ඉඳුරාගාරේ හිමියනි දිවුලපිටියේ පරිසර විනාශය දකිණු මැනවි!!!

මහාචාර්ය පූජ්‍ය ඉන්දුරගාරේ ධම්මරතන හිමියන් පසුගියදා අරලිය ගහ මන්දිරයේදී පැවති උත්සවයකදී සදහන් කලේ උගතුන් පමණක් පාර්ලිමේන්තු යැවීමෙන් පලක් නොවන බවත් උගත් කමට සරිලන බුද්ධියක් අවශ්‍ය බවද සදහන් කරන ලදී .

එම  පුවතට සමාජ මාධ්‍ය ජාලයේ ඉහළ පිළිගැනීමක් ලබාදෙන ලදී එහෙත් ඉදුරාගාරේ ධම්මරතන හිමියන් ගම දිවුලපිටිය වන අතර ස්වාමීන් වහන්සේගේ පන්සල ද  පිහිටා ඇත්තේ දිවුලපිටිය ප්‍රදේශයේය අවාසනාව නම් ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම පරිසර විනාශයක් සිදුකරන කොට්ඨාශය  දිවුලපිටිය බවට වාර්තා වී ඇත රට පුරා ධර්ම දේශනා කරමින් සමාජයට හැදෙන්නට පණිවුඩයක් ලබාදෙන ඉන්දුරගාරේ හිමියන්ට තම උපන් ගමේ සිදුවන මහා පරිසර විනාශය නොපෙනෙන බවත් නම ගිය මහා නායක හිමිවරුන් මහාචාර්ය වරුන්  වෛද්‍යවරුන් ආචාර්ය වරුන් වෘතිකයන්  කලා කරුවන් ඇතුළු විවිධ ශේස්ත්‍ර නියෝජනය කරන විශාල පිරිසක් ජීවත් වන දිවුලපිටිය මහ පොළවෙන් දින 70 කට පස් කියුබ් පනස් දහසක් රැගෙන යන බව දැන දැනත් ඔබ තවමත් නිහඩව සිටීම පුදුමයකි

මහාචාර්ය ඉන්දුරගාරේ  අපේ ලොකු හාමුදුරුවන්ගේ පන්සල පිහිටා තිබෙන්නේ අදාළ පස් කැපීම් සිදුකරණ ප්‍රදේශයන් ආසන්නයේ බව කිව යුතුය ඒ එක උදාහරණයක් පමණි මේ පරිසර විනාශයෙන් බැටකන්නේ සියළු දෙනා බව දැනගත යුතුය මේ සියලුදෙනා එකාවන්ව පරිසරය වෙනුවෙන් සටන් කල යුතු නොවේද යන්න දිවුලපිටිය පස් වැලි මැටි ජාවාරම සම්බන්ධයෙන් අදහස් පලකල තොරතුරු ලබාදුන් පුද්ගලයන් කිහිප දෙනෙකුම මෙම අදහස පලකල අතර ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ යනුවෙන් සදහන් කරන ලදී මෙම සංවාදයෙන් උපුටා ගත් කොටස් මගින් පුවත වාර්තා කිරීමේදී ඉන්දුරගාරේ හිමියන් ඇතුළු කිහිප දෙනෙකුට උපහාසයක් කිරීමට උත්සහ නොකළ  බවත් මෙය සංවාදයට විවෘත බවත් සදහන් කරමි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *