ඇල්පිටිය අම්බලන්ගොඩ අනතුර
ලොරියක් වේගය පාලනය කර ගත නොහැකිව
සටහන හා ඡායාරූප සුනෙත් ගාල්ලගේ ගාල්ල 2018.03.22
ඇල්පිටිය අම්බලන්ගොඩ මාර්ගයේ ගමන් කල කුඩා ප්රමාණයේ ලොරියක් වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගය ආසන්නයේ තිබු වෙලඳ සැලකට කඩා වැදීම නිසා සිදු වු අනතුරකින් තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනෙකු රෝහල් ගත කර ඇත.
21 දින උදෑසන 12-1.00 ත් අතර මෙම අනතුර සිදුව ඇත. අදාල ලොරිය දළු ප්රවාහනය කරන ලොරියක් වන අතර එය ඇල්පිටිය අන්තයේ සිට පැමිණෙමින් තිබ අවස්ථාවේ මෙසේ අනතුරට භාජනය වී ඇත. අනතර නිසා වෙලද සැලේ තිබු භාණ්ඩ රැසකටද අලාභ හානි වී තිබිණි. මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ අනතරුට පත් වු ලොරි රථයේ රියදුරු සහ සහයකයාය.
ඔවුන් දෙදෙනාම අල්පිටිය රෝහලට ඇතුලත් කර අතර අසාද්ය තත්වයෙන් පසු වු රිය සහයකයා පසුව ගාල්ල කරාපිටිය රෝහලට මාර් කර යවන ලදී. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ඇල්පිටිය පොලිසිය විසින් සිදුකරනු ලබයි.
ඡායාරූප ඇත.