වටේටම ඒ කාලයේ මහා කටු ඉඹුල් ගස් තිබුනා. අද නම් ඒව්වා දකින්නට බෑ. හතර පස් දෙනෙක් එක්කවත් මේ ගස් බඳන්න යන්න බෑ. ඒ තරම්ම විශාලයි. මහතයි. ඔය පන්සලේ තියන නා ගස් ද මහා විශාලයි. ඒ ඇත්තොද බදන්න තියා හිතන්නත් අමාරුයි.ඒ තරම්ම ගස් විලායි. මම හිතන්නේ අවුරුදු දාහකටත් පැරණි ගස් සමහර නා ගස් ගස් නොවෙයි නා ගස් කැලෑවල් වාගේයි මහ රූස්ස ගස්නේ. මම ගැටයා සන්දියේත් ඔය ගස් ඔය වාගේ තමයි තිබුනේ. අපේ ලොකු අයියා උන්දෑ පන්සල පිළිබඳව මටත් වඩා කරුණු කරනා දන්නවා. උන්දෑ වට වන්දනාවේ ගිහිල්ලා නේ. මේ දොහේ…..

ඌරූමුත්තේ පියදාස මහතා 66 මෙසේ කියයි.

ඔය පොකුණේ තමයි රජතුමාගේ බිසවුරු නෑවාය කියන්නේ.රන් සෙම්බුවක්,රන් බේසමක්, රන් කඩුවක් එහෙම මේ පොකුණේ හංගලා කියාලා තමයි කියන්නේ.ඔය කතාව මගේ අප්පොච්චාට කියා දොඩා තියෙන්නේ තාත්තාගේ තාත්තා.

මහතුන් රණසිංහ මහතා 63 කිවේ තවත් අමුතුම කතාන්දරයකි.

රජතුමා හිටි මාලිග තැන්නේ සිට අනෙක් උස කන්දේ තමයි ගොඩි ගහක් තිබුනේ. ඒ කලයේ අපි ඒව්වා දැකලා තියනවා කොඩි තිබුණු තැන දිගටම දිග ගහක් තිබුනා. කණුවක් වාගේ මේකේ තමයි කොඩි ඔසවලා තියෙන්නේ ඇත්තේ කියාලා කියනවානේ. මුහුදේ යන නැව්වලට ශංඥාවක් දෙන්න හැදුවාය කියාලා තමයි අපේ තාත්තලා කියන්නේ දෙඩන්නේ……

ඒ තැනම නලාවක්ද, තිබුනා කියනවා කියාලා දෙඩනවා . පොකුණ වත්තේ පොකුණේ සමහර දවසට කෙම්පුර දවසට රෑට මහා ශබ්ධයක් එනවාය කියලා දොඩනවාය කියන්නේ. කන් බීරි කරවන ශබ්දයක් කියාලා තමයි අපේ තාත්තලා දොඩන්නේ කියන්නේ. ඒ ශබ්දයට බිය වෙලා ගමේ ඒ කාලයේ ගැහැණු දුවපු දවස් ද තිබුනා ලු……

යකඩ පෙට්ටියක්, රත්තරං බන්දේසියක් , රන් සෙම්ඹුවක් ද මෙහි මතු වෙනවාය කියාලා කියනවානේ. මේක රජු සැඟ වු නිධානයක් කියාලා කියනවා. රජතුමාගේ නිධානයෙන් කොටස් කොටස් එක් එක් තැනක නිධන් කරාලා තියනවා. පොකුණේ ද නිධන් කර තියනවාය කියාලා තමයි ජනප්‍රවාදයේ කියන්නේ.

මාලිග තැන්න පිහිටි ස්ථානයේ මහා ගල් පර්වත තියනවා. ගල් කුලුණු තියනවා. මේවායේ විවිධ සලකුණු ශංඥා තියනවා. ඊතල ගසා තියනවා. මලිග තැන්නේ අභිරස් හතු. හතු මත ඇති බැව් කියන රං කාසි කතාවක්ද තියනවා. පැන්තාලිය කියාලා තැනක් තියනවා. එය අද පාංචාලිය කියාලා තමයි දොඩන්නේ කියන්නේ. පහනේ ආලෝකය වැටුණු ස්ථානය පැන්තාලිය වු වා කියාලා කියනවා. රජු විසින් ඒ මේ දිසාවලට යන ජනතාවට පානිය ජලය සකස් කර තිබූ පැන් තාලියක් නිසා පාංචාලිය වුවා කියාලා ද සමහරු කියනවා දොඩනවා.

මලල්ගොඩපිටිය අසල විහාරස්ථාන භූමියේ උමඟක් තියනවා. ඒ මදිවාට ගලදෙනි කන්දේ ද වහළ දික්කුඹුර පාසලේ පැතේ කන්ද පැත්තේ ද මහා උමඟක් තියනවා. එතකොට අන්දුගොඩ ඇත්තඩිහේන, අන්දුගොඩ පුරාණ විහාරස්ථානය අසල කන්දේ පිහිටා ඇති මහා උමඟ, කොටිගල ගල,ගලදෙනි කන්දේ රජගල , පරගොඩ විහාරය, ද මේ සියල්ලම එකිනෙක්ට යම් යම් සම්බන්ධයක් තියනවා.

උපුල් විරරත්න 49,සුසන්ත රත්නවීර 45,ප්‍රභාත් කෝදාගොඩ 34,දයාසේන අබේසුන්දර 68,යන පිරිස ද අපට ගම ගැන මේ අරුම පුදුම සිදුවිම් ගැන කතා කරන්ට අදහස් දක්වමින් අප සමග මේ සංචාරයට එක්වුහ.

මාලිග තැන්නේ අභිරස් උමං, මාලිග තැන්නේ අභිරස් ගහ , සිහිනයෙන් රන්කාසි ගැන කියා රන් කාසි ගත් වයසක අම්මා කියන අපුරු කතාව , ගල යට මහා උමඟ, මහා ගලක සැඟ වූ රන් රිදි හැදි කාසි කතාව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *