කපුටු සාස්තරේ ගැන අප නොදන්නා වු සූත්තරය // ඝවේෂණාත්මක සටහන

පරිසරයේ ජීවත්වෙන විවිධ සතුන් සම්බන්ධයෙන් විවිධ විස්වාස, ජනතාව තුළ පවති.යහපත් අහයපත් බව කියවන ඔවුනගේ හඩ හා හැසිරිම් අනාවැකි කියනා බව ජනතාව තුල ඇත්තේ අමුතුම පිළිගැනිමකි.

සත්තකින්ම සත්ව ලෝකයේ සතුන් අතරේ ගත් කළ   කපුටා කෑදර සත්වයකි.කපුටා හා කේජු කෑල්ලේ කතාන්දරයද අපි දනිමු.බලු කපුටු දානය ගනද නොදන්නා කෙනෙක් නැත.කපුටා සාත්තරයද ජනතාව අතර ප්‍රචලිතය.නැලවිලි ගීතවල එන ආකාරයට මේ ළමයා කොයින්දෝ කපුටු කැලෙන් ගෙනාවෝ කියමින් අම්මා ආත්තම්මා කියන ගීත සත්තකින්ම සුන්දරය.කොහා කපුටාගේ කූඩුවේ බිත්තර දමන් බව ද සදහන්ය. කොහාට ගෙවල් හදන්නට නොහැකිය

ඇසෙන්නෙ කා කා හඬ සෑම පැත්තෙන්                                                                නැගෙව් කියන්නා වැනි  වහාම නින්දෙන්                                                       

දොරෙන් අඩක්‌ඇරියාම මේඑන්නේ                                                                     සිහිල් සුළං ආයුබෝවන් කියා …..

දශක හයකට හතකට ඉහතදී කුඩා දරුවන්ගේපාසැල් පාඩම් පොතක් වූ මුනිදාස කුමාරතුංග ශුරීන්ගේ ශික්ෂා මාර්‍ගය පොතෙහි ඇති ගීයක කොටසකි ඉහත දැක්වුයේ ය.

මෙහි සරලව දැක්වෙන එක්‌ අදහසක් වනුයේ හිමිදිරි උදයේ අවදිවීම සඳහා කපුටන්ගෙන් ලැබෙන අගනා පණිවුඩයක් පිළිබඳවයි. මෙහි සඳහන් වන කාලයේ වේලාව බලා ගැනීම පිණිස ඔරලෝසු හෝ වෙනත් උපකරණ පහසුවෙන් ලබාගැනීමට නොතිබුණු නිසා පාන්දර අවදිවීම සඳහා කපුටා හඬන වෙලාව’ ප්‍රයෝජනයට ගෙන තිබෙන බව මෙයින් පෙනේ.

කපුටන් අපගේ ජීවිතය සමග බොහෝ සමීප පක්ෂීන් වුවද අපට ඔවුන්  පිළිබඳව නිරතුරුවම අසන්නට ලැබෙනුයේ අමිහිරි කතන්දර වේ.කපුටා පිළිබඳව එවැනි කතන්දර බහුල වනුයේ ඌ ඇසට අප්‍රියජනක කාල වර්ණයෙන් යුක්තඅමිහිරි නාදයකින් කෑගසනඕනෑම කුණු ගොඩක් අවුස්සන පක්ෂියෙකු යැයි, ජනවහරේ සඳහන් කතාන්දර රැසකි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් කපුටු විශේෂ දෙකක් දකින්නට ලැබේ. මේ විශේෂ දෙක වනුයේ කොළඹ කපුටා’ (Corvus splendens) සහ ගම්බද කපුටා’ (Corvus macrorhynchos) යන විශේෂ දෙකයි.

මෙයින් කොළඹ කපුටා නගරබද පමණක් ජිවත් වේ. උගේ ශරීරයේ පිහාටු තරමක් අළු පැහැයට හුරු කාළ වර්ණයකින් යුක්තය. බෙල්ල අවට ප්‍රදේශයේ කළු පැහැය අඩුවී අළු පැහැයක් ගනී. නාදයද එතරම් ගැඹුරු අමිහිරි එකක්  නොවේ. රංචු වශයෙන් ජිවත්වන කොළඹ කපුටෝ සර්ව භක්ෂක්යෝය.

ගම්බද කපුටාගේ මුළු ශරීරයම  තද කාළ වර්ණයෙන් යුක්ත වන අතර  උගේ පිහාටු වලද අපිලිවෙළක් දකින්නට ලැබේ. උන්ගේ ඉතාමත් රළු සහ ගැඹුරු නාදය අප්‍රිය ජනකය. මොවුන්ද රංචු වශයෙන් ජිවත්වන සර්ව භක්ෂක්යෝය. 

ජීව විද්‍යාත්මකව එක් සත්ත්ව විශේෂයක් තවත් සත්ත්ව විශේෂයකින් වෙන්කර හඳුනාගන්නේ ස්වාභාවික පරිසර තත්ත්ව යටතේඔවුන් අතර අන්තර් අභිජනනය සිදුවීමෙන්   සරු ජනිතයින් හට නොගනී’ යන සිද්ධාන්තය මුලික කර ගනිමිණි.

මේ අනුව  ‘කොළඹ කපුටා’ සහ ගම්බද කපුටා’ බොහෝ සමාන වූවත් එකිනෙකට වෙනස් කපුටු විශේෂ දෙකකි. ඒ නිසා ඔවුන් අතර අන්තර් අභිජනනයක් සිදු නොවේ. යම්කිසි හෙයකින් අභිජනනයක් සිදු වුවත් එම අභි ජනනය නිසා සරු ජනිතයින් හට නොගනී.

අපගේ ගෙවතුවල නිතරම දකින්නට ලැබෙන කපුටාට වඩා කුඩා තවත් කාලවර්ණ පක්ෂියෙකි කවුඩා හෙවත් කවුඩු පණික්කියා කපුටා අයිති පක්ෂි කුලයේවත් නොවන මොහු කපුටු බෑණායන නමින්ද ගම්බද ජනයා විසින් හඳුන්වනු ලැබේ. කපුටු බෑණා’ Sri Lanka  Dongo  වන අතරසත්ත්ව විද්‍යාත්මක නාමය  (Dicrurus lophorinus) වේ. 

කවුඩන්ට  බළලෙකුගේ ඤාව්.. ඤාව්’ හඬ අනුකරණය කළ හැකි නිසා සමහර අවස්ථාවලදී  එසේ නාද කර බළලුන් රවටන අවස්ථාද දකින්නට ලැබේ. මිහිරි හඬින් ගී ගයන කපුටු බෑණා’ කෘමි භක්ෂකයෙකි. ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේත් කඳුකර ප්‍රදේශ වලත් දකින්නට ලැබෙන මෙම පක්ෂියා ප්‍රිය මනාප එකෙකි. 

කපුටන් අතර වෙනත් පක්ෂීන් අතර දකින්නට නොලැබෙන සමගියක් තිබේ. තම ආහාර සොයා යාමේදී කපුටන් බොහෝවිට යුගළ වශයෙන් සිටිතත්ආහාරයක් ලැබුණුවිට හඬ නගාතම සගයින්ද ගෙන්වා ගෙන ආහාරය  බෙදා හදා ගැනීම කපුටු වර්ගයාගේ සිරිතය. රාත්‍රී කාලයේදී කපුටන් රංචුවක් වශයෙන් එකතුවී විශාල ගසක ලැගුම් ගැනීම මගින්ද ඔවුන්ගේ සම්ගිය පෙන්වති. එසේම තම සගයෙකුට ආපදාවක් සිදුවූ විටකදී හඬනගා තම පිරිස ගෙන්වා ගැනීමටද ඔවුහු සමත් වෙති.

සත්තකින්ම,අප කුඩා කාලයේදී අසා තිබෙන කපුටා සහ වතුර භාජනය’ වැනි සමහර ළමා කතන්දර වලදී කපුටු නුවණ ගැන සඳහන් කර තිබේ. ඒ සමගම කපුටා සහ කේජු කෑල්ල’ කතන්දරයේදී කපුටා නරියාගේ කපටි කමකට හසුවූ හැටිද අසා ඇත්තෙමු.

තමන්ගේම කුඩුවක් සාදා ගැනීමට නොදන්නා (කොහාගේ ) කොවුලාගේ  බිරින්දෑහොර රහසේකපුටු කුඩුවකට රිංගා තම  බිත්තර එහි දමන බව අප පැරණි සාහිත්‍යයේ අසා තිබේ. මෙසේ දමන බිත්තරතමන්ගේ බිත්තර සමගම රකින කපුටු දෙමහල්ලෝ බිත්තරවලින් එලියට එන පැටවුන්ද පෝෂණය කරති. එසේ හටගන්නා කොවුල් පැටවුන්කපුටු පැටවුන් මෙන්ම කාල වර්ණ නිසා හඳුනාගැනීමට නොහැකිය. කෙසේ වෙතත් තරමක් වැඩුණු කොවුල් පැටවුන් වෙනත් හඬකින් නාද කරන  විට කලබල වන කපුටු දෙමහල්ලෝ ආගන්තුකයින් කුඩුවෙන් නෙරපන බව පැරැණ්නන්ගේ විශ්වාසයකි. කොවුලා පරපුටු’ (අනුන් විසින් පෝෂණය කරනු ලබන) යන නමින් හඳුන්වනුයේද  මේ නිසාය.

කපුටු කොවුල් විරසකයත් මෙම සිද්ධිය නිසාම ඇතිවුවක් විය හැකිය.  සිංහල අවුරුදු සමයේදී තම සහකාරිය ගෙන්වා ගැනීම සඳහා  නොකඩවා ගී ගයන කොවුලෙක් දුටුවිට ඌට කොටමින් පලවා හරින කපුටන් බොහෝවිට දැකිය හැකිය.

(මාර්තු අප්‍රියෙල් මාස වලදී කොවුලන් ගී ගයන්නේ අපට අලුත් අවුරුද්ද එන බව දැන්වීමට බවද කුඩා දරුවෝ විශ්වාස කරති.)

 කපුටු කාක් …. කාක් ….  –  ගොරක දේන්… දේන්…                                             

කපුටගේ කටේ වැල මදුලයි – පුතුගේ කටේ කිරී උගුරයි                                           

උසි කපුටා……. උසීයේ ..කියමින් අතීතයේ සිටි අපගේ අම්මලා තම දරුවන් නැළවූ බවද අසන්නට ලැබේ.

කපුටා කොපමණ ආහාර ගත්තත් නිරතුරුවම සාගින්නෙන් පෙළෙන සතෙකු බව ගැමියා විශ්වාස කරයි. සෙනසුරු ග්‍රහ අපලය තිබෙන අයට  සෙත් ශාන්තියක් ලබාගැනීම සඳහා ගිතෙල් මිශ්‍ර බතක් සකස් කර බලු කපුටු දානයක්’ දීම අදද ගම්බද සමහර වැඩිහිටියන්ගේ සිරිතක්ව පවතී. ගිතෙල් මිශ්‍ර බත් නිසා කපුටු සාගින්න තරමක් හෝ අඩු වන බව ඔව්හු විශ්වාස කරති.

කළු කපුටා සුදු වනතුරු – මෝල් ගහේ දළු ලන තුරු                                                සිය වසරට දෙසිය වසක් – ආවඩා… ආයුබෝ වේවා.. 

දැනට දශක හතකට පමණ ඉහතදීඅපගේ සීයා කෙනෙකු,  අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ අවස්ථාවකදී ඉහත ජනගී පද ගයමින්  නව වසරට ආශීර්වාද කර දිගාසිරි  පැතූ බව මට තවමත් මතකයට නැගේ.

ඝර්ම කලාපිය ආසියානු ප්‍රදේශය මුල් නිජ භුමිය වූ කපුටන්ගේ විශේෂ රාශියක් ලොව බොහෝ රටවලට සංක්‍රමණය වී සිටිති. ඔස්ට්‍රේලියාව වැනි රටවලට නැව් වල සැඟවී සංක්‍රමණය වී තිබෙන කපුටන් සමහර අවස්ථාවලදී පාරිසරික උවදුරක්‌ ලෙස සැලකේ. කපුටා ස්වභාවයෙන්ම සර්ව භක්ෂකයෙකු හෝ කසළ භක්ෂකයෙකු වන නිසා එරටට ආවේනික සමහර පක්ෂීන්ගේ බිත්තර කා දමන නිසාත්පලතුරු වලට හානි කරන නිසාත්  ඔවුන්ගේ ගහණය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමටද සිදුවී තිබේ.  

ශ්‍රී ලංකාවේ මට්ටක්කුලිය අසල දර්ශනීය මුහුදු වෙරළ ප්‍රදේශය කාක දුපත’ (Crow Island) යනුවෙන් අදටද හැඳින්වේ. මෙය දැනට ගොඩබිමට සම්බන්ධවී තිබුනත් අතීතයේදී දුපතක්ව තිබෙන්නට ඇති බව  විශ්වාස කළ හැකිය.

කපුටා බොහෝ අයගේ පිළිකුලට භාජන වන සතෙකු වුවද  ඌ පරිසර සමතුලිතතාවය රැක ගැනීම සඳහා විශාල මෙහෙයක් කිරීමට සමත් සතෙකි. කසළ භෝජකයෙකු වන කපුටා වෙනත් සතුන්ගේ මළ කුණු භෝජනයට ගෙන පරිසරය පිරිසිදු කර දමයි. විදාගම මෛත්‍රිය මහා තෙරුන් වහන්සේ විසින් රචනා කරන ලද ලෝවැඩ සඟරාවේ පැදියකින්ද  කපුටාගේ මළකුණු බුදීමේ කෑදරකම ගැන මෙසේ සඳහන් කර තිබේ.

ගඟ යන ඇත්කුණ ඉඳ මස් රස        ටා                                                    

සිදු මැද වැද වැනසුන මෙන් කපු      ටා” 

කපුටු සාස්තරේ ගැන අහල තිබ්බට කපුටා කියන අනාවැකි දන්නෙ අපි අතරින් කීයෙන් කී දෙනාද කියලා නොදන්නවා ඇත. හිතන්න ඔයා තියන හොඳම ඇඳුමෙන් පැළඳුමෙන් ජැන්ඩියට සැරසිලා ගමනක් යනකොට කපුටෙක් ඔයාගෙ ඇඳුමට වර්චස් පිඩක් හෙලනවා කියල. අනිවා කපුටගෙ පස්ස මහල බඩයන්න බේත් දෙන්න තරම් කේන්තියක් නේද ඇතිවෙන්නේ.හැබැයි මීට පස්සෙ එහෙම හිතලා පවු පුරෝගන්න නම් එපා. මොකද එහෙම අලුත් ඇඳුමකට කපුටෙක් වර්චස් කරනවා කියන්නෙ ඒ දවස ඔයාට හොඳටම හොඳයිලු. වාසනාව ප්‍රීතිය උතුරන දවසක් වෙනවලු. හැබැයි කපුටා මළපහ කලේ ඔයාගෙ දණිස්සටනම් ඒක විපතක් පිළිබඳව අනාවැකියකි. එහෙම වෙලාවක ගමන නතර කරලීම සුභ යැයි, ජනතාව විස්වාස කරති.

කපුටෙක් අපි සිටින තැනට විරුද්ධ දිශාවේ ඉඳන් කෑ ගහන එකෙනුත් පෙන්වන අනාවැකි කිහිපයක්ම දැකිය හැකිය. මේ කෑ ගැසීම කළේ උදේ පාන්දරනම් එදා දවස ඉතාම අසුබ දවසක් වේ. මධ්‍යාහනයේ කෑ ගැසුවානම් එදා දවස සුබ ප්‍රතිඵල ගෙන දේ. හවස් වරුවේ කෑ ගැහුවොත් යාලුවෙක් ඔයාව හමුවෙන්න එන බව එම අනාවැකියෙන් කියවේ.

සෙනසුරු ග්‍රහයාගේ වාහනය ලෙස හැඳින්වෙන කපුටාපුරාණයේ සිටම හිමි වන්නේ විශේෂ ස්ථානයකි. පිළිගැනීමකි.කපුටු වේශයෙන් සිදුහත් බෝ සතුන් ජන්ම ලැබූ අවස්ථා කිහිපයක් ගැන පන්සිය පනස් ජාතකයේ සඳහන් වේ. කපුටු ශාස්ත්‍රය මිත්‍යා විශ්වාසයක් බවට බොහෝ දෙනෙක් හංවඩු ගසති. එසේම ඇතැම්හු කපුටු ශාස්ත්‍රය අනාදිමත් කාලයක සිට නැවත එන නිසාමේ පිළිබඳ තර්ක විතර්ක ගෙන හැර පෑම අනුවණකමකි. මෙම කපුටු ශාස්ත්‍රය ‍මෙ තරම් කලක් ජන වහරේ නොනැසී පැවතුනේ මෙහි යම් සත්‍යතාවයක් ගැබ්ව තිබූ නිසා යැයි අනුමාන කළ හැක. කැමති අයට පිළිගැනීමටත්,‍ අකමැති අයට ඉවත දැමීමටත් හැකිය. මෙම ශාස්ත්‍රය පරීක්ෂණාත්මකව විමසා බැලුවහොත් සත්‍ය අසත්‍යභාවය ඔබට පසක් කරගත හැක.

කපුටාගේ හඬට හොඳින් සවන් දීමත් කපුටාගේ ඉරියව් පරීක්ෂාවත් තුළින් කපුටු භාෂාව යම් තාක්දුරට අවබෝධ කර ගත හැක. පැරණි පොත්පත්වලටත් ජනප්‍රවාදවලටත් අනුව කාල වර්ණ පැහැයකට හිමිකම් කියූ කාවන්තිස්ස රජතුමා කපුටු භාෂාව දැන සිටි බව සඳහන්ය. කෙසේ වෙතත් කපුටා ඇඟට පැහැරීමත් කපුටු හඬත් එය නැඟෙන දිශාවත් අනුව පලාපල ඇතැම් පොත්පත්වල සඳහන් ය. කපුටා ඉතාම විමිසිලිමත්කෑදර,ඥාණවන්ත පක්ෂි‍යෙකි. අන් පක්ෂීන් අභිබවා කපුටා යම් අනතුරක් කල්තියා දැන ගැනීමේ දක්ෂතාවයෙන් යුතුය . සාමාන්‍යයෙන් කපුටා නොකන දෙයක් නැති තරම්ය.එහෙත් එම පක්ෂියා දැඩි කුසඟින්නෙන් පෙළෙන නිසා ඇතැම්විට සතුන්ටමිනිසුන්ට පවා ‍කොටනු දැකිය හැක. ඇතමුන් කපුටා විහිළු කිරීමට දක්ෂයකු සේද හඳුන්ව යි. ඒ කපුටා ඇතැම් සතුන්ගේ වලිගය ‍හොටෙන් අදින නිසාත් සතුන්ගේ පිට උඩ නැඟ යන නිසාත් බල්ලන් බළලුන් වැනි සතුන්ගේ කනින් ඇද පියාඹා යන නිසාත් ය.

සාමාන්‍යයෙන් කපුටු හඬ නිසා ගෙනදෙන ශුභ හෝ අශුභ පල එම ‍මොහොතේමත් එසේ නොමැතිනම් දින7න් හෝ 10න් ගෙනදේ. පොත්පත් මෙන්ම ව්‍යවහාරයේ සඳහන් වන ලෙසට සෞම්‍ය කපුටු හඬ ශුභ බවත්,රළු ගොරහැඬි කපුටු හඬ ශුභ බවත් රළු ගොරහැඩි කපුටු හඬ අශුභ බවත් කියැවේ. කාක්කෝ විවිධ හඬ නඟයි. ඒ බව උගේ හඬට හොඳින් සවන් දෙන විට ඔබටම වටහා ගත හැක. කපුටා දැඩි කුසගින්නෙන් පෙළෙන සතෙකි. සාමාන්‍යයෙන් සෙනසුරු අපලය යෙදී ඇතිවිට එය සටහන් කර ගනු වස් සෙනසුරු ග්‍රහයා සතුටු කිරීමට කපුටන්ට දන්දීම සිදු කෙරේ. මේ සඳහා යොදගන්නේ සතියේ සෙනසුරාදා දවසයි. එදිනට එළඟිතෙල් මිශ්‍රව කපුටන්ට දෙන ආහාර සකසයි. එහෙත් බොහෝවිට එළඟි තෙල් පහන් තිරවල පොඟවා කපුටාට කෑමට දෙයි. මෙහිදී එම පහන්තිර අනිවාර්යයෙන්ම පරණ කපු රෙදි කැබලි වලින් ඇබරූ ඒවා විය යුතුය. එවිට කපුටාට එය දිරවීම පහසුය. සාමාන්‍යයෙන් කපුටන්ට දෙන ආහාර දිය යුත්තේකෙසෙල් කොළයක තබා බස්නාහිර දිශාවට වෙන්න උස ස්ථානයකය.

උදය ව‍රුවේ දකුණු දිශාවෙන් සෞම්‍ය ලෙස කපුටෙකු හැඩීම යම් බලාපොරොත්තුවක් ඉටුවීම පිණිස නිවසට වැදගත් අයෙකුගේ පැමිණීම ඇඟවීමකි. මිතුරකු විය හැක. උදය වරුවේ දකුණු දිශාවෙන් රළු ලෙස කපුටකු හැඬීම සතුරු කරදරයක ඉඟියකි. මරණ දුකක් ද ගෙනදිය හැක.ඕනෑම දිශාවක සිට සවස් වරුවේ මෘදු හෝ රළු හඬින් කපුටෙකු හැඬූ කල ‍බොහෝ විටම දුක ගෙනදේ. මෙහිදී සෞම්‍ය හඬට වඩා රළු හඬ දුක වැඩිකරයි.නැ‍ඟෙනහිරින් කපුටෙක් සෞම්‍ය හඬින් හැඬීම අදහස් සඵල වන නැතිවූ දේ නැවත ලැබෙන ලාභ ගෙන දෙන සතුරු බල නැසෙන තම මිතුරකුගේ පැමිණීමද සිදු විය හැකි බවට ඉඟියකි.ගිනිකොන දිශාවෙන් සෞම්‍ය හඬින් කපුටෙකු නාද කල විට නීරෝගී භාවය සතුරන් නැසීම ලාභ අත්වීම ජය ගෙනදීම හා සැප සම්පත් ලැබීම සිදුවන බව ඉඟි කරයි. ගිනිකොන දෙසින් රළු හඬින් කපුටකු හැඬීම ලෙඩ දුක් කරදර ගෙන දේ. ගිනිබිය ඇතිවේ. දුක් මුසු පුවත් අසන්නට ලැබේ. උතුරු දෙසින් සෞම්‍ය හඬින් හැඬීම යන ගමන් වල නොදෙන දන්නා හඳුනන රෝගියෙකු මිය යන බවට ලකුණකි.

කපුටෙකු හිසට උඩින් ආසන්නව පියාඹා යෑම හදිසි මරණයක ලකුණකි. කපුටෙකු නිරිතදිශාවේ සිට රළු හඬින් හැඬීම අශුභ සිදුවීමක් හඟවයි.මෘදු ස්වරයෙන් හැඬීම සතුටක ඉඟියකි. කපුටෙකුබස්නාහිර දිශාවේ සිට මෘදු හඬින් හැඬීම වැසි හෝ ලාභ ගෙනදේ. ඇතැම් පොතපතේ සඳහන් වන්නේ කපුටෙකු උතුරු දිගින් රළු හඬින් වැසි හෝ ලාභ ගෙනදේ. ඇතැම් පොතපතේ සඳහන් වන්නේ කපුටෙකු උතුරු දිගින් රළු හඩින් හැඬීම ‍හේතුවෙන් දිළිඳු බවසර්ප භය හා දුක් ගෙන දෙන බවයි. ඊසාන දිශාවේ සිට සෞම්‍ය හඬින් හැඬීම ලාභ ගෙන දෙන බවට ඉඟියක් වේ. කපුටකු ඊසාන දිශාවේ සිට රළු හඬින් හැඬීම රෝගයක පෙරනිමිත්තකි. අලුතින් දළු දැමූ ගසකසුවඳවත් මල් සහිත ගසක මිහිරි පල සහිත ගසක බෙන වැනි සිදුරු රහිත ගසක සිට කපුටෙකු කරව් කිරීම යහපත් සේ සලකයි. කටු සහිත ගසකහෙන ගැසූ ගසක මැරුණු ගසක සිට කපුටා හඬයි නම් යහපත් නොවේ. කරදරයකරෝගයක ඉඟියකි. තිත්ත රස පල සහිත හෝ තිත්ත රසැති කොහොඹ වැනි ගසක සිට හඬයි නම් කාර්ය හානි වන බව කියා පායි. තණ කොළ කඩමින් හැඬීම ගිනි අනතුරක හෝ නිවැසියන් දුකට පත්වීමේ ඉඟියක් හඟවයි.

දහවල නිවසක වහලය මත සිට රලු හඬින් හැඬීම සොර සතුරු කරදරයකි. එහෙත් මෘදු හඬින් හැඩීම යහපත්ය.

මැරුණු ගසක හෝ මල අත්තක සිට නිවස දෙස බලා රළු හඬින් හැඬීම විපතක ලකුණක් වේ.

කපුටෙකු හිස මතට කළු පැහැයෙන් පැහැරීම නරක අපල කාලයක ආරම්භය හඟවයි. කපුටෙකු හිස මතට සුදු පැහැයෙන් පැහැරීම නරක අපල කාලය අවසන් බවට ඉඟියකි. එසේම යන එන ගමන සාර්ථක වන බවට ලකුණකි. සුදු පැහැයෙන් පිටෙහි පැහැරීම සැප සම්පත් සහිච අනාගතයක් හිමිවන බවට ඉඟියක්වේ. ළයෙහි පැහැරූ කල සියලු දේ විනාශ වේ. තනයෙහි පැහැරූ කල මංගල කටයුතු සඵල වේ. නළලෙහි පැහැරීමදටික දිනකින් යහපත සැලසෙන බව කියයි. කණ මතනහය මත පැහැරීම අශුභය. බෙල්ල මත පැහැරීම රෝග පිළිබඳ ඉඟියකි. හස්තයෙහි පැහැරීම ඥාති හිත මිතුරන්ට අශුභ බව කියැවේ. පාදයෙහි පැහැරීම සතුරු බිය සිත් තැවුල් ගෙනදේ. කට තුළ පැහැරීම ධන ලාභ ගෙන දේ.

කපුටන් කොතැනක හො රැදී ඇති ජලය නානවා දුටුව හොත් වර්ෂාවක පෙරනිමිත්තක් බව සිතාගත යුතුය. නිවස ඉදිරිපිට කපුටු කූඩු තැනීමදඅශුභ ය  කරදරඅසමඟියඅගහිඟ ගෙනදේ. තවදකපුටා පැහැරීම පුරුෂ පක්ෂයට දකුණු පසටද ස්ත්‍රී පක්ෂයට වම් පසටද ශුභසේ කපුටු ශාස්ත්යේ සඳහන්ය.

මෙහි සත්‍ය අසත්‍ය පිළිබඳව මනසින් උසස් මිනිසුන් කල්පනා කළ යුතුය.හුණු සාත්තරය, කපුටු සාත්තරය, අනාවැකිය,  හූනන් කියන අනාවැකි . වාසනාව පත් සම්බන්ධයෙන් හුනු අනාවැකි,කිවිසුමෙන් කියන අනාවැකි,ගමන් බිමන් යාමේ දී පළමුව හමුවන පිරිස් මත පදනම් වු අනාවැකි,කකුලෙන් හා නියපොතු වලින් කාන්තාවන් හා පිරිමන්ගේ දෙපාවලින් කියවෙන අනාවැකි,උපන් ළප වලින් කියවෙන අනාවැකි,උදයට දහවලට රාත්‍රියට ගෙදරට එන සත්නු වත්තට එන සතුන් මගින් කියවෙන අනාවැකි, මංගල හා අවමංගල අනාවැකි කියන නරියා, සුනඛ අනාවැකි,කණකොකා,කෑරලා,බකමුණා,ආදි  වශයෙන් විවධ සතුන්ට හරහා කියවෙන අනාවැකි හරිද වැරදිද යන්න අප කල්පනා කළ යුතුය. සත්තකින්ම ඒ සත්‍යද අසත්‍යද යන්න එක්වරක් නොව දෙවරක්ම සිතිය යුතුව ඇත.
අනානොගෙන අනාවැකි කියන්නට අසන්නට විමසන්නට කියන්නට හැකි පිරිස අතරේ මුහුණ බලා,අත බලා කේන්ද්‍රය බලා නැතිනම් හදහන බලා මිනිසුන් පරිසරය. රටට, රටේ දේශපාලනය, දේශාපලන නායකයන්ට ආදී විවිධ අංශ යටතේ අනාවැකි කියන පිරිස් පිළිබඳව බුද්ධියෙන් කල්පනා කර, නිගමනයකට එළ බිම වැදගත්ය.
මුළු දිවයිනටම සාමවිනිසුරු දේශමාන්‍ය දේශබන්දු ඉන්දියානු ජ්‍යෙතිෂ උපාධිධාරි කර්මකාණ්ඩි භූෂාන් අජිත් කොල්ලුරගේ මහතා සඳහන් කරන්නේ කපුටා හා විවිධ සතුන්ගේ අනාවැකි මනසින් අවබෝධකරගෙන කටයුතු කරන ලෙසයි. මෙය හරිද වැරදි ද කියන්නට අපට නොහැකි නමුත්, බුද්ධිමත් මිනිසුන් මේ සම්බන්ධයෙන් ගන්නාවු තිරනය ඔබම සතු බව හෙතම වැඩිදුරටත් පවසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *