ත්‍රීකුණාමලය ශ්‍රීලනිප සංවිධායිකා ආරියවතී ගේ පුතා මාධ්‍යට තග දමයි

ත්‍රීකුණාමලය දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායිකා ආරියවතී ගලප්පත්ති මහත්මියගේ පුතා විසින් අද දින බස් රථ අනතුරක් සම්බන්ධයෙන් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියෙකුට තර්ජනය කරමින් එම අනතුර වාර්තා නොකරන ලෙස බපලපෑම් කරමින් කළහ කාරී ලෙස හැසිරී ඇත කොළඹ සිට ත්‍රීකුණාමලය බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් කන්තලේ ප්‍රදේශයේදී මැයෙන් ඉවතට පැන අනතුරකට ලක්වීම සමබන්ධයෙන් වාර්තා කිරීමට අදාල මාධ්‍යවේදියා එම ස්ථානයට ගිය අවස්ථාවේ ආරියවතී ගලප්පත්ති මහත්මියගේ පුතා යයි කියනා පුද්ගලයා විසින් මාධ්‍යවේදියාගේ හැදුනුම් පත උදුරාගෙන ඇත එම අවස්ථාවේ එම ස්ථානයේ රාජකාරී කල පොලිස් නිධාරීන්ටද තර්ජනය කරමින් මාධ්‍යවේදිය එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස දැනුම්දී ඇත

එම පුත්‍රයා සමග පැමිණි කණ්ඩායමේ පිරිසද මාධ්‍යවේදියාට සිද්ධිය වාර්තා නොකරන ලෙස තර්ජනය කර ඇත කොළඹ ත්‍රීකුණාමලය මාර්ග අංක නොමැතිව අවසරයක් නොමැතිව සිදුකන සුඛෝප භෝගී බස් රථ ධාවනයක් සම්බන්ධයෙන් වාර්තා වී ඇත අනතුරට පත්වූ ආරියවතී ගලප්පත්ති මහත්මියට අයත් බස් රථයේ ද මාර්ග බලපත්‍ර නොමැති බව අනාවරණය වී ඇත මෙවැනි බස්රථ අටක් පමණ කොළඹ ත්‍රීකුණාමලය අතර බලපත්‍ර නොමැතිව ධාවනය වන බව අනාවරණය වී ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *