සයින්දමරුදු නගර සභාවක් වීමේ ප්‍රීතිය සමරයි!!!

පසුගිය ජන්ධිපතිවරන්යෙදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සයින්ද මරුදු ප්‍රදේශයේ පැවති ජන හමුවකදී කියා සිටියේ මැතිවරණයෙන් පසු කල්මුණේ සයින්දමරුදු ප‍්‍රදේශය වෙනම නගර සභාවක් ලෙස නම් කිරීම සිදුකරන බවයි ඊයේ දිනයේ රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ගේ අත්සනින් යුතු ගැසට් නිවේදනයක් මගින් සයින්දමරුදු ප්‍රදේශය මහා නගර සභාවක් බවට පත්කරමින් නිවේදනය නිකුත් කරන ලදී එම නිවේදනයත් සමග එම ප්‍රදේශයේ ජනතාව වීදි බැස රතින්ඥා දල්වමින් සතුට පළ කර තිබේ.

ජනතාව රථ පෙලපාලි යමින් ප‍්‍රිතිඝෝෂා කර ඇත.මහ මග කිරිබත් වෙනුවට බුරියානි දන්සැල් දුන් බවට වාර්තාවෙයි.මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජලා මගින් දැඩි විරෝධයක් මේවන විට එල්ල වෙමින් ඇත පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු එහි ප්‍රධාන සැකකරුවන් වන සහරාන් ඇතුළු පිරිස සැගවී සිටියේ සයින්දමරුදු සුනාමි ධීවර ගම්මානය තුලය පසුව යුධ හමුදාව විශේෂ මෙහෙයුමකින් පසු ත්‍රස්ත කණ්ඩායම ග්‍රහණයට ගැනීමට උත්සහ කල අතර දෙපාර්ශවය අතර එම ප්‍රදේශයේ යුධ පිටියක් බවට පත්වන ලදී අනතුරුව ත්‍රස්ත කණ්ඩායම් සියදිවි හානිකර ගන්නා ලදී

දකුණේ ජනතාව අතර එම සිදුවීමෙන් අනතුරුව දැඩි මුස්ලිම් විරෝධයක් හටගන්නා ලදී දකුණේ බොහෝ ප්‍රදේශවල මුස්ලිම් ජනතාව ඉලක්ක කර දැඩි ප්‍රචණ්ඩත්වයක් මුදාහරින ලදී මෙරට සංඝ සමාජය තුල දැඩි මුස්ලිම් විරෝධයක් ගොඩනැගීම තුල පසුගිය ජනාධිපතිවරණයේදී සිංහල ජාතිය රැකගැනීමේ දැඩි මතයක් සමාජ ගතකිරීම සිදුකරන ලදී මේ නිසා දකුණේ සිංහල මැතිවරණ බලප්‍රදේශ වලදී ගෝඨාභය රාජපක්ෂ වත්මන් ජනාධිපති තුමන්ට 65% ඉකමවූ ප්‍රතිපලයක් හිමිවීමට එම මුස්ලිම් විරෝධය ඉවහල් වීම තුල එම ජනතාව අද වනවිට සිටින මතය කෙසේද යන්න ඉදිරි මැතිවරණයක් තුලදී පැහැදිලි වනු ඇත

දකුණේ සිංහල සමාජය තුල දැඩි ජාතික සහ ජාතිවාදී හැගීම් තුලින් ඇතිවූ පීඩාවන් සමනය කිරීම සදහා මෙම සයින්දමරුදු ප්‍රදේශය නගර සභාවක් කිරීම තුල රට තුල ජාති වාදය වෙනුවට සමගිය නැවත ඉස්මතු වීම සිදුවිය යුතුය සියලු ජාතීන්ට සමාන අයිතිය ලබාදිය යුතුය එය ජාතික සමගිය වෙනුවෙන් කලයුතු කාරයකි අනත්වාදී සිංහල කණ්ඩායම් මොන තර්ක නැගුවද සියලු ජාතීන් සමගියෙන් සිටීම රටක් ලෙස හිතකරය මේ නිසා මැතිවරණයකදී පමණක් ජාතිවාදය කරපින්නා ගන්න සිංහල ජන සමාජයට දැන් සිතුවිලි වෙනස් කරගැනීමට අවස්ථාව උදාවී ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *