ඉතිං පැනපු අයට නම් ඉතින් අඹ සරණයි.!!!

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා

එජාප ආණ්ඩුක් ආවම රටත් ඉවරයි ජාතියත් ඉවරයි ජාතික සම්පත් ද ඉවරයි. මේක රැක ගන්න තමයි අපිට දැන් සිදුව තියෙන්නේ. දැන් ඉතින් ප්‍රජාතන්ත්‍රවාදය කොහොම වෙතත් ඩයිනමෝ ටිකයි!ජලාශ ටිකයි! ට්‍රාන්ෆෝමර් ටිකයි! විදුලි බලමණ්ඩලේ!නොරොච්චෝලේ ඇතුළු ජාතික සම්පත් ටික බේර ගන්න ලොකු ගේමක් දෙන්න වෙන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

20 දින මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා මෙසේ ද පැවසීය.

සාමාන්‍ය යෙන් එජාප ආණ්ඩුවක් ආවම කෙහොමත් ජාතික සම්පත් ටික බේර ගන්න එක ලේසි නෑ. නමුත් දැන් මහ බැංකුවට වුන දේ තමයි මේ ඩයින මෝ ටිකයි, ජලාශ ටිකයි, ට්‍රාන්ෆෝමර් ටිකයි, විදුලි බල මණ්ඩලේ, නොරොච්චෝලේ ට වෙන්න යන්නේ. තව ටික කලකින් මේ ආයතන වල ලොකුම හොරකම වුනා කිව්වොත් ඒක ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නෑ. ලංකාවේ ලොකුම හොරකම වුනා කියලා ඇමති කම් වලින් අයින් කරපු අයටත් මේ කැබිනට් එකේ ඇමති කම් තියනවා. පැනපු අයට නම් ඉතින් අඹ සරණයි.

පසුගිය කාලය එජපය වෙනුවෙන් ගිරිය යටින් කෑ ගහපු අය කියන්න තියෙන්නේ දැන් ඔයාලගේ රජකාරිය ඉවරයි. නැවත නිවෙස් කරා යන්න. අවශ්‍ය වුනොත් ආයිත් විපක්ෂයට ගිය දවසක ඔබ අමතන්න නම් කියලා. අපි ඒ අය ට ඔය කතාව ඒ දවස් වල කිව්වා. නමුත් ඉතින් දැන්වත් රනිල් ගේ තත්වය තේරුම් ගන්න කියලා අපි කියනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *