සියනෑවේ ලෙන්ගතු ඉතුරුම් කරුවා “සණස” බැංකුවේ හෙට දවස

ගම්පහට අභාරණයක් වූ සණස හෙට දවසේ කොතැනට ද

සණස ගමේ පොදු ජනතාවගේ ඉතුරුම් නිවසයි ගමේ සංවිධාන ශක්තිය සහිත පුංචි මිනිසුන්ගේ අදහස් වලින් පෝෂණය වී දශක ගණනාවකට ඉහත සිට මෙරට ග්‍රාමීය ජන සමාජයේ මුල්බැසගත් ව්‍යාපාරයයි.ගමේ මිනිසුන් කණ්ඩායම් වශයෙන් එකතුව තමන්ගේ පුංචි සාමාජික මුදලකින් ගමන් ඇරඹි සණස ව්‍යාපාරය ගමේ ජනතාවගේ ඉතුරුම් කරු බවට පත්වන ලදී.වාණිජ බැංකු රැල්ලෙන් මිදුණු සමාජයට සණස මහත් අස්වැසිල්ලක් වන ලදී.රජයේ නීති අණපනත් මත ක්‍රියාත්මක වාණිජ බැංකු තුලින් ජනතාවගේ මුදල් අවශ්‍යතාවයන් ඉටු කරගැනීමේ සංකීරණ ක්‍රියාවලියට නොගොස් සරල බැංකු ක්‍රමයක් තුලින් ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරා දීමට සණස සමත්වන ලදී.

මේ කථාව ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ථ සණස ව්‍යාපාරය සම්බන්ධයෙන් සිදුකල සමාජ විශ්ලේෂණයකි. අද වනවිට සමස්ථ ගම්පහ දිස්ත්‍රික්කයේ සණස ව්‍යාපාරය දැඩි අර්බුධයකට ලක්වෙමින් තිබේ ද?? අර්බුධයක් ඇතැයි පිරිසක් කියද්දී එවැනි අර්බුධයක් නොමැති බව සංගම් සදහන් කරයි.නමුත් මේ දෙපාර්ශවයම නොදකින අර්බුධයක් ඇතිවෙමින් ඇත. සණස අර්බුධය හමුවේ එයට තටු ලැබෙන්නේ කෙසේද?? අවසානයේ එහි ප්‍රතිලාබ ලැබෙන්නේ කාටද පිටුපස තිබෙන්නේ කුමන බලවේගයක් ද යන්න සම්බන්ධයෙන් ගම්පහ සණස සංගම් මෙතෙක් වටහා ගෙන නොමැත කලයුත්තේ වහාම මේ මුලික රෝගයට පිළියම් සෙවීම නොවේ ද?? .

මීට දශකයකට එපිට සණස ග්‍රාමීය ජනතාවගේ අවශ්‍ය තාවයේ උපරිම තලයට පැමිණ සිටි ආයතනයකි. එම කාලසීමාවේ සිට අවසන් වසර තුන හතර වනතුරු රට පුරා සණස සමිති තම උපරිම ශක්තිය සමාජයට විහිදුවීම ආරම්භ කරන ලදී. නවීන ලෝකයට හැඩගැසීම සණස සහ ජන සමාජය පෙළඹ වීම සමස්ථ සණස ව්‍යාපාරයේ අර්බුධයේ ආරම්භය වන ලදී.එය වෙනම සාකච්චා කලයුතු මාතෘකාවකි. එදා සණස සහ අද සණසට තිබෙන තැන කුමක් ද??? සණස ට වැරදුන ද ජනතාවට වැරදුනා ද ??? දැන් දෙගොල්ලෝ දෙපිලට බෙදී ඔවු නොවුනට චෝදනා කර ගැනීම කෙතරම් කණගාටු දායක ද??

සණස සංගමයට ලබාදුන් නායකත්වය සහ ගම්පහ සණසට ලබාදුන් නායකත්වය

ගමේ ජනතාවගේ ඉතුරුම් මහගෙදර විනාශ කිරීමෙන් සමාජයට වදින පහරේ බරපතල කම තේරුම් ගැනීමට තවත් වසර දහයක් පමණ ගතවෙනු ඇත. එවිට කරන්නට කිසිවක් ඉතිරි නොවනු ඇත.ගම්පහ සණස සංගමය මේ අර්බුධයෙන් ගොඩ ඒමට නම් දැන්වත් සියලු සමිති එකමුතුව එකීනෙකාට චෝදනා නොකර සාමුහික එකමුතුවකින් පවතින ගැටළුව විසදා ගැනීමය. මන්ද සමාජයේ සණස සම්බන්ධයෙන් ගොඩනැගෙන මතවාදය තුළින් කියවෙන්නේ සියළු දෙනාගේ කිල් වෝට වල හුණු ටික ටික තිබෙන බවයි.

සමාජ අරගලයෙන් පන්නරය ලැබූ ලලිත් ජයසූරිය ගම්පහ සණස සංගමයට ලබාදුන් නායකත්වය සහ ගම්පහ සණසට ලබාදුන් නායකත්වය තුළින් සිදුකල එක් සුවිශේෂී නිරමාණයක් පමණක් සටහන් කරමි ඒ නයිවල නගර සංවර්ධනයයි.

නයිවල නගරය ආසන්නයේ තිබෙන විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ සදහන් කලේ මීට වසර විස්සකට පමණ පෙර නයිවල නගරය මැදින් රාත්‍රී නමයෙන් පසු මිනිසෙකුට ගමන් කල නොහැකි බූත සහ හොල්මන් රජකළ නගරයක් බවයි. එම තත්වය සම්පුර්ණයෙන් වෙනස් කලේ ගම්පහ සණස සංගමයට නායකත්වය ලබාදුන් ලලිත් ජයසුරිය මහතා බවයි ඒ සමස්ථ නයිවල නගරය නිවාස සහ සාප්පු සංකීරණයක් ඉදිකරමින් නොනිදන නගරයක් බවට පත්කිරීමෙනි. එතැන් පටන් ගම්පහ පුරාම නව නගර නිර්මාණය කරමින් ගම්පහ දිස්ත්‍රිකයට සියනෑවට කල එළියක් එක්කරන ලදී.

ගම්පහ සණස සංගමය මෙලෙස පැමිණි ගමනේදී ගත් සියලු තීරණ සහ සිදුකල සියල්ල සාධාරණීකරණය කිරීමට අප ඉදිරිපත් නොවූවද එම සංකල්පය තුළින් සියනෑවට යමක් ලැබුණු බව කිව යුතුය.අද වැඩිපුර කථා බහට ලක්වන විගොඩ සණස ගැනද කිව යුතුමය විගොඩ කියා නමක් තිබෙන බව ගම්පහ මිනිසුන් දැන ගත්තේ විගොඩ සණස නිසාය සමීර සේනානායක විගොඩ සණස නිර්මාණය කිරීමේ පුරෝගාමීයෙකි ඔහු තරුණයෙකු වශයෙන් ගම්පහ දිස්ත්‍රික් සංගමය තුල ප්‍රබලයෙකු වශයෙන් ගොඩනැගෙමින් තිබුණි.

සණස ව්‍යාපාරය තුළින් සෘජු සහ වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක්

ගම්පහ පුරා පන්සල් ,සමිති,තරුණ ,ළමා සමාජ වෙනුවෙන් විශාල ප්‍රචාරණ යාන්ත්‍රණයක් එකතු කරන ලදී. සණස ව්‍යාපාරයෙන් සහ එම සංකල්පයෙන් එහාට ගිය ඔහු දේශපාලන ව්‍යාපාරයකට නායකත්වය ලබාදීමට යාම ඔහුගේ කඩාවැටීමට හේතු වූවා ද?? තරුණයෙකු වශයෙන් ජනප්‍රියත්වය පසුපස ගමන් කිරීමට තිබුණු ආශාව තුල සණස ව්‍යාපාරයට පත්තියම් නොවුණි.එහි සමස්ථ ප්‍රතිපලය සමීර සේනානායක පමණක් නොව විගොඩ සණසට ද බුක්ති විදීමට ලැබීම අවාසනාවකි.

ගම්පහ සමස්ථ සණස ව්‍යාපාරය තුළින් සෘජු සහ වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් බිහිවී ඇත එහි යම් අර්බුධයක් ඇතිවේනම් ඒ සමස්ථ සේවකයන්ගේ රැකියාවන්ට ද අනතුරකි.ඔවුන්ද සණස වැටෙන්නට කිසි විටකත් ඉඩ නොදෙනු ඇත එමෙන්ම සණස තුළින් ප්‍රතිලාබ ලබන කිසිවෙකු අපේක්ෂා නොකළ මෙම තත්වය යහපත් කරගැනීමට සණසට ආදරය කරන සැමගේ යුතුකමක් සේම වග කීමකි මේ අර්බුධකාරී අවස්ථාවේ බට කැළයට ගිණි තැබුවා සේ වාර්තා කිරීමට අප කිසි විටකත් උත්සාහ නොකරමු.

ගම්පහ සියනෑවේ සණස කඩාවැටීමේ අර්බුධයක නම් එය සමස්ථ සමාජයේම අර්බුධයක් වන බව අප මුලදී සදහන් කළෙමු.වාණිජ පරමාර්ථයෙන් කටයුතු කරන මුල්‍ය ආයතනවලට මේ අර්බුධය යහපත්ය ඒ සණස කරා ගිය ගමේ මුදල් ඔවුන් වෙත ගලා ඒමය.යථාර්තය නම් මෙරට කිසිම බැංකුවකට එකවර සියලු ගනුදෙනු කරුවන්ගේ සියලු මුදල් ලබා දීමට නොහැක. ඔවුන් කිසි විටකත් සණස මෙන් ගමේ පන්සලට ,පාසලට, වැඩිහිටි, තරුණ, ළමා සමිතියට උපකාර සිදු නොකරනු ඇත. මෙම ළිපිය ගම්පහ සණස ව්‍යාපාරය හෝ ඉතුරුම් කරුවන් අපහසු තාවයට පත්වන ආකාරයට සිදුකරන ප්‍රචාරයක් නොවන බව කාරුණිකව සලකන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *