කසිප්පු නිෂ්පාදනාගාර  දෙකක් වටලා සැකකරුවන්  දෙදෙනෙකකු හා කසිප්පු තොගයක් අත්අඩංගුව ගනී.

 

සුරාබදු අධිකාරිය හා විශේෂකාර්ය බලකාය එක්ව වැටලීම සිදු කරයි.

ගාල්ල සුරාබදු ස්ථානයේ හා ගාල්ල හියාරේ විශේෂ කාර්ය බලකාය විසින් ඒකාබද්ධව සිදු කල වැටලීමකදී වදුරඹ ඌරල කොඩිගල කන්ද රක්ෂිත වනාන්තරයතුළ කාලයක් තිස්සේ පවත්වාගෙන යමින් තිබූ කසිප්පු නිෂ්පාදනාගාර  දෙකක් වටලා සැකකරුවන්  දෙදෙනෙකකු මැයි මස 03 දින රාත්‍රියේදී  අත්අඩංගුවට ගනු ලැබීය.

සුරාබදු කොමසාරිස් ජනරාල් ආර්.සේමසිංහ මහතාට ලැබුන මහජන පැමිණිලි මත නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (මෙහෙයුම්) එම්.බී.වන්සූරිය මහතාගේ සහ දකුණු පළාත සහ සබරගමුව පළාත භාර සහකාර සුරාබදු කොමසාරිස් පී.එච්.සී. ද සිල්වා මහතාගේ උපදෙස් මත ගාල්ල සුරාබදු අධිකාරී එම්.ඩී.පී. සුනිල් ශාන්ත මහතාගේ හා විශේෂ කාර්ය බලකායේ ගාල්ල / හම්බන්තොට අණ දෙන නිළධාරී පොලිස් අධිකාරී නිශේධ ප්‍රනාන්දුගාල්ල සහකාර පොලිස් අධිකාරී ඒ.ඩී.ඩී.නෙත්තසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත ගාල්ල සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර මහතාගේ හා ගාල්ල හියාරේ විශේෂ කාර්ය බලකා කදවුරේ අණදෙන නිළධාරී පොලිස් පරීක්ෂක එම්..බී.බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් ගාල්ල සුරාබදු ස්ථානයේ හා ගාල්ල හියාරේ විශේෂ කාර්ය බලකා කදවුරේ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම ඒකාබද්ධ වැටලීම සිදු කරනු ලැබීය.

වෙසක් සතිය නිමිත්තෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්තුමාගේ උපදෙස් මත සුරා අපරාධ සම්බන්දව ජනතාවගේ පැමිණිලි බාර ගෙන ක්ෂණික වැටලීම් සිදු කිරීමට වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක ඇති අතර ජනතාවගෙන් ලැබුනු එවැනි පැමිණිල්ලක් අනුව ගාල්ල සුරාබදු ස්ථානය හා ගාල්ල හියාරේ විශේෂ කාර්ය බලකාකදවුර හා එක්ව මෙම වැටලීම සිදුකල බව ගාල්ල සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර මහතා පැවසීය.

මෙම කසිප්පු නිශ්පාදනාගාර වනාන්තරය මැද රාත්‍රී කාලයේ පවත්වාගෙන යමින් තිබූ අතර නිලධාරීන් රාත්‍රීයේ විදුලි පහන් හෝ නොදල්වා අදුරේම වනාන්තරය තුලට ගමන් කර කසිප්පු පෙරමින් සිටියදීම මෙම සැකකරුවන් අත් අඩංගුවට ගනු ලැබීයවිෂකුරු සතුන් සර්පයන් හා බදින තුවක්කු ආදියෙන් අනතුරු සිදුවිය හැකි වුවත් නිළධාරීන් ඒ අවධානම නොතකා ඉතා කැපවීමෙන් මෙම වැටලීම සාර්ථක කරගනු ලැබීය.

 

මෙහිදී නීති විරෝධී ගෝඩා මිලි ලීටර් 1,280,000 ක්ද නීති විරෝධී ලෙස පෙරන ලද ස්ප්‍රීතු මිලි ලීටර් 24,650 ක්ද කසිප්පු පෙරීමට  උපයෝගි කරගන්නා ලද තහඩු බැරල් 8 ක්ද , තඹ දගර දෙකක්ද ආදී උපකරණද අත්අඩංගුවට  ගනු ලැබූ අතර අත් අඩංගුවට ගනු ලැබූ භාණ්ඩ වල වටිනාකම රුපියල් ලක්ෂ 5 ක් පමණ වේමෙසේ පෙරණු ලබන කසිප්පු වදුරඹබද්දේගමමාපලගමඋඩුගමකොට්ටවයක්කලමුල්ල යන ප්‍රදේශ වලට බෙදාහැරීමට සූදානම් කල බව ප්‍රශ්ණ කිරීම් වලදී හෙලි විය. සැකකරුවන් රුපියල් 50,000/- ක සුරාබදු ඇප මත මුදාහැරුනු අතර ඔවුන්ට එරෙහිව බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතය.

මෙම වැටලීම සදහා ගාල්ල සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර,  සුරාබදු පරීක්ෂක අසංක කල්‍යාණප්‍රිය, සුරාබදු සැරයන් මේජර් තිලකරත්න, සුරාබදු නියාමක 1072 රජිත මිහිරංග, සුරාබදු නියාමක 1191 බුද්ධික වික්‍රමසිංහ යන ගාල්ල සුරාබදු ස්ථානයේ නිළධාරීන් හා ගාල්ල හියාරේ විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් වන කදවුරු අණදෙන නිළධාරී පොලිස් පරීක්ෂක  එම්.ඒ.බී.ඒ.බණ්ඩාර, උපපොලිස් පරීක්ෂක ආර්.එම්...එස්.අළුත්ගෙදර,පො.සැ.3430 කුලසිංහ, පො.කො.11049 සිංහතිලක, පො.කො.668877බණ්ඩාර යන නිළධාරීන් සහභාගි වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *