ආණ්ඩුවේ ප්රතිපත්ති ගැන විවාදයක්
එළැඹෙන 08 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට පක්ෂ නායකවරුන් තීරණය කර තිබේ.
කථානායක කරු ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන් අද (03දා) පැවැති පක්ෂ නායක රැස්වීමේදී ඒකාබද්ධ විපක්ෂය විසින් කරන ලද යෝජනාවට අනුව මෙම තීරණයට පැමිණ ඇත.
ඒ අනුව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ඉදිරි ප්රතිපත්ති සම්බන්ධයෙන් ප්රකාශයක් කිරීමට නියමිත අතර
මෙම ප්රතිපත්ති ප්රකාශය පිළිබඳ විවාදය එළැඹෙන 10 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇති බවත් දේශපාලන ආරංචි සදහන් කරයි.