මාධ්‍ය වෘත්තිය කෙලසන මාධ්‍යවේදියකු ලෙස පෙනී සිටින මැරයා සිරස මාධ්‍යවේදියාට පහර දී තර්ජනය කරයි

මාධ්‍ය වෘත්තිය කෙලසන මාධ්‍යවේදියකු ලෙස පෙනී සිටින මැරයා සිරස මාධ්‍යවේදියාට පහර දී තර්ජනය කරයි

මෙසේ සිරස මාධ්‍යවේදී මනෝජ් එදිරිසිංහ මහතාට මොහු විසින් ඊයේ සවස කලගෙඩිහේන ප්‍රදේශයේදී පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූ සිරස මාධ්‍යවේදී මනෝජ් එදිරිසිංහ මහතා මෙි පිළිබදව නිට්ටඹුව පොලිසියට පැමිණිලි කර ඇති අතර ශාරීරික හානි හේතුවෙන් මීරිගම රෝහලේ මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ගනු ලබනවා.

මෙම මාධ්‍ය ක්ෂේත්‍රය කාබාසිනියා කරන මෙම මාධ්‍යවේදියා පිළිබඳව අප වෙබ් අඩවිය මගින් ද හෙළි කර තිබූ අතර නවතම රංගනය මෙසේ ඊයේ දක්නට ලැබුණා. මොහු ආසන්නතම දින වලදී පවා දිවුලපිටිය රෝහලේ කාර්ය මණ්ඩලයට පවා බාධා කර තිබූ අතර නිට්ටඹුව පොලීසියටද බාධාකරන පුවතක් ආවරණය කිරීමේ සිද්ධියක්ද වාර්තා වුනා.

මෙම මාධ්‍යවේදියකු ලෙස පෙනී සිටින්න මෙම මැරයා හිරු රූපවාහිනියට පුවත් සපයන අතර රාජ්‍ය මාධ්‍යයක් වන ස්වාධීන රූපවාහිනියේ ද පුවත් සපයන්නෙකු ලෙස කටයුතු කරනු ලබනවා. සියලු මාධ්‍යවේදීන් මොහුගේ ක්‍රියාකලාපය හෙළා දකින අතර ගම්පහ මාධ්‍ය එකමුතුව ද දැඩි පිළිකුලෙන් යුතුව මෙම සිද්ධිය හෙළා දකිනවා. වහා පරීක්ෂණයක් කරන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටිනවා.

තවමත් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන නොමැති අතර මොහුට එරෙහිව නීතිය ‍කියාත්මක කරන ලෙසයි මාධ්‍යවේදීන් ඉල්ලා සිටින්නේ. ගම්පහ ප්‍රදේශයේ මාධ්‍යවේදීන්ට අද සමාජයට මුහුණ දීමට ද නොහැකි තත්වයක් මෙම පුද්ගලයා නිසා උදා වී ඇති අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇතුලු අදාල පුවත් ලබාදෙන ආයතන වලින්ද ඉල්ලා සිටින්නේ මෙම පුද්ගලයාට පිළිබඳව සොයා බලා නිසි දඩුවම් ලබාදෙන ලෙසයි.

මෙම පුද්ගලයාට එරෙහිව අත්තනගල්ල අධිකරණයේ ද ලංගම බස්රථ කොන්දොස්තරවරයෙකු ට පහර දීමක් සම්බන්ධව නඩුවක් ද මේ වන විටත් විභාග වෙමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *