ඒකාබද්ධයේ රැළියයේදී පොලිස් නිළධාරීන්ගේ අහාර දීමනාව කපයි

ගාල්ල දක්වා පැමිණි මගීන් ප්‍රමාණය ගණන් කිරීම

ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් සංවිධානය කරන ලද මැයි රැලියේ ආරක්ෂාව සදහා යොදවා සිටින පොලිස් නිලධාරීන්ගේ වැටුපෙන් ඔවුන්ගේ ආහාර වියදම් සදහා රුපියල් 450/- ක මුදලක් අඩු කරගන්නා බව සහකාර පොලිස් අධිකාරි සතිෂ් ගමගේ මහතා විසින් ඇල්පිටිය පොලිස් අධිකාරි කොට්ඨාශය වෙත දැනුම් දී තිබේ.

ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී අද (07) දින පවත්වන ලද මෙම මැයි රැලිය සදහා ඇල්පිටිය පොලිස් අධිකාරි කොට්ඨාශය නියෝජනය කරමින් එම කොට්ඨාශයේ පොලිස් ස්ථාන 12 ට අයත් නිලධාරීන් 300 කට ආසන්න පිරිසක් යොදවා තිබේ.

ඊයේ (06) සවස විශේෂ පොලිස් පනිවුඩයක් ලෙස පොලිස් රේඩියෝ මැසේජ් ක්‍රමය හරහා මෙම දැනුම් දීම කර තිබෙන බව ඇල්පිටිය කොට්ඨාශයේ පොලිස් නිලධාරීහූ ප්‍රකාශ කළේය. එම පනිඩුඩය පොලිස් ස්ථානයන්හි කාර්යය භාර නිලධාරීන් විසින් පොලිස් පනිවුඩ පොතේ සටහන් කර එම අවස්ථාවේදීම අදාල පොලිස් නිලධාරීන්ට දැනුම් දීමට කටයුතු කර තිබෙන බව දැනගන්නට තිබේ.

සහකාර පොලිස් අධිකාරි සතිෂ් ගමගේ මහතා ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මැයි රැලියේ පොලිස් නිලධාරීන්ගේ සුභ සාධන කටයුතු බාර ප්‍රධාන පොලිස් නිලධාරියා වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුව විසින් පත් කර ඇත. මෙම සුභ සාධන කටයුතු භාරව එහි දෙවැනියා ලෙස කටයුතු කරන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ලාල් මහතාය. ඔහු සියළු පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ මැයි රැලියේ ආරක්ෂාව සදහා යොදවා සිටින සියළු පොලිස් නිලධාරීන්ට අවශ්‍ය සියළු ආහාර පාන මැයි රැලියේ සංවිධාන මණ්ඩලය විසින් සපයන බව දැනුම් දුන් බවයි.

මැයි රැලියේ සංවිධායක මණ්ඩලය ආරක්ෂක කටයුතු වල නිරත සියළු පොලිස් නිලධාරීන්ට ආහාර පාන නොමිළයේ ලබාදෙන තත්ත්වයක් තුල ආහාර පාන වෙනුවෙන් රුපියල් 450/- ක මුදලක් වැටුපෙන් අයකර ගැනීමට සැලසුම් කිරීම ඉතාම අසාධාරණ බව මැයි රැලියේ ආරක්ෂක කටයුතු වල නිරත පොලිස් නිලධාරීහු ප්‍රකාශ කරති. මෙම පනිවුඩය ඊයේ (06) දිනයේම ලබාදීම තුලින් මැයි රැලියේ ආරක්ෂක කටයුතු වල නිරත වීමේ මැලි කමක් පොලිස් නිලධාරීන් තුල ඇති කල බවත් එය සැලසුම් සහගතව කරන ලද්දක් බවක් පොලිස් නිලධාරීන් කීප දෙනෙකුම ප්‍රකාශ කළේය.

එයට අමතරව දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගාල්ල දක්වා පැමිණි මගීන් ප්‍රමාණය ගණන් කිරීමේ කාර්යයද පොලීසිය විසින් සිදු කර තිබෙන බව පොදු ජන පෙරමුණේ ප්‍රකාශකයෙකු සදහන් කළේය. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල, පින්නදූව පිවිසුමේදී මැයි රැලියට පැමිණෙන බස්රථ වලට අද (07) දිනයේදී පොලිස් නිලධාරීන් ගොඩ වී මගීන් සංඛ්‍යාව ගණන් ගන්නා බවද එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය. ඉහළින් ආ නියෝගයක් මත මෙසේ පැමිණි පිරිස ගණන් ගන්නා බව ඒ පිළිබදව සොයා බැලීමේදී පොලිස් නිලධාරියෙකු තහවුරු කර ගැනීමට හැකි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *