රුවන් රණතුංග ශ්‍රීලනිප සංවිධායක දූරය අත්හරී ද???? // වීඩියෝ සහිතයි

පක්ෂයක් ලෙස වැඩ පිළිවෙලක් නැතිනම් මේ ගමන යන්න බැහැ

මම දේශපාලන ක්‍රියාවලිය ආරම්භ කලේ ජනතාවට සේවය කිරීම අරමුණෙන් මම මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරපු කාල සීමාව තුල මන්ත්‍රී වැටුප නොගෙන ඒ සියල්ල ගම්පහ ප්‍රදේශයේ අසරණ ජනතාව වෙනුවෙන් බෙදා දුන්නා මේ දේශපාලනයෙන් එක රුපියලක් හම්බ නොකරපු මට මුදලට තනතුරු තාන්න මාන්න වෙනුවෙන් පක්ෂ මාරු කරනවා කියල චෝදනා කරන්න බැහැ.මම එදත් අදත් ඉන්නේ එක මතයක ඒ තමයි මගේ පියා රෙජී මහත්තයා ගිය දේශපාලන ගමන යන්න එතුමා හැම වෙලාවේම කිවුවේ මොන තනතුරු තාන්න මාන්න තිබුනත් ජනතාවට සේවයක් කරන්න බැරිනම් වැඩක් නැහැ කියලා එම ප්‍රතිපත්තිය මම ඉහළින්ම අගය කරනවා.

මම හිතුවේ දේශපාලනය කියන්නේ පිරිසුදු තැනක් කියලා හැබැයි එතුලට අවට පස්සේ තමයි තේරුණේ දේශපාලනය කියන්නේ මඩ ගොහොරුවක් කියලා 2015 මැතිවරණයෙන් පස්සේ අපේ පක්ෂයේ නායකත්වයේ වෙනසත් සමග අපි දේශපාලන වශයෙන් අර්බුධ රැසකට මුහුණ දුන්නා අපි බොහොම ඉවසීමෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අපිට හැප්පෙන්න වුණේ පොහොට්ටුව එක්ක අපේ කටවුට් කපල අවලාද නගල තමයි මේ මිනුවන්ගොඩ දේශපාලන කලේ.ජාතික ආණ්ඩුවක් තිබුණා ශ්‍රීලනිප ඇමතිලා කීදෙනෙක් සිටියද අපිට මොන ඇමති ද වුදව් කලේ අපි ආණ්ඩුවේ නියෝජිතයෝ ජනාධිපතිගේ නියෝජිතයෝ අපිට මොනවද ලැබුණේ.

මම බොහොම කළකිරීමෙන් ඉන්නේ ජනාධිපති තුමාගේ ලේකම් වරයෙක් මට ලැයිස්තුවක් දීලා කැමති තනතුරක් ගන්න කීවා මට එහෙම තනතුරු වලින් වැඩක් නැහැ .මට තවත් බලන් ඉන්න බැහැ අපි ඉවසීම දැන් ඉවරයි මට මිනිහෙකුට පිහිට වෙන්න බැරිනම් මේ තනතුරින් වැඩක් නැහැ අපි පක්ෂය ගොඩනගන්න තමයි ඉදිරිපත්වුණේ එහෙත් දැන් පක්ෂයේ ඉදිරිගමන පැහැදිලි නැහැ.

මගේ මතය මේ සංවිධායක දුරයෙන් ඉවත් වෙනවා වැඩ පිළිවෙලක් නැතිනම් මේ ගමන යන්න බැහැ ,මට පසුගිය මැතිවරණයේදී ප්‍රසන්න රණතුංග මත්තයා සමග යන්න තිබුණා එතුමා පක්ෂය සමග නොසිටි නිසා තමයි මම වෙනම ගියේ මට එතුමා සමග ගියානම් දිනන්න තිබුණා මට ජයග්‍රහණයට වඩා පක්ෂය සහ ප්‍රතිපත්ති වෙනුවෙන් කටයුතු කරන්නයි අවශ්‍ය වුණේ අපිට බලය නැතිව ඉන්න පුළුවන් අපි විපක්ෂයට ගිහිල්ලා ඉන්න පුළුවන් මට පසුගිය මහ මැතිවරණයේදී වෙනත් පක්ෂයකින් ආරාධනය අවා මට තනතුර නොවෙයි අවශ්‍ය ජනතාවට සේවය කිරීම පමණයි ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිනුවන්ගොඩ ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක රුවන් රණතුංග මහතා විශේෂ බලමණ්ඩල රැස්වීමේදී මෙම අදහස් පළකරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *