සේනා දළඹුවා ගාල්ලෙන් මතුවෙයි පැතිරීම කඩිනම් පියවර ගන්න ගම්වැසියෝ ඉල්ලති

දළඹු විශේෂයක් ගාල්ල වදුරඹ ලේල්වල වතුයායේ දැකිය හැකි බැව් එම වතුවල සේවය කරන වතු කම්කරුවෝ පවසති.ගෙවතු වගාවන්ට හානි සිදුවන බවට ගම්මුන්ගෙන් චෝදනා සිදුකරන බවද අප කළ සංචාරයක දී ගම්වාසිහු පැවසුහ. මේ දළඹු විශේෂය සේනා දළඹුවාගේ දෑනෑයෙක්ද යන්න ගාල්ල කෘෂිකර්ම නිලධාරිහු සැකකරති.

වදුරඹ පොලිස් කොට්ඨාසයේ ඇල්පිටිය වැවිලි සමාගමට අයත් ලේල්වල වතුයායේ අංක 01 කොටසේ කටුපොල් වගාවට ආරක්ෂිත බෝගයක් ලෙස ඇති උදුවැල් බෝගයට දළඹුවන් විශේෂයක් බෝවිම නිසා එම ප්‍රදේශය අවට ඇති නිවාස වලට හා ගෙවතු භෝග වලට මෙම දළඹවුන්ගෙන් හානි සිදුවි ඇත.

මෙම දළඹුවන් ඉතා ඉක්මනින් ප්‍රදේශය පුරා පැතිරි යන බවට ප්‍රදේශවාසින් චෝදනා කරනු ලබයි.මේ සම්බන්ධව බද්දේගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් දැනුවත් කර ඇත. මෙම වතුයායේ වතු අධිකාරි වන ඩි.ඒ.එස්.සෙනරත් මහතා විසින් මෙම දළඹුවන් විනාශ කිරිමට පියවර ගන්නා බවට ප්‍රදේශ වාසින් දැනුවත් කර ඇති බැව් අප කළ විමසුමකදී ඒ මහතා කීය.

මේ සම්බන්ධයෙන් අද 28 දින ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දී සාකච්ඡා කරන්නට තියමිතව ඇති බව,ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *