කොළඹට සහ ගම්පහට ශ්‍රීලනිපය තනිව තරග කිරීමේ තීරණයක

ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරග කිරීමට හෙට දිනයේ රැස්වී අවසන් තීරණය ගන්නා බවට වාර්තා වී ඇත කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන්ද ශ්‍රීලනිපය වෙනම තරග කිරීමට සන්ධ්‍යාවේ තීරණය කල බවට වාර්තා වෙයි ඒ අනුව මෙරට වැඩිම ඡ න්ද දායකයන් පිරිසක් වෙසෙන දිස්ත්‍රික්ක දෙක වෙනුවෙන් ශ්‍රීලනිපය තනිව තරග කිරීමට තීරණය කර ඇත කුරුණෑගල දිස්ත්‍රික්කය සහ තවත් දිස්ත්‍රික්ක කීපයක්ද ශ්‍රීලනිපය තනිව තරග කරනවාද නැද්ද යන්න ඉදිරි දින කිහිපයේදී තීරණය කරන බව ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රසන්න රණතුංග විසින් තම අපේක්ෂකයන් ලැයිස්තුව නාමයෝජනා සදහා නම් කර ඇති අතර ශ්‍රීලනිපයට එක් අයෙකුට පමණක් අවස්ථාව වෙන්කර ඇති නිසා මෙම අර්බුධය හටගෙන ඇත මුලින් ශ්‍රීලනිපයට තිදෙනෙකු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන බවට පොරොන්දු වූ බවත් පසුව එය දෙක දක්වා අඩු වූ බවත් අවසානයේ එක් අයෙකුට පමණක් අවස්ථාව ලබාදිය හැකි බව පොහොට්ටුව පාර්ශවයෙන් යෝජනා කිරීම හරහා මෙම අර්බුධය හටගෙන ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *