යතුරු පැදි අනතුරින් පාසල් සිසුවා එතනම මියයයි

හතර දෙනෙකු යතුරු පැදියේ ගිහිල්ලා ====වේගය පාලනය කරගත නොහැකිව ටැක්ටරයේ හැපිලා ====රත්ගම දේව පතිරාජ විද්‍යාලයේ 11 ශ්‍රේණියේ සිසුවෙක්

රත්ගම දේව පතිරාජ විද්‍යාලයේ  11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි බූස්ස රේජ්ජිපුර පදිංචිව සිටි 16 හවිරිදි ඉෂාන් සාලිංග පාසල් සිසුවා යතුරු පැදි අනතුරකින් (07 දින) මියගොස් ඇත.

තෙලිකඩ පොලිස් බලප්‍රදේශයේ මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි. මිතුරන් හතර දෙනෙකු සමඟ එකම යතුරු පැදියක නැගි ගමන් කරමින් සිටිය දී ධාවනය වෙමින් තිබු ටැක්කටරයක ගැටී විසිවි අසල තිබු විදුලි කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇත.

යතුරු පැදිය හා ටැට්ටරය මුහුණට මුහුණ ලා වේගයෙන් ගමන් කර ඇත. යතුරු පැදියේ වේගය පාලනය කර ගත නොහැකිව මේ අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය පවසයි. ටැට්ටරයේ රියදුරු පොලිසි අත්අඩංගුවට ගෙන තිබේ.මේවන විට මිය ගිය පාසල් සිසුවාගේ දේශය ගාල්ල කරාපිටිය රෝහලේ තැම්පත් කර තිබේ.පොලිස් පරික්සණ ක්‍රියාත්මක යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *