තවත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක මිල අඩු කිරීමට පියවර ගන්නවා // සුවපති කියයි

මේ වසරේ ලොකුම අභියෝගය බෝනොවන රෝග වලින් ජනතාව බේරා ගැනීම

පසුගිය වසර කිහිපයේ දී ඖෂධ වර්ග 73 ක මිල අඩු කළ බවත්, 2019 වර්ෂයේ දී එම සංඛ්‍යාව 100 දක්වා වැඩි කිරීම තම අරමුණ බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.මෙම වසරේ දී තවත් ඖෂධ වර්ග රැසක මිල අඩු කිරීම සහ පෞද්ගලික රෝහල්වල මිල නියාමනය කිරීම තම ප්‍රමුඛ කාර්යය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අැමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.ජනතාව වෙනුවෙන් උසස් සෞඛ්‍ය සේවාවක් ලබාදීම වෙනුවෙන් මෙම වසරේ කැපවන බව සදහන් කල අමාත්‍යවරයා මේ වසර තුළ රෝහල් රැසක අඩුපාඩු සකස්කරන බවද අවධාරණය කරන ලදී

දින 53 ක් දේශපාලන අර්බුදය හේතුවෙන් නිර්මාණය වූ ඊනියා ආණ්ඩුවේ අගමැතිවරයා අඩු කළ පැණි බීම බද්ද පෙර තිබූ තත්ත්වයට අඩු කරන බවත් ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව සකස් කරන ලෙස තමන් අමාත්‍යංශ ලේකම්වරියට උපදෙස් ලබා දුන් බවත් සුව ඇමැතිවරයා අවධාරණය කරයි.මෙම වසරේ දී ද ඇති ලොකුම අභියෝගය බෝනොවන රෝග වලින් ජනතාව බේරා ගැනීම බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.එමෙන් රටේ 75% රෝගීන් මිය යන්නේ බෝ නොවන රෝගවලින් බවත් සඳහන් කළ අමාත්‍යවරයා ආහාර භාවිතයේදී ජනතාව මීට වඩා සැලකිලිමත් විය යුතු බවද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *