උඩු ගුවන ජයගන්න රවණා යුගයට ගිය ලංකාවේ මිනිසා සොයා

දඬු මොනරය ධාවනය කිරීම සඳහා රාවණා රජු රසදිය භාවිත කළා

සත්තකින්ම අහසපුරා සිතගත මනස නින්නාදවන්නා වු ගුවන් යානාවකින් ගුවන් ගමනක් යන්නට ඇත්නම් සත්තකින්ම අගනේය.මේ එවැනි ගුවන් ගමනකි.මෙම ගුවන් ගමන පුරාම රසවත් වු කාලයක් ගත කරන්නට හැකි යාව ලැබේ.මේ එවැනි ගුවන් ගමනක අතිශය සුවිශේෂ වු ගුවන් චාරිකාවකි.අතීත ශ්‍රී ලංකාවේ පැවැති ගුවන් තාක්ෂණය ඉස්මතු කරගැනීමේ අරමුණෙන් ගුවන් පුරා විද්‍යාව නමැති විෂය ක්ෂේත්‍රය ගොඩනැඟීමට පුරා විද්‍යා පශ්චාද් උපාධිධාරී ගුවන් කපිතාන් හර්ෂ ගෝමින්ද කෝරළේආරච්චි මහතා වෙහෙස වෙන අපේ කතාන්දරයේ කතා නායකයා අපේ කතාන්දරයේ ගුවන් නියමුවා ය. සත්තකින්ම අපට ආගන්තුක,මේ නව ක්ෂේත්‍රය ගැන විසල් වු සොයා ගැනීමක්  සමඟින් රසවත් කරුණුවලින් වලින් සපිරි කතාන්දරයක් මේ ගුවන් ගමනින් අපට දැනඋගෙන ගන්නට හැකිය.එමෙන්ම එය ඔබට නව අද්දැකීමක් ද ලබා ගන්නට සමත් විෂය ධාරාවක් ලෙසින්ද හඳුන්වා දිය හැකිය.

අපට ආගන්තුක ගුවන් පුරාවිද්‍යා ක්ෂේත්‍රයක් සොයාන මේ කතාන්දරය.පිළිබඳව, පර්යේෂණයක  නියැලී සිටින හර්ෂ ගෝමින්ද කෝරළේආරච්චි අපේ කාලයේ නව සොයාගැනීම් අතරේගත් කළ ඉදිරියෙන්ම සිටින පුද්ගලයෙකි.ගුවන් යානා තාක්ෂණය පුරාවිද්‍යාව සමඟ සම්බන්ධාවයක් ඇතිබව හර්ෂ ගෝමින්ද  කෝරළේආරච්චි පවසයි.

පුරාවිද්‍යාවෙන් කෙරෙන්නේ අතීතයේ ජීවත් වුණු මිනිසුන්ගේ වෙනස්වීම් අධ්‍යයනය කිරීමකි.මිනිසුන්ගේ සිතුම් පැතුම් විවිධ හේතු නිසා කලින් කලට වෙනස් වේ.අධ්‍යයනයන් කරන විට අපට පෙනෙනවා.ශිෂ්ටාචාර ඇති වෙනවා.කලක් පවතිනවා.පසුව නැතිවෙනවා. ඒ ශිෂ්ටාචාරවල ජීවත්වුණු මිනිස්සු දියෙන්,ගොඩබිමෙන් තමන්ගේ අවශ්‍යතා ඉටුකරගත්තා.ඔවුන් තමන්ගේ අවශ්‍යතා ඉටු කරගනිද්දී උඩු ගුවන භාවිතයට ගත්තේ නැහැ කියලා කාටවත්ම කියන්න බැහැ.අතීතයේ ජීවත්වුණු මිනිසා අත්පත් කරගෙන තිබුණු ගුවන් යානා තාක්ෂණය කෙබඳුද කියන ගැටලුව මතුවන්නේ මෙතැනදී ඉතා වැදගත්වනු ඇති බව හෙතෙම සඳහන් කරයි.

අතීතයේ ජීවත් වුණු මිනිසාට ගුවන් යානා තාක්ෂණය පිළිබඳ දැනුමක් තිබි ඇති බව තහවුරු වී ඇති බව අපට තොරතුරු ඇතිබව හර්ෂ පෙන්වා දෙති. ඇත්තටම එය ඉතිහාසයේ යම් යම් කරුණුකාරනා පිළිබඳව අධ්‍යනය කිරිමේ  දී දැකගත හැකිය. 

හර්ෂ ගෝමින්ද  කෝරළේආරච්චි  සඳහන් කරන පරිදි සාක්ෂි රැසක් පෙන්වා දෙති.මේ අනුව,ගුවන් යානා තාක්ෂණයට සම්බන්ධ රූප සටහන් ඊජිප්තුවේ ගීසාහි පිරමිඩ්වල සටහන්ව තිබෙනවා. අජන්තා එල්ලෝරා ගුහාවල රාවණාගේ ගුවන් යානා තාක්ෂණය ගැන සඳහන් සිතුවම් දක්නට ලැබෙනවා.ලෝකයේ ඇතැම් ස්ථානවල කෙරුණු කැණීම්වලදී ගුවන් යානා ආකෘති සොයා ගන්න විද්‍යාඥයන් සමත්වෙලා තිබෙනවා.අඩු වැඩි වශයෙන් ලොව සෑම ශිෂ්ටාචාරයක් සම්බන්ධයෙන්ම ගුවන් යානා තාක්ෂණයට සම්බන්ධ තොරතුරු රට රටවල විද්‍යාඥයන් සමත්ව තිබෙනවා.

මේ යටතේ,ගුවන් පුරාවිද්‍යාවට සම්බන්ධ ලිඛිත සාක්ෂි ඇත.ගුවන් පුරාවිද්‍යාවට සම්බන්ධ හොඳම ලිඛිත සාක්ෂි තිබෙන්නේ ආසියාවේ.එහිදී ශ්‍රී ලංකාව,ඉන්දියාව,චීනය,ටිබෙටය වැනි රටවලට විශේෂ තැනක් හිමිවේ.මෙහි දී අතීත ශ්‍රී ලංකාවේ ගුවන් යානා තාක්ෂණය තිබුණු බවට ලිඛිත සාක්ෂි තිබේ.එම ලේඛන ලංකාව පාදක කරගෙනම ලියැවුණු ඒවා නොවෙයි.නමුත් ගුවන් යානා තාක්ෂණය පුරාණ ශ්‍රී ලංකාවේ පැවැති බව ඒවායෙහි සඳහන් වේ.

ගුවන් පුරාවිද්‍යාව පිළිබඳ පර්යේෂණයක නියැලෙන්නෙකු හැටියට මට ඒ ලිඛිත සාක්ෂි පරිහරණය කරන්න හැකියි.එවැනි ලිඛිත සාක්ෂි රැසක් මොහු සතුව පවතී.මේ අනුව,වාල්මිකීගේ රාමායනය ප්‍රේම වෘත්තාන්තයක්,රාමායණයෙහි සඳහන් වුවත් ලංකාවේ පැවැති ගුවන් යානා තාක්ෂණය පිළිබඳ තොරතුරු එහි අඩංගු වේ.විමාන ශාස්ත්‍රම් පොතේද මේ සමබන්ධයෙන් කරුණු සඳහන් වේ.විමාන ශාස්ත්‍රම් යන්නෙහි අර්ථය ගුවන් යානා තාක්ෂණය යන්නයි.සංස්කෘතයෙන් ලියැවුණු ලංකා තරණ,මහායානා බුද්ධාගමට සම්බන්ධවූත්, ද්‍රවිඩ බසින් රචනා වී තිබෙන්නාවූත් මාමල්ගෛ මෙන්ම ද්‍රවිඩ බසින් ලියැවී ඇති මනිමේකලායි යන කෘති ය. ඒ හැරුණු විට මහාභාරත්හි ඇතැම් තැනකත්, භගවත් ගීතාවෙහිත්, අල් කුරාණයෙහිත් (ලයිලාටුල් පරිච්ඡේදයේ), බුදු දහමෙහි එන විවිධ සූත්‍ර පිටකවලත් ගුවන් යානා පිළිබඳව තොරතුරු සඳහන්වෙලා තිබෙනවා. උපනිෂද්, මනුස්මෘති සහ ෂිව්පුරාණ් යනු ඒ පිළිබඳ තොරතුරු සඳහන් තවත් කෘති කිහිපයක් වශයෙන් සඳහන් කළ හැකියි.

මෙයට අමතරව, පුරාණ ලංකාවේ පැවැති ගුවන් තාක්ෂණය ගැන මේ කෘතිවලින් කිසිවක ඍජුවම කරුණු සඳහන් වෙනවා.මෙහිදී රාමායනය හුන්වා දිය හැකියි.රාමායනයේ හත්වන පරිච්ඡේදයේ 11 වැනි කව සුන්දර් කන්ද වශයෙන් දැක්වෙනවා.එහි සඳහන් වෙනවා. හනුමා ලංකාවට එනවිට ලංකාවේ ගුවන් තොටුපොළ තිබුණු හැටි,ඒවායේ ගුවන් යානා නවත්වලා තිබුණු අන්දම,එම යානාවල තටුවල ශක්තිමත් භාවය,දිස්නය ආදිය ගැන මෙහි සඳහන් වෙනවා. එයට කලින් හනුමා එවැනි විශාල යානා දැක නොතිබුණු බවත් සඳහන් වෙනවා.මේ රටේ ගුවන් යානා,ගුවන් තොටුපොළ නොතිබුණා නම් වාල්මිකී ඒ දැනුම රාමායනයට ඇතුළත් කරන්නේ කොහොමද කියලා තර්ක කරන්න පුළුවන් කමක් තිබේ.

අප මුලින් සඳහන් කළ පරිදි හනුමා දුටු ඒ ගුවන් යානා නවතා තිබුණේ ලංකාවේ කවර ස්ථානවල ද කියලා අනුමාන කරන්න හැකියි.හනුමා ලංකාවට පැමිණෙන්නේ තලෙයි මන්නාරම හරහා බව සඳහන් වේ.

හනුමන් පාලම, ආදම්ගේ පාලම හැටියට හැඳින්වෙන්නේ එම ස්ථානවේ.එතැනින් හනුමා, තල් අඩිවලට ළඟා වෙනවා. තල් අඩි කියන්නේ හනුමාගේ තාවකාලික නැවතුම් පොළක්. ජනශ්‍රැතියේ සඳහන් වෙන්නේ හනුමා ගාල්ල උනවුටුන රූමස්සල කන්ද දෙසට ඉන්පසුව පැමිණෙන බවකි. මෙරට තිබුණු ගුවන් තොටුපළ හනුමා දකින්නේ ඒ අවස්ථාවේදී බව සඳහන් කළ හැකියි. මෙයට අමතරව,අශෝක කඳු වැටිය තිබුණු බව විස්තර කෙරෙනවා. හනුමා දුටු ඒ ගුවන් තොටුපොළ කිහිපයක් තිබේ.එකල මෙරට ස්ථාන හයක ගුවන් තොටුපළ තිබෙන්න ඇති කියලා හිතන්න හැකියි.කුරුණෑගල – වාරියපොළ, මාතලේ – වාරියපොළ, ගුරුළුපොත, වේරගංතොට, තොටුපොල කන්ද සහ උස්සන්ගොඩ යනු ඒ ස්ථාන හයයි. එකී ස්ථානවල ගුවන් තොටුපොළ තිබෙන්න ඇත්තේ මන්ද කියා තවදුරටත් තහවුරු කරගත හැකි වන්නේ අතීතයේදී මෙරටට බලපෑ සුළං ධාරා පිළිබඳව අධ්‍යයනය කිරීමකින් පසුවයි.මේ සියල්ලම මගින් මේ කරුණු සටහන් කළ හැකියි.

අතීත ශ්‍රී ලංකාවේ ගුවන් තාක්ෂණය ගැන කතා කරන්න මෙවැනි ලිඛිත සාක්ෂි පමණක් නොවෙයි.ඒ හැරුණු විට අපේ ජනශ්‍රැතියේ එන කාරණාත් මෙහිදී වැදගත් වේ.එපමණක් නොවෙයි.කැණීම් කටයුතු හරහා කෙරෙන විද්‍යාත්මක පර්යේෂණ මාර්ගයෙන් ගන්න තොරතුරුත් මේ විෂය ගොඩනැඟීම සඳහා සාධකද මෙයට එක් කළ හැකියි.

අතීත ශ්‍රී ලංකාවේ පැවැති ගුවන් තාක්ෂණයට සම්බන්ධ දෑ අපේ ජනශ්‍රැතියේ ද අන්තර්ගත වී තිබේ.එවැනි තොරතුරු අපේ ජනශ්‍රැතියේත් දැකිය හැකියි.සත්තකින්ම අපි ඒවා එකතු කරගෙන පර්යේෂණයට ලක් කළ යුතුයි. ජන කොටසකගේ සිතුම් පැතුම් ඒ ජන කොටසට අයත් ජනශ්‍රැතිය තුළ තිබෙනවා.විශ්වය තුළ තිබෙන දැනුමට එහා ගිය දැනුමක් ජනශ්‍රැතියට ඇතුළත් වෙන්නේ නැහැ. ඒ නිසා යම් පුද්ගලයකු ඔහුගේ සමාජය තුළ ජීවත්වන විට ලබාගන්නා දැනුම ඒ සමාජයේ මුල් බැසගත් මූලාශ්‍රවලට සම්බන්ධයි. උදාහරණයක් හැටියට සීගිරියේ ජීවත්වන කෙනෙකු ගැන හිතන්න. ඔහු දන්නා තරම් සීගිරිය සම්බන්ධ ජනකතා,ජනප්‍රවාද,සම්ප්‍රදායන් අපි දන්නේ නැහැ.පුරාණ ලංකාවේ පැවැති ගුවන් තාක්ෂණය පිළිබඳවත් ජනශ්‍රැතිය තුළ කරුණු තිබෙන්න පුළුවන්. අපි ඒවා එකතු කරලා සංරක්ෂණය කළ යුතු වෙනවා.

මේ අනුව,ජනශ්‍රැතිය තුළ තිබෙන එවැනි කාරණා වත්මන් ජනගත වෙනවා.මේ අනුව, කිසියම් ප්‍රදේශයක භාවිතයට ගැනෙන සංකේතයක,පුද පූජා විධියක අන්තර්ගත වෙන්න හැකියි.කිසියම් තැනෙක තිබෙන චිත්‍රයක,සටහනක එවැන්නක් පවතින්න ඉඩකඩ තිබෙනවා. ජන කතාවක, ජන කවියක වුණත් පුරාණ ගුවන් යානා තාක්ෂණයට සම්බන්ධ කාරණා ඇතුළත් වෙලා තිබෙන්න හැකියි.

මේ රටේ ජනතාවටද අද මහගු අවස්ථාවකි තිබෙනවා. ඒ තමයි ඔබත් යම් කිසි ආකාරයක මේවැනි තොරතුරු ඔබ සතු නම් ඒවාද ජනගත කළ හැකියි.එයට තාක්ෂණය ඔස්සේ තොරතුරු ලබාදිය හැකියි.එවැනි කාරණා ගැන කරුණු කාරණා මා ආරම්භ කර තිබෙන www.aasrilanka.com වෙබ් අඩවියට එවැනි තොරතුරු සිංහල හෝ ද්‍රවිඩ හෝ භාෂාවලින් යොමු කරන්න හැකියි.Aviation Archaeology Sri Lanka – ෆේස් බුක් ෆෑන් පේජ් එකටත් ඒ තොරතුරු යොමු කළ හැකියි.

මෙරට ගුවන් තොටුපොළ තිබුණායැයි කියන ඒ ස්ථාන ආශ්‍රිතව එවැනි පර්යේෂණයන් කිසිවක් මේ දක්වා සිදු වී නැද්ද? ප්‍රශ්ණයකි.මේ අනුව,අමෙරිකා ජාතික පර්යේෂකයන් කණ්ඩායමක් වරක් එවැනි පර්යේෂණයක නියැළුණු බව මට දැනගන්න ලැබුණා. ඒ අනුව ඔවුන්ගේ නිගමනය වී ඇත්තේ රසදිය සම්බන්ධ කර තනාගත් ඇන්ජිමක් සහිත යානයක් රාවණා භාවිතයට ගෙන තිබෙන බවක්.එය ඉතා වැදගත් පර්යේෂණයක් හැටියට මා දකිනවා.

මෙම නවතම සොයාගැනීම නිසා රටට අදට හෙටට සිදුවන සමාජමය වැදගත්කම රටට ද හිතකර බව, පුරා විද්‍යා පශ්චාද් උපාධිධාරී ගුවන් කපිතාන් හර්ෂ ගෝමින්ද කෝරළේආරච්චි මහතා සඳහන් කරයි.

සත්තකින්ම ලංකාව සංවර්ධනය කරන්න අපට තාක්ෂණය, ප්‍රාග්ධනය නැහැ කියලා අපි මැසිවිලි නඟනවා. අපි හැමකෙනෙකුම හීන මවන්නේ අපේ රට දියුණු තත්ත්වයකට රැගෙන එන්න. රටට පාලනය කළ නායකයෝද මේය අඩු වැඩි බවින් කරලියට ගෙනවිත් තිබෙනවා. අපගේ හැකියාව දක්ෂතාවය නිපුනත්වය මත තාක්ෂණය ද එක් කර මෙය කරලියට එක් කළ හැකියි.සමාජ මාධ්‍යය භාවිතය තුළ අපේ ජනශ්‍රැතියේ තිබෙන බොහෝ දෑ අපෙන් ශීඝ්‍රයෙන් ගිලිහී යනවා. අතීත ශ්‍රී ලංකාවේ පැවැති ගුවන් තාක්ෂණය ගැන ජනශ්‍රැතියෙන් කරුණු මතු කරගන්න හැකි අවසාන අදියරේ දැන් අපි ඉන්නේ. ඒ නිසා ඒ අවස්ථාව මඟ හරින්න පුළුවන්කමකුත් නැහැ. පුරාණ ලංකාවේ ගුවන් තාක්ෂණය ගැන කරුණු මතු කරගෙන ප්‍රචලිත කිරීම හරහා අපේ රටේ ගුවන් සේවාවන්ට වැඩි වටිනාකමක් ලැබෙනවාට කිසිම සැකයක් නැහැ. එය අපේ රටේ ආර්ථික දියුණුවට රුකුලක්. ඒ වගේම අපේ අතීත ගුවන් තාක්ෂණය නරඹන්නට ඉඩ සලසමින් සංචාරක ක්ෂේත්‍රය නංවන්න විශාල ඉඩක් තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ගුවන් පුරාවිද්‍යාව කියන විෂය ක්ෂේත්‍රය ගොඩනැංවීමෙන් සහ ඊට අදාළ පර්යේෂණ සිදු කිරීමෙන් ලබන දැනුම මෙරට ආර්ථික සංවර්ධනයට සහ ජාතීන් අතර සමගිය, සුහදතාව වර්ධනයට පමණක් යොදාගන්නා බව මා මෙහිදී අවධාරණය කළ යුතුමයි.

මේ අනුව, ගුවන් පුරා විද්‍යා ක්ෂේත්‍රය විශ්මය ජනක ශක්‍යතා සහිත ක්ෂේත්‍රයකි. ගුවන් තාක්ෂණය, ගමනාගමනය, සංචාරක කටයුතු සහ රටක සංස්කෘතිය අසීමාන්තික ලෙස යහපත්ව පෝෂණය කිරීමේ හැකියාව එයට ඇත. ගුවන් පුරා විද්‍යා ක්ෂේත්‍රයේ වර්ධනයත් සමඟ තරුණ කොටස්වලට ව්‍යවසායකත්ව පහසුකම් පුළුල්වීමක් ද සිදුවේ. අභිරහස්, පුරාණෝක්ති සහ ආනුභවික සාක්ෂි මේ විෂය ක්ෂේත්‍රය තුළ සුලභව දැකිය හැකිය. අතීතයත් වර්තමානයත් එකට ඈඳන ඉතා විචිත්‍රවත් ගෙත්තමක් ඒ හරහා මතුවේ. ඉන්මතු ඒ වියමන අනාගතය කරා ද දිවෙයි. ගුවන් නැවියටත්, වික්‍රමයන් පාන්නන්ටත්, නිදහස් මතධාරීන්ටත්, පර්යේෂකයන්ටත්, අංකුර ව්‍යාවසයකයන්ටත් මේ ක්ෂේත්‍රය තුළ ඉතාමත් යහපත් ප්‍රවණතාවන් ඇතිවන බවට, ගුවන් පුරා විද්‍යා ක්ෂේත්‍රයට කැමැත්තක් දක්වන අයත් එම ක්ෂේත්‍රයේ විවිධ වෘත්තිකයෝත් නිමිති පළ කරති.අහස මායිම වීම ම එහි භාව්‍යයයි. ගුවන් පුරා විද්‍යා විෂයය ක්ෂේත්‍රය ගැන බලාපොරොත්තු තබා ගැනීමටත් එම විෂයය ක්ෂේත්‍රය භුක්ති විඳීමටත් දැන් ඔබට අවස්ථාව හිමිව ඇත.

නිවර්තන කලාපීය රටක පැවති පුරාණ ශිෂ්ටාචාර තාක්‍ෂණය මුසු කළ සොබාදහමේ නොවරදින හාස්කම් හා අබිරහස් ශ්‍රී ලංකාව ලෙස හදුනාගත් ඉන්දියානු මහාද්වීපයට ආසන්නව පිහිටා ඇත. එහි සුවිශේෂී ලක්ෂණ නිසා එය ලොව ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රේණිගත කර ඇත. ක්‍රි.පූ 6 වන සියවස සිට ක්‍රි.ව. 19 වන සියවස දක්වා ආවරණය වන මහා මහා වංශකථාව වන මහවම්සා සහ කාලානුක්‍රමික චූලවම්සා වැනි ඉතිහාසය විසින් ලියන ලද ලොව විශාලතම සිදුවීම්වලින් එකක් ලෙස එය නොකඩවා වාර්තාවක් තබා ඇත.21   වන සියවසේදී ලෝක ගුවන් කර්මාන්තයේ ගෝලීයකරණයත් සමඟ එය දිනෙන් දින ජනප්‍රිය වේ.

නමුත් මෙම කර්මාන්තය අග්නිදිග ආසියානු ජනතාවට නව සංකල්පයක් නොවීය. මන්දයත් ප්‍රාග්අතිහාසික හා ඉතිහාසය පුරා සංකේතාත්මක සෙල්ලිපි ක්‍රමයෙන් සහ කෙටි පණිවිඩ වලින් පිළිවෙලින් විශාල තොරතුරු ප්‍රමාණයක් පැතිරී ඇති බැවිනි.

ශ්‍රී ලංකාවේ පුරාණ ගුවන් සේවා කර්මාන්තය හා ඒ ආශ්‍රිත ස්ථාන සම්බන්ධ සුරක්ෂිත වාචික සාම්ප්‍රදායික තොරතුරු දේශීය ප්‍රජාවන් විසින් පරම්පරාවෙන් පරම්පරාවට ලබා දී ඇත. ශ්‍රී ලංකාවේ පුරාණ ගුවන් සේවා හා සම්බන්ධ මෙම අස්පෘශ්‍ය දත්ත සෘජුව හෝ වක්‍රව හෙළි කිරීමට සහ එය ගෝලීයව ප්‍රවර්ධනය කිරීමට ය. සාහිත්‍ය අධ්‍යනයනයන් සහ පෞද්ගලික සම්මුඛ සාකච්ඡා මගින් පර්යේෂණ දත්ත රැස් කරන ලදී. රැස් කරන ලද දත්ත 21 වන සියවසේ ගුවන් තාක්ෂණය හා කර්මාන්ත තොරතුරු මත පදනම්ව විවේචනාත්මකව කියවා, ක්‍රමානුකූලව විශ්ලේෂණය කර අර්ථ නිරූපණය කරන ලදී. පුරාණ ශ්‍රී ලාංකික සාහිත්‍යයෙහි සඳහන් කර ඇති ගුවන් ප්‍රහාර පිළිබඳ සංකල්පය සම්බන්ධයෙන් සමහර සාක්ෂි විශේෂයෙන් හමු විය.

ශ්‍රීමත් ලෝඩ් හියු ට්‍රෙන්චාර්ඩ් 20 වන සියවසේ ගුවන් ප්‍රහාර සහ උපායමාර්ගිකව බෝම්බ හෙලීමේ සංකල්පයේ ආරම්භකයා ලෙස සැලකේ. නමුත් එකම සංකල්පයක් යම් දුරකට ලබා දෙන ශ්‍රී ලංකා පුරාණ සාහිත්‍යයේ කාල සීමාව ට්‍රෙන්චාර්ඩ් යුගයට වඩා පැරණි ය.පුරාණ ගුවන් සේවා, ගුවන් ප්‍රහාර, අස්පෘශ්‍ය පුරාවස්තු, වාචික සම්ප්‍රදායන්, ශ්‍රීමත් ලෝඩ් ට්‍රෙන්චාර්ඩ්, ගුරුලුගෝමි, අම්මාවතුරා තොරතුරු වලින් සටහන් කළ හැකි කපිතාන් හර්ෂ ගෝවින්ද කෝරලරාච්චි මහතා පවසයි.

කෙසේ නමුත්,ගුවන් පුරා විද්‍යාව මතභේදයට තුඩු දී ඇති විෂයය ක්ෂේත්‍රයකි. එහි අක් මුල් දෙවන ලෝක යුධ සමය දක්වා විහිදෙයි. මේ විෂයය ආරම්භ වන්නේ දෙවන ලෝක යුධ සමයේදී වෙඩි තබා බිම හෙලන ලද ගුවන් යානාවල සුන්බුන් සොයා බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවන් කැණීම් කටයුතු ආරම්භ කිරීමත් සමඟයි.පෞරාණික වටිනාකමක් ඇති ක්ෂේත්‍ර මැනීම,කැණීම මෙන්ම ඒ ස්ථාන ආශ්‍රිතව දත්ත ඒකරාශීකරණය පුරාවිද්‍යා විෂයය සමඟ බැඳී ඇත. එමෙන්ම පුරා විද්‍යාවේ  විෂයය පථය පර්යේෂණ සමඟ ද දැඩි ලෙස බද්ධව පවතී.

වසර ගණනාවක් තිස්සේ ලෝකය පුරා ගොඩනැඟුණු පුරාණ ජන සාහිත්‍යයෙහි අතීත ගුවන් ප්‍රවාහන කටයුතු පිළිබඳව ද තොරතුරු ඇත. මේ නිසා ගුවන් පුරා විද්‍යාව හැදෑරිය යුතු වන්නේ ඉතා පුළුල් දෘෂ්ටිකෝණයකින් බව අවිවාදයෙන් තොර කාරණයකි.ලෝකය පුරා බිහිවුණු විවිධ ශිෂ්ටාචාරවල ජනයා අනාගත තාක්ෂණයන් සිතෙහි මවා ගත්තේ එක්කෝ ඔවුන් ඇසූ පිරූ තාක්ෂණයට සාපේක්ෂවයි.එහෙමත් නැත්නම් අමුතුවෙන්ම මවාගත් සංකල්පයන් සමඟිනි. එනිසා මේ මූලධර්මය මිනිසුන්ගේ සිතුවිලි බලගැන්වීමටත් මිනිසාගේ නිර්මාණශීලිත්වය ගොඩනැඟීමටත් භාවිත කරන්නට හැකිය.ප්‍රාග් ඓතිහාසික අවධියේදී අනුපමේය ගුවන් තාක්ෂණයක් පැවැති බව හැඟවෙන පුරාණෝක්ති ශ්‍රී ලංකාවේ ජන සාහිත්‍යයේ ද දක්නට ලැබේ.

රාවණා රජු, සීතා දේවිය “පුෂ්පක විමානයකින්” ලංකාවට රැගෙන ආ බව රාමායණයෙහි සඳහන් වේ. “පුෂ්පක  විමාන” යනු “දඬුමොනරය” යන්නයි. වෙනත් විධියකට හැඳින්වුවහොත් එය, විශාල මොනර යන්ත්‍රයකි. දඬුමොනරය වශයෙන් හැඳින්වෙන අහස් යාත්‍රාව භාවිතයට ගෙන ලෝ වටා ගිය පළමු රජු හැටියට නම් කළ හැකි වන්නේ ද රාවණා රජුය. දඬුමොනරය යනුවෙන් හඳුන්වනු ලැබූ අහස් යානයක් ගැන තොරතුරු ශිලා ලේඛන, ජාතක කතා සහ පුස්කොළ අත්පිටපත්වල සඳහන් වේ. දඬුමොනරය ධාවනය කිරීම සඳහා රාවණා රජු රසදිය භාවිත කළේයැයි විශ්වාස කෙරේ.දඬුමොනරය පිළිබඳ මේ පිළිබිඹුව පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ආවේ පුරාතන සාහිත්‍යයයි.

අතීත ආකාශ තරණ වැඩ පිළිවෙල හා සම්බන්ධව පැවතියේයැයි කියන ක්ෂේත්‍ර ගැන සඳහන් මුඛ පරම්පරාගත කතා සහ වාචික නොවන සාම්ප්‍රදායන් විශාල ප්‍රමාණයක් ඇත. අතීත ශ්‍රී ලංකාවේ ආකාශ තරණ වැඩපිළිවෙල ගැන වාල්මිකීගේ රාමායණයෙහිත් තොරතුරු සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *