ක්‍රිකට් ලෝක කුසලානය මැයි 30
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් 12 වැනි වරටත් සංවිධානය කරන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2019 මැයි මස 30 වැනිදා සිට ජූලි මස 14 වැනිදා දක්වා එංගලන්තයේදී හා වේල්සයේදී පැවැත් වීමට තීරණය කර තිබේ. 2019 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවේ පළමු තරගය ජුනි 1 වැනිදා නවසීලන්තයට එරෙහිව කාඩීෆ්හිදී පැවැත්වෙයි.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව එහි පෙරමුණේ රැදී සිටි කණ්ඩායම් අට මීළඟ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නිරායාසයෙන් සුදුසුකම් ලබා ගෙන ඇත. ඕස්ටේ්රලියාව, බංගලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පකිස්තානය, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව ඒ සදහා නිතරගයෙන්ම සුදුසුකම් ලැබූ රටවල් වෙති. මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම් 10 ක් ක්‍රීඩා කරන අතර ශ්‍රේණිගත කිරීම් අතරේ ඉදිරියෙන් සිටි කණ්ඩායම් 8ට අමතරව සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියකින් පසුව බටහිර ඉන්දිය කොදෙව් සහ ඇෆ්ඝනිස්ථානයත් ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායම් අතරට එක් වනු ඇති