අධිකරණය මගහැරී ශෂී වීරවංශට වරෙන්තු නිකුත්කරයි

අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිද වන ශෂී වීරවංශ විසින් කූඨ ලේඛණ ඉදිරිපත් කර ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකසා ගැනීමේ චෝදානා යටතේ විභාග වෙමින් පවතින නඩුවකට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටිීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (21) නියෝග කර තිබේ.

ඒ එම නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ ඇය හෝ ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණයේ පෙනී නොසිරීම හේතුවෙනි.නඩුව අගෝස්තු 14වනාද යළි කැඳවීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *