ශ‍්‍රී ලංගම සේවකයින් කොරෝනා වෙනුවෙන් කැපකිරීම් කළා මාසික වැටුප කපන්න එපා

බෝගහගොඩ ඒ.ඩබ්ලිව්. ඒ නිමල් 2020.05.11

ශ‍්‍රී ලංගම සේවකයිනගේ මාසික වේතනයෙන් කිසිඳු මුදලක් පරිත්‍යාග සිදුකරන මුවාවෙන් නීති විරෝධී ලෙස අයකර නොගන්නා ලෙස ඉල්ලා සිටික බැව්  සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමයේ ලේකම් සේපාල ලියනගේ මහතා නිවේදනයක් කිතුත් කරමින් පවසයි.

සියලූම රජයේ සේවකයන්ගේ මාසික වේතනයෙන් රටේ පවත්නා තත්වය පදනම් කරගෙන යම් මුදලක් ඉල්ලා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ලිපියක් නිකුත් කර ඇත. ශ‍්‍රී ලංගම සේවකයින් මේ මොහොතේ පත්වී ඇති ආර්ථික අසීරුතාවය නිසාම එවැනි පරිත්‍යාගයක් සිදු කිරීමට ඔවුනට කිසිසේත්ම නොහැකිය. මේ මොහොත වන විටත් අත්‍යාවශ්‍ය සේවාවන් වල සේවකයින් ප‍්‍රවාහනය කරනු ලබන්නේ ශ‍්‍රී ලංගම සේවකයින් වුවත් ඔවුනට මුඛ අවරණ.

අත්වැසුම්, වෙනත් වෛද්‍ය පහසුකම්, දිරි දීමනා කිසිවක් විධිමත්ව අඛණ්ඩව ලැබෙන්නේ නැත. එම සේවකයන්ට අත්වියහැකි ජීවිත අවධානම පවා නොතකා ඔවුන් එම කාර්යය සිදුකරයි . රණවිරුවන් සුවවිරුවන් ගැන වර්ණනා කරන ඔබතුමා ඇතුඵ ආණ්ඩුව සහ මාධ්‍ය ආයතන ලංගම විරුවන් ගැන කිසිදු ඇගයීමක් සිදු කරන්නේ නැත.

පී. බී. ජයසුන්දර මහතා මුදල් අමාත්‍යාංශ ලේකම් වශයෙන් ක‍්‍රියාකළ කාලයේ දී ශ‍්‍රී ලංගමයට ලබාදිය යුතු මූල්‍ය ප‍්‍රතිපාදන හිතාමතාම ලබානොදී ශ‍්‍රී ලංගමය විනාශ කිරීමට ක‍්‍රියා කළ අතර ඒකාබද්ධ කාලසටහන් ක‍්‍රමවේදය ශ‍්‍රී ලංගමය තුළ ක‍්‍රියාත්මක කර ශ‍්‍රී ලංගමයේ මලගම සිදු කිරීමට ද ක‍්‍රියාකළ පුද්ගලයෙකි. මීට අමතරව ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය විනාශ කළ ආර්ථික ඝාතකයෙකු ලෙස දැනට ඔබතුමාගේ ආණ්ඩුවේ ඇමතිවරුන් ඔහු නම්කර ඇත. ජයසුන්දර මහතා ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂයන් යටතේ ඔහුගේ පුද්ගලික ඉල්ලීමක් වශයෙන් මෙම ඉල්ලීම සිදුකර ඇති අතර එයද ප‍්‍රශ්න සහගතය.

ශ‍්‍රී ලංගම සේවකයින් මේ මොහොතේ අත්වි`දින ආර්ථික අපහසුතාවය මත ජයසුන්දර මහතාගේ පුද්ගලික ඉල්ලීම කිසිසේත්ම සිදුකළ නොහැකි අතර පරිත්‍යාගයන් සිදුකරන මුවාවෙන් ශ‍්‍රී ලංගම සේවකයන්ගෙන් නීතිවිරෝධී ලෙස බලහත්කාරයෙන් මුදල් අයකරගැනීමක් සිදුකළ හොත් ඊට විරුද්ධව ගතහැකි උපරිම වෘත්තීය ක‍්‍රියාමාර්ගයන් සහ අධිකරණ ක‍්‍රියාමාර්ගයන් ගැනීමට සිදුවන බවද අප සංගමය ඔබතුමාට වගකීමකින් යුතුව දන්වා සිටින්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *