බොරළුගොඩ සිංහයා රට පවා දුන් බවට සමාජ ජාලා කියයි!!!

බොරළුගොඩ සිංහයා යන නාමයෙන් විරුදාවලිය ලත් පිලිප් ගුණවර්ධන නාමය වර්තමානයේ හිමිකම් කියන විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ජිනීවා මානව හිමිකම් කොමිසම් හමුවේ ශ්‍රී ලංකාව බහු ජාතීන් නියෝජනය කරන බහු ආගමිකයන් ජීවත්වන රටක් වශයෙන් පෙන්වා දෙමින් ජිනීවා සමුළුවේදී කල ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා මගින් දැඩි විවේචන එල්ල වෙමින් ඇත

මෙරට දී සිංහලයාට මුල් තැන දීමත් විදේශයන්හිදී ලංකාව බහු ආගමික ජාතික රටක් වශයෙන් හදුන්වාදීම දෙබිඩි පිළිවෙතක් බව අදාල වාර්තා මගින් පෙන්වා දෙයි රට තුලදී පමණක් සිංහල ජාතිය සහ බෞද්ධ ආගම කථාකරන දේශප්‍රේමීන් බව සමාජ මාධ්‍ය ජලාවල දැඩි දෝෂ දර්ශනයට දිනේෂ් ගුණවර්ධන මහතා මහතාගේ ජිනීවා ප්‍රකාශය සම්බන්ධයෙන් වාර්තා පළවෙමින් ඇත

කෙසේ හෝ දිනේෂ් ගුණවර්ධන මහතා රටේ සැබෑ විවූහය ලෝකයා හමුවේ සදහන් කිරීම තුලින් රටක් ලෙස ලෝකයා ඉදිරියේ අපේ රට කොන්වීම වලක්වා ඇති බව පැහැදිළිය දිනේෂ් ගුණවර්ධන මහතා සිංහල සමාජය නියෝජනය කලද රටක් ලෙස විදේශ අමාත්‍ය වරයකුගේ රාජ්‍ය තාන්ත්‍රික පරිනත භාවය සමගින් ඉහත ප්‍රකාශය සිදු කර ඇත එහෙත් මෙරට දැඩි මතධාරීන් සමග එකතුව මැතිවරණ ව්‍යාපාරයේ නිරත දිනේෂ් ගුණවර්ධන මහතා සිදුකල ප්‍රකශය එම මට්ටමේ දේශපාලන ධාරාවට තේරුම් ගැනීමට කාලය එළඹ ඇති බව පසක් කිරීමකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *