පිරිසක් ලේ සෙලවීමට බලා සිටින අතරතුර පිරිසක් ලේ දන්දෙති.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලේ දන් දීමේ අවස්ථාවට සිංහල මුස්ලිම් දෙමල ජනතාව එක්වෙති.

 

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යලය මගින් තෙවන වරටත් සංවිධානය කරනු ලබන ලේ දන් දිමේ වැඩසටහන  අද (08)දින දවස පුරා දිස්ත්‍රක් ලේකම්කාර්යාලිය පරිශයේදී පැවැත්වේ.

මේ අවස්ථාව සඳහා භික්ෂුන්වහන්සේලා, ආරක්ෂක අංශ නිලධාරීන් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ඉන් පිටිත බොහෝ පිරිසක් මහත් උනන්දුවෙන් එක්ව සිටියහ.පිරිස අතර සිංහල,දෙමළ හා මුස්ලිම් යන ජාතීන් තුනටම අයත් පිරිස සිටීම කැපී පෙනුනි.මේ දිනවල දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ජාතීන් ලෙස වෙන්වී ගැටුම් ඇතිකර ගත්තද සියලු ජාතීන් එක්වී මෙවන් කටයුත්තක නියැලීම බොහෝ දෙනාගේ පැසසුමට ලක්විය. සමාරම්භ ක මොහෝතේ අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම් එස් ටි කොඩිකාර මහතා සඳහන් කර සිටියේ, වාර්ගිකත්වයට එරෙහි කදිම නිදර්ශනය ලේ පරිත්‍යාග ශීලින් බවත්, ඒ සඳහා ජාතික ආගමික බේදයක් අදාල නොවන බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *