“සුන්දර මීරිගම” මතු පරපුර වෙනුවෙන් සුරකිනවා…ශ්‍රීලනිප නව සංවිධායිකාව කියයි!!

පස් මැටි වැළි ජාවාරම සදහා අත් දෙකම ඔසවලා විරුද්ධ වෙනවා

මීරිගම ප්‍රදේශය මුල්කරගනිමින් සිදුකෙරෙන පරිසර විනාශය සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිතුමන් ඇතුළු රජයේ ඉහලම දේශපාලන අධිකාරිය දැනුවත් කරනවා පරිසරය විනාශ නොවන පරිදී සියලු සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් සියලු පාර්ශව සමග සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙනවා ඒ අපි ඉපදුනු සුන්දර මීරිගම අනාගත දරු පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම වගකීමක් එම වගකීමෙන් මිදෙන්න බැහැ එක ජාතික යුතුකමක් අධිවේගී මාර්ගය රටේ අවශ්‍යතාවයක් මීරිගම සියලු පරිසර සංවිධාන සහ පරිසර හිතකාමීන් සමග මේ සම්බන්ධයෙන් සාකච්චා කලා ඔවුන් යෝජනා රැසක් දුන්නා ඒ සියල්ල පරිසර ඇමති ලෙසත් රාජ්‍ය නායකයා ලෙසත් කටයුතු කරන අති ගරු ජනාධිපතිතුමන්ට ලබාදීමට කටයුතු කරනවා

මම එක සහතිකයක් මීරිගම ජනතාව වෙනුවෙන් ලබාදෙනවා ඒ සුන්දර මීරිගම මගේ සංවිධායක දූරය පවතින තාක් විනාශ කිරීමට ඉඩ නොතබන බවට.මම පස් මැටි වැළි ජාවාරම සදහා අත් දෙකම ඔසවලා විරුද්ධ වෙනවා ඒවිතරක් නොවෙයි මත්ද්‍රව්‍ය මැඩලීමේ ජනපති තුමන්ගේ සංකල්පය අකුරටම මීරිගම ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය දේශපාලන නායකත්වය ලබාදෙනවා ඒ අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කලයුතු වැඩක්

මීරිගම කාන්තාවන් වෙනුවෙන් දැනට කරන ස්වයං රැකියා වැඩපිළිවෙල රාජ්‍ය අනුග්‍රහය ලබාගනිමින් තවත් ඉදිරියට කරනවා ගෘහණියගේ ආර්ථිකය වර්ධනය කිරීම එම වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණයි මේසියල්ල සිදුකරන්න ඇති ගරු ජනාධිපතිතුමන් මා කෙරෙහි ලොකු විශ්වාශයකින් තමයි මීරිගම ශ්‍රී ලනිප ප්‍රධාන සංවිධායක දූරය මට ලබා දුන්නේ එහි වගකීම සහ ශක්තිය උපයෝගී කරගනිමින් ජනතා සේවයට සැමදා කැප වනබව මීරිගම නව ශ්‍රී ලනිප ප්‍රධාන සංවිධායිකා සුනේත්‍රා සමරකෝන මහත්මිය විශේෂ ප්‍රකාශය ලබාදෙමින් සදහන් කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *