පොලිස් සැරයන්ගේ පැය දෙකක අරගලය STF වික්‍රමයෙන් අවසන් වේ

වෙඩි තැබීමෙන් කිසිවෙකුට හානියක් නොමැත

මට සාධාරණය කරන්න මගේ පොලිස් රාජකාරියේ ඉවසගනීමට නොහැකිම තැන තමයි මෙම තීරණය ගත්තේ මමත් රාජකාරිය හරියට කරන නිලධාරියෙක් මට සාධාරණය කරන්න නැත්නම් මම වෙඩි තබාගන්නවා කියමින් පොලිස් සැරයන් ගුණවර්ධන ඉහළ පොලිස් නිලධ්රීන්ගෙන් තමනට සාධාරණය ඉටුකරණ ලෙස ඉල්ලා සිටිමින් ගිණි අවිය මත අත තබාගනිමින් තමන් අසලට නොපැමිණෙන ලෙස දන්වමින් විරෝධතාවය දක්වන ලදී

ඊයේ දහවල් තෙබුවන මංසන්ධිය ආසන්නයේ සිටිමින් ප්‍රසිද්ධියේ තම ගිණි අවිය පෙන්වමින් අත්අඩංගුවට ගත් වැලි ලොරියක් තොබුවන පොලිස් ස්ථානාධිපතිවරයා නිදහස් කිරීමට විරෝධය දක්වමින් එම පොලිසියේම සැරයන්වරයකු වෙඩි තබා ගැනීමට ගත් උත්සාහයක් දැඩි පරිශ්‍රමයක් දරා නතර කිරීමට කටයුතු කරන ලදී.තම බිරිද සහ දරුවා එම ස්ථානයට පැමිණ කල ඉල්ලීමද අදාල පොලිස් සැරයන් වරයා ප්‍රතික්ෂේප කිරීම නිසා සිද්ධිය සැලවීමත් සමඟ අවට පොලිසිවලින් සහ පොලිස් විශේෂ කාර්ය බළකායෙන් පිරිස් කැඳවා සිද්ධිය සමථයකට පත් කිරීමට උත්සාහ කළත් එය ව්‍යර්ථවී තිබේ.

අනතුරුව විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් දෙදෙනෙකු සිවිල් ඇඳුමින් සැරසී ගම්වාසීන් ලෙස සැරයන් වරයාවෙත ගොස් සුක්ෂම ලෙස එකවර සැරයන් වරයා බදාගෙන ඔහු අතේ තිබු ගිනි අවිය තම භාරයට ගෙන ඇත. අවස්ථාවේ අදාල පොලිස් නිලධාරියා අත තිබූ ගිණි අවිය ක්‍රියාත්මක වීම නිසා සියල්ලෝම විමතියෙන් කෑගසමින් එම ස්ථානයට යන විටත් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් පොලිස් නිලධාරියාව තම ග්‍රහණයට ගැනීමට සමත්වන ලදී.වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුට හානියක් නොවූ අතර සැරයන්වරයා අදාළ ගිනි අවියද සමඟ අත්අඩංගුවට ගන්නා ලදී

තමා විසින් අත් අඩංගුවට ගනු ලැබූ නීති විරෝධී වැලි ලොරියක් තෙබුවන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් නිදහස් කරනු ලැබ ඇතැයි එම කොස්තාපල්වරයා ප්‍රකාශ කර තිබේ. ඊට විරෝධය පළ කර ඇති පොලිස් සැරයන්වරයා නීතිය හරි හැටි ක්‍රියාත්මක කරණ ලෙසත් එසේ නැති නම් තමා වෙඩි තබා ගන්නා බවත් පවසමින් විරෝධය පළ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.අනතුරුව සිද්දියට සම්බන්ධ සැරයන්වරයාව වැලිපැන්න පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතා විසින් අත්අඩංගුවට ගනු ලැබ මතුගම මූලස්ථාන පොලිසිය වෙත ගෙනවිත් භාරදී ඇත.

අත් අඩංගුවට ගත සැරයන්වරයා හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *