වැටුපෙන් මුදල් ඉල්ලා ජනධිපති ලේකම් ආයතන ප්‍රධානීන් වෙත ලිපි යැවීම පුද්ගලික ඉල්ලීමක් නොවෙයි

ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් මැයි මස රාජ්‍ය සේවක වැටුප හෝ කොටසක් හෝ කොරෝනා වසංගතය වෙනුවෙන් පරිත්‍යාග කරන ලෙස කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් හිටපු කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා විසින් අද දින මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් පලකරන ලදී එහිදී ඔහු කියා සිටියේ ජනාධිපති ලේකම් වරයා විසින් සිදුකරන ලද පුද්ගලික ඉල්ලීමක් නම් ජනධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ උපයෝගී කරගෙන ලිපියක් යැවීමට ඔහුට තිබෙන සදාචාර සම්පන්න අයිතිය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන ලදී

වත්මන් රජය රාජ්‍ය සේවකයාගෙ පඩිය කපන්න ඉස්සෙල්ලා අර රාජ්‍ය ඇමතිවරුන්ට දුන්න වාහන ටික පවර ගන්න රටේ මෙවැනි තත්වයක් තියෙන වෙලාවක මොකටද අධිවේගී මාර්ග වෙනුවෙන් මුදල් අනුමත කරගත්තේ දැන් රාජ්‍ය සේවකයා ට කියන්නේ තම පඩි පත රජයට දෙන්න කියලනම් අර මැති ඇමති වරුන්ට දීපු වරප්‍රසාද ටික අයින් කරන්න එතකොට රජයට ලොකු මුදලක් ඉතිරි වෙනවා

අනෙක ජනාධිපති ලේකම් වරයා විසින් රාජ්‍ය සේවය ආවරණය වන පරිදි ආයතන ප්‍රධානීන්ට යොමුකර ඇති පුද්ගලික ආයාචනයක් රාජ්‍ය යාන්ත්‍රණයේ යොමු කරන්නේ කොහොමද එහි පිටපත් නීතිපති වරයට සහ විගණකාධිපති වරයාට යොමු කිරීම් හරහා එම ලිපියට නීත්‍යනුකුල භාවය ලබා දෙනවා මේ අවස්ථාවේ අසරණව සිටින රාජ්‍ය සේවකයාගෙන් එවැනි ඉල්ලීමක් කිරීම දැඩි අසාධාරණයක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *