ගම්පහ පොහොට්ටුව සමග ශ්‍රීලනිපය ගම්පහ දීගය අවසන් කරයි!!!

මින්පසු කිසිම මැතිවරණයකදී ගම්පහ ශ්‍රීලනිපය පොහොට්ටුව සමග තරග නොකිරීමේ තීන්දුවක් ගෙන ඇත අද දිනයේ ගමපහ දිස්ත්‍රිකයේ ශ්‍රීලනිප සංවිධායක වරුන් 13 දෙනා සහ ආසන කළමනාකරුවන් 13 දෙනා පළාතත් පාලන මන්ත්‍රීවරුන් 55 දෙනාගේ සහභාගීත්වයෙන් කඩවත ප්‍රදේශයේ හෝටලයක පැවති හමුවකදී මෙම තීරණය ගෙන ඇත

අමාත්‍ය මහින්ද අමරවීර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවවන්න ඇතුළු ශ්‍රීලනිපයේ පරබලයන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම හමුව සංවිධානය කර තිබුණි හමුව ආරම්භයේදීම රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අදහස් දක්වමින් සදහන් කලේ මින්පසු කිසිම පක්ෂයක් සමග ගිවිසුම් නැති බවත් අදාල ගිවිසුම මැතිවරණ කොමසාරිස් වෙත ලබාදෙන බවත්ය එම ප්‍රකාශයත් සමග සමුළුවට පැමිණ සිටි ගම්පහ ශ්‍රීලනිප කණ්ඩායම අතර කිසියම් කසු කුසුවක් ඇති කරන ලදී එම ප්‍රකාශය හොදයි කොන්ඩේ බැදපු චීනුන්ට කියා එක්තරා මන්ත්‍රීවරයෙක් සදහන් කිරීමත් සමග සභාවේ දැඩි උණුසුම් තත්වයක් ඇතිකරන ලදී

අනතුරුව නැගී සිටි ගම්පහ ආසන සංවිධායක අජිත් බස්නායක මහතා සදහන් කලේ අපි පක්ෂයක් විදියට ශක්තිමත් වීම වැදගත් එහෙම දෙයක් කරන්න අපි ඔක්කොම එකම මතයේ ඉන්න ඔනෑ මහින්ද මහත්තයා පැරදිලා නැවත පාර්ලිමේන්තු ඇවිල්ලා බැසිල් මහත්තයා ලවා පක්ෂය හදලා ආණ්ඩු බලය ගත්තා අපිත් එහෙම කැප කිරීමක් කරමු අපි ජනාධිපති තුමන්ව දිනවන්න වැඩකලා දැන් අපි මෙතනින් යන්න එපා අඩුපාඩු විවේචනය කරමු අපේ පාක්ෂිකයන්ගේ ප්‍රශ්න ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් එකා වගේ ඉදිමු හොද සංවිධානයක් හදමු

අපි ජනතාවගේ පොහොර ප්‍රශ්ණය තෙල් ප්‍රශ්ණය නැවේ ප්‍රශ්ණය හරියට කතා කලේ නැහැ අපේ පක්ෂයේ මහ ලේකම් තුමාගේ ප්‍රශ්ණය ගැන කථා කලේ නැහැ අපි එකමුතුව මෙම අභියෝගයට මුහුණ දෙන්න අවශයි අපි වෙන්වීම කියන්නේ අපේ පරාජය ඒක වෙනුවට අපි එකමුතුව ශක්තිමත් වීමක් තමයි වෙන්න ඔනෑ

අදාල ප්‍රකාශයත් සමග නැගී සිටි බොහෝ දෙනා සදහන් කලේ අපි පක්ෂය රැකගැනීමේ අරමුණ සහිතව යනවනම් අනිවාර්යෙන්ම ශ්‍රීලනිපය මීලග මැතිවරණයකදී අනිවාර්යෙන්ම පොහොට්ටුව අතහැරිය යුතුමයි එම අදහස සමග සියලු දෙනා සිටගත් අතර පැමිණි පක්ෂයේ නියෝජිතයින් සියලු දෙනාම අදාල ප්‍රකාශය සමග නිරුත්තර වූ බවත් ගම්පහ දිස්ත්‍රික් ශ්‍රීලනිප කණ්ඩායම් නායක ලසන්ත අලගියවන්න මහතාගේ මුහුණ ඇඹුල් කෙසෙල් කෑ පොඩි එකාගේ මුහුණ සේ දිස්වූ බවත් සමුළුවට පැමිණි බහුතර ගම්පහ නියෝජිතයන්ගේ අදහස වෙනස් කිරීමට ඉන් පසු කිසිවෙකු ඉදිරිපත් නොවී ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *