හෙද කාර්යමණ්ඩල වල ජීවිත සහ ආර්ථිකය සුරක්ෂිත කරන්න // සමස්ත ලංකා හෙද සංගමය

කොවිඩ් – 19 (#Covid 19) වසංගතය හමුවේ හෙද කාර්ය මණ්ඩලය මුහුණදෙන දැඩි අවධානම අවම කරගෙන ප‍්‍රසස්ථ සේවාවක් ලබා දෙනු පිනිසයි.

රෝගියා සමග ඉතාමත්ම සමීපව කටයුතු කරන හෙද කාර්ය මණ්ඩලය #කොවිඩ් – 19 (#Covid 19) වසංගතය හමුවේ වැඩිම අවධානමකට ලක්ව ඇති සේවක කණ්ඩායම බව දැනටමත් ඔබතුමිය හොදින් දන්නවා ඇති බැව් සමස්ත ලංකා හෙද සංගමයේ ප‍්‍රධාන ලේකම් එච්. එම්. එස්. බී. මැදිවත්ත නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පවතින අසීරු තත්වයන් හමුවේ ප‍්‍රසස්ථ සේවාවක් ලබාදෙමින් සිටින හෙද හෙදියන් ඇතුළු කාර්ය මන්ඩලයන් සුරක්ෂිත කිරීම අප රට හමුවේ ඇති සුවිශේෂී අභියෝගයකි. ඒ සදහා වගකිවයුතු වෘත්තීය සමිතියක් ලෙස පහත සදහන් යෝජනා ඉදිරිපත් කරමු.

අවම සේවක සංඛ්‍යාවක් යොදවමින් ඔවුන්ගේ ආර්ථික සුරක්ෂිතතාවයද ඇති කිරීම සදහා වැඩපිළිවෙලක් සකස් කිරීමට යෝජනා කරමු. එහිදී ආයතනවල සේවය කරන කාර්ය මණ්ඩලවලින් 1/3 ක් හෝ ප‍්‍රමාණවත් අවම ප‍්‍රමාණය පමණක් මගින් වැඩි සේවා මුර ප‍්‍රමාණයක් නියමිත කාලයකට ආවරණය කර ඉතිරි කාලය ඔවුන්ට නිවසේ හෝ නේවාසිකාගාරවල ආරක්ෂිතව ගත කිරීමට අවස්ථාව ලබාදීම. එලෙස සේවය කිරීමේදී හෙද හෙදියන් අනිවාර්යෙන්ම දැඩි ආර්ථික අනාරක්ෂිතතාවයකට පත්වේ. එබැවින් සියළු හෙද හෙදියන්ගේ (හා කාර්ය මණ්ඩලවල) ණය වාරික අයකරගැනීම මාස 06 කට අත්හිටුවීමට යෝජනා කරමු.

ඇදිරි නීතිය සමග වන ප‍්‍රවාහන ගැටළු ප‍්‍රබලව බලපානු ලබන සේවක කාණ්ඩය හෙද හෙදියන්ය. ඇතැම්විට ඔවුන් දිස්ත‍්‍රික්ක කීපයක් දුර ගෙවා ගෙන තම සේවා ස්ථානයට පැමිණෙන්නේ ප‍්‍රවාහන හා නේවාසික පහසුකම් කිසිවක් නොමැති නිසාවෙනි. මේ අවස්ථාවේ ප‍්‍රවාහන ගැටළු නිසා සේවයට පැමිණීමට නොහැකිව සිටින හෙද හෙදියන්ට රාජකාරී නිවාඩු ලබා දෙන ලෙසට ඉල්ලා සිටිමු.

කොවිඩ් – 19 (#Covid 19) වසංගතය හමුවේ අනාරක්ෂිතම සේවක කොටසක් බවට පත්ව ඇත්තේ ගර්භණී හෙද හෙදියන් ඇතුළු ගර්භණී කාර්ය මණ්ඩලයන්ය. ඔවුන්ටද වහාම ක‍්‍රියාත්මක වන පරිදි රාජකාරී නිවාඩු ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු.මෙම යෝජනා කෙරෙහි ඔබතුමියගේ කඩිනම් අවධානය යොමුකරනු ඇතැයි අප විශ්වාස තකරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *