මිනුවන්ගොඩ අසාධිතයන් 69 දෙනාගේ සමීපතමයින් සොයා මෙහෙයුම්

මිනුවන්ගොඩ ඇගලුම් කර්මාන්ත ශාලාවේ සේවය කල කොරෝනා ආසාධිත කාන්තාව සමග සබධකම් පැවැත්වූ 70 දෙනෙකු ඊයේ දිනයේ PCR පරීක්ෂණය සිදුකල අතර එහි ප්‍රතිපල අද උදැසන වන විට නිකුත් කලද ප්‍රසිද්ධියට පත්කිරීම පමා කරන ලදී අද දහවල් 11 ට පමණ අදාල වාර්තාවන් ඉදිරිපත් කරමින් යුධ හමුදාපතිවරයා සදහන් කලේ ඇගලුම් කර්මාන්ත ශාලාවේ 69 දෙනෙකු ට කොරෝනා අසාධනය වී ඇති බව නිවේදනය කරන ලදී

මෙලෙස කොරෝනා ආසාධිත සේවකයින් පිරිස මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර සදහා රෝහල්වෙත අනුයුක්ත කර ඇතඅදාල අසධිතයින් 69 දෙනා පදිංචිව සිටි ස්ථාන සෞඛ්‍ය අංශ සහ පොලීසිය සහ යුධ හමුදාව විමර්ශනය කරමින් ඇත

ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අද්‍යක්ෂ කාර්යාලයේ මෙහෙයවීම මත අද දිනයේ ඇගලුම් කර්මාන්ත ශාලාවේ සේවය කල සේවක කණ්ඩායම් බස් රථ මගින් කර්මාන්ත ශාලා භූමියට රැගෙන PCR පරීක්ෂණ සදහා යොමුකර ඇත මිනුවන්ගොඩ සහ දිවුලපිටිය නගරයන් පාලුවට ගොස් ඇති අතර නගරයේ සියලු වෙළද සැල් වසා දමා ඇත පොලිසිය සහ යුධ හමුදාව එක්ව මාර්ග බාධක දමා රැකවල් යොදවා ආරක්ෂාව තරකර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *