ඡන්ද ලක්ෂ 05ක් ආන්ඩුවට අහිමි වෙයි ද? නැද්ද? තීරණය ජනපති සතුයි!

දකුණු පළාත් යතුරුපැදි අලෙවි නියෝජිතයන්ගේ සංසදයේ මාධ්‍ය හමුව

මෙම වසරේ මාර්තු මාසයේ සිට යතුරුපැදි ආනයනය තාවකාලිකව අත්හිටුවා ඇති බවත්, එය මුලින්ම මාස 03 ක කාලයකට පමණක් වලංගු බව දන්වා තිබුනද කිසිදු දින නියමයකින් තොරව මෙම තහනම දීර්ඝ කිරීම නිසා දිවයින පුරා සිටින යතුරු පැදි අලවි නියෝජිතයින් ඇතුළු එම පවුල් වල සාමාජික සාමාජිකාවන් ලක්ෂ 05 ක පමණ පිරිසක් අපහසුතාවයකට පත්ව ඇති බව දකුණු පළාත් යතුරුපැදි අලෙවි කරුවන්ගේ සංගමය පවසයි.

යතුරුපැදි ආනයනය තාවකාලිකව අත්හිටුවීම නිසා ඇති වී ඇති ගැටළු පිළිබද දැනුවත් කිරීමට දකුණු පළාත් යතුරුපැදි අලෙවි නියෝජිතයන්ගේ සංසදය විසින් පසුගිය (27) වන දින පැවැත් වු මාධ්‍ය හමුවේ දී  ඔවුන් මෙම කරුණු අනාවරණය කරන ලදී. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු දකුණු පළාත් යතුරුපැදි ආනයන කරුවන්ගේ සංගමයේ විධායක කමිටු සමාජික අසිත පෙරේරා මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය, “රජයේ මෙම තීරණය නිසා මෙරට සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර කේෂ්ත්‍රය නියෝජනය කරන යතුරුපැදි අලෙවි නියෝජිතයන්, සේවා නියෝජිතයන්, කඩ හිමියන්, එම අංශයේ වැඩ කරන සේවකයන් හා ඔවුන්ගේ යැපෙන්නන් ඇතුළු ලක්ෂයකට අධික පිරිසකගේ ජිවනොපයට ඉදිරියේදී  දැඩි බලපෑම් එල්ල වී තියෙනවා. දැනටතිබෙන යතුරුපැදි තොග ප්‍රමාණවත් වන්නේ මෙම මස අලෙවියට පමණයි. අගෝස්තු මාසයේ සිට ව්‍යාපාරය ඉදිරියට කරගෙන යාමට නොහැකිතත්ත්වයක් උදාවී තියෙනවා. අපිට අපේ  සේවකයන්ගේ වැටුප් හා දීමනා සහ කඩ හිමියන්ගේ කඩ කුලී ගෙවීම අපහසු තත්ත්වයක් උදාවෙලා තියනවා.” අද මෙම ප්‍රශ්නය විසදුනත් තව මාස 03 ක් පමණ යනවා මෙය යථා තත්වයට පත්වෙන්න.

යතුරුපැදි පාරිභෝගිකයා කියන්නේ සමාජයේ අඩු ආදායම් ලාභියෙක් ඔවුන් යතුරුපැදියක් මිලදී ගන්නේ තම දෛනික අවශ්‍යතා ඉටුකරගැනීමේ අරමුණින් . තවත් පාරිභෝගිකයින්ගෙන් 35% කට වැඩි ප්‍රමාණයක් යතුරුපැදි මිලදී ගන්නේ ඔවුන්ගේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තයට උරදීමේ අරමුණින් බව ද ඒ මහතා දුරටත් පැහැදිලි කරන ලදී.

එමෙන්ම කොරෝනා වසංගතයත් සමග පොදු ප්‍රවාහන සේවා තුල ඇති සිමාවන් හා සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති සමාජ දුරස්තභාවය රැකගැනීමට දයතුරුපැදිය හොදම සහ කාලෝචිතම විසදුම බව ඔවුන් ප්‍රකාශ කරයි.

මෙම තත්ත්වය පිළිබද ඔවුන් අදාල සමාගම් වෙතින් විමසීමේදී එම සමාගම් පවසා ඇත්තේ, ඔවුන් මේ පිලිබදව අදාල පාර්ශව සමග දිගින් දිගටම සාකච්ජාහා ලිඛිත දැනුවත් කිරීම් කර ඇති බවත්, එම පාර්ශව වෙත ප්‍රයෝගික යෝජනාවක් ඉදිරිපත් කර ඇතත් එයට නිසි ප්‍රතිචාර තවමත් ලැබී නැති බවයි.

එසේම දැනට යතුරුපැදි ආනයන සමාගම් මේ වන විට විදේශ රටවල් සමඟින් සාකච්ඡා කර මාස 06 කට පසු මුදල් ගෙවීමේ පදනම මත යතුරුපැදි ලබා ගැනීමට සාකච්ඡා කර තියෙනවා. එවිට රටින් පිටතට මුදල් යන්නේ තවත් මාස 06 කට පසුවයි. කේෂ්ත්‍රයෙන් යැපෙන ලක්ෂයකට අධික පිරිස ගැනසලකා බලා යතුරුපැදි ආනයනයට යලිත් ඉඩ සලසා දෙන අපි ඉල්ලා සිටින බවත්  එසේ නොකළහොත් ඔවුන් දීර්ඝ කාලයක් කරගෙන ආ ව්‍යාපාරය හා ඒමත වූ යැපෙන්නන් මහ මගට ඇද වැටෙන තත්ත්වයක් උදාවන බව ඔවුන් අවධාරණයෙන් ප්‍රකාශ කර සිටියි.

එසේම මේ තත්වය මත ඉදිරියේ දී යතුරුපැදි හා අමතර කොටස් මිල ඉහල යාමේ ප්‍රවනතාවක් ද ඇති විය හැකි බවත් ඒ නිසා තවත් විශාල පිරිසකට සිය රැකියා අහිමිවීමේ අවධානමක් පවතින බව ද මෙහි දී වැඩිදුරටත් පැවසීය.

මෙම මාධ්‍ය හමුවට දකුණු පළාතේ සියලුම යතුරුපැදි සන්නාම නාමයන් හා සෑම අංශයකම අලෙවි නියෝජිතයන් නියෝජනය කරමින් 350 කට අධිකපිරිසක් සහභාගී වූ අතර ඔවුන් මෙම ගැටලුවට අදාල පාර්ශවයන්ගෙන් කඩිනමින් විසදුමක් බලාපොරොත්තු වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *