මිනුවන්ගොඩ පොලීසියේ හත්දෙනෙකු උණ නිසා හදිසියේ ගම්පහ රෝහලට ඇතුලත් කරයි
මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් හත්දෙනෙකු හදිසියේ උණ රෝග ලක්ෂණය මතුවීම නිසා අද (23) සවස ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. පොලිස් නිලධාරිනියන් සිව් දෙනෙකු සහ නිලධාරීන් තිදෙනෙකු මෙලෙස ඇතුලත් කර ඇත.ඔවුන් කණ්ඩායම මිනුවන්ගොඩ පොලීසියට අනුයුක්තව ඇදිරිනීතිය අවස්ථාවේ බලපත්‍ර නිකුත් කරන අංශයේ සේවය කල බවට වාර්තා වෙයි මිනුවන්ගොඩ පොලීසියේ වෙනම ස්ථානයක ඇදිරි නීති බලපත්‍ර ලබා දීම සිදුකරන ලදී
ඔවුන්ට සැක සහිත රෝග ලක්ෂණ පැවතීම මත ගම්පහ මහා රෝහලේ වාට්ටුවලට ඇතුළත් කොට අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇති බවත් කළ බව රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා සදහන් කරන ලදී