කොරෝනා නිසා මහනුවර සහ කළුතර ගම් කිහිපයක් වසයි!!
පවතින කොරෝනා අවධානම හේතුවෙන් රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වීමත් සමග මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුළුගහතැන්න සහ තෙලම්බුගහවත්ත ග්‍රාමසේවා වසම් සහ කළුතර දිස්ත්‍රික්කයේද බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අටුලුගම නැගෙනහිර, එපිටමුල්ල, කොළමැදිරිය යන ග්‍රාමසේවා වසම් හුදකලා කර ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි