“ගම්පහ ජන බලය කොඩිය වටා එක්කරනවා”ශ්‍රීලනිප සංවිධායිකා සුනේත්‍රා සමරකෝන් කියයි

ගම්පහ දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කිරීමට ලොකු බලාපොරොත්තුවක සිටියේ එම අවසථාව අවස්ථාවාදී දේශපාලන නායකයන් විසින් මග හැරීම හරහා මගේ ගමන නවතන්නට උත්සහ කලත් අපිව එහෙම නවතන්න බැරිබව කියන්න කැමතියි මගේ දේශපාලන ගමන පටන් ගැනීමට සුදුසුම තැනින් පටන් ගත්තා රට ජාතිය වෙනුවෙන් හැමදාම පෙනී සිටියේ මහා සංඝ රත්නය ඒ නිසා තමයි මේ රට මෙතරම් හරි ආරක්ෂිතව තියෙන්නේ

අද ගම්පහට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කර තියෙන කණඩායම දිහා බැලුවම හිතෙනවා මම තරග නොකළ එක හොදයි කියලා අපි මිනිසුන් ලෙස සමාජයට යමක් කරපු අය අද බලන්න මීරිගම ආසනයට පොහොට්ටුවෙන් ඉදිරිපත් කරලා තියෙන අපේක්ෂිකාව ගමේ ජනතාවගේ දුකේදී හිටියද ජනතාවට මොනවද කරලා තියෙන්නේ මම දේශපාලනයට ඇවිත් කෙටි කාලයකින් මීරිගම ජනතාව ආකර්ෂණය වෙන්න අමුතු දෙයක් කලේ නැහැ

හැබැයි මම මිනිසුන් වෙනුවෙන් ඔවුන්ගේ දුකේදී ලගින් හිටියා ඒ නිසා මීරිගම ජනතාව කෙටි කලකින් මා සමග අත්වැල් බැද ගත්තා අපි දේශපාලනයට ආවේ ගමට ප්‍රදේශයට සේවයක් කරන්න අද මීරිගම මිනිසුන් දන්නවා අවස්ථාවාදී දේශපාලනයක් කලේ කවුද කියලා මම ඉතා පැහැදිලිව කියනවා එදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරන්න අපි මීරිගම ගෙයක් ගෙයක් ගානේ ගියා එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් දිවා රෑ නොබලා වැඩ කළා

ඒ වෙලාවේ ඔය සංවිධායිකාවන් හිටියේ කොහේද මීරිගම හිටියෙත් නැහැ හැබැයි අපි අපේ වැඩේ හරියට කළා මෙවරත් එහෙමයි අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාගේ වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට ගෙනියන්න පුළුවන් හොද මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුට මෙවර යවමු

එතුමාට රට හරි දිසාවට ගෙනියන්න අපි සහය දෙනවා එතුමා බලපොරෝතුවන පාර්ලිමේන්තුව අපි හදල දෙමු හැට නවලක්ෂයක් ජනතාවගේ බලාපොරොත්තුව අපි සියලු දෙනා එකතු වෙලා යථාර්ථයක් කරමු ඒ වෙනුවෙන් ගම්පහින් කොඩිය ලකුණ ඉහළට ඔසවන්න කියලා සකලවිධ ප්‍රගතිශීලී ජනතාවට මම ආරාධනය කරනවා

ගම්පහ දිස්ත්‍රික්කයේ මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අපේ ජනබල පක්ෂය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන ස්වාමීන්ගේ නායකත්වයෙන් අද දින නම යෝජනා භාරදෙන ලදී එම ලැයිස්තුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සැම මැතිවරණ කොට්ඨාශයක් ම නියෝජනය වන පරිදි අපේක්ෂකයින් ඉදිරිපත් කර ඇත එම පක්ෂය නියෝජනය කරමින් පරිසරය ගැන නිතර කථාකරන පාහියන්ගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේ තරග වදින අතර අනෙකුත් අපේක්ෂකයන් අතරින් කැපී පෙනෙන චරිත රැසක් මෙවර තරගයට ඉදිරිපත් කර ඇත

ඒ අතරින් මීරිගම ආසනයේ ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායිකා සුනේත්‍රා සමරකෝන් මහත්මිය කැපීපෙනෙන අපේක්ෂිකාවක් බවට පත්ව ඇත ඇය මීරිගම දිවුලපිටිය සහ අත්තනගල්ල අසන නියෝජනය කරමින් පසුගිය කාලය පුරාම විශාල මැතිවරණ යාන්ත්‍රණයක් ගොඩනගන ලදී ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ශ්‍රීලනිපයෙන් තරග කිරීමට අවස්ථාව ලැබෙන බව සදහන් කර තිබීම නිසාය

මීරිගම පොහොට්ටුවේ සංවිධායිකා කෝකිලා ගුණවර්ධන පවා අභිබවමින් ජනප්‍රිය චරිතයක් ලෙස එම කලාපයේ පෙරට පැමිණීම නිසා සුනේත්‍රා සමරකෝන් වෙත අපේක්ෂකත්වය නොලැබීමට පවා ඉවහල් වන ලදී රතන හිමියන් ඇතුළු කණ්ඩායම් කොඩිය ලකුණින් මෙවර ගම්පහ දිස්ත්‍රික්කයට ඉදිරිපත්වීම හරහා පොහොට්ටුවේ දේශපාලනයේ කිසියම් තැතිගැන්මක් ඇතිවීම වැළකිය නොහැකි තත්වයක් නිර්මාණය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *