රට මැද සුනාමියකට අතවනන මොරගහ කන්ද ජලාශයේ කඩිනම් සංවර්ධනය

හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත එවකට කඩි මුඩියේ විවෘත කෙරුණු මොරගහ කන්ද මහා වාරි ව්‍යප්රිතියේ ප්‍රධාන වේල්ල එක් ස්ථානයකින් සිරස් අතට පුපුරා යාම නිසා ඉතා භයානක තත්වයක් ඇතිවී ඇති බවත් පරාක්‍රම සමුද්‍රය මෙන් පස් ගුණයක් විශාල මොරගහ කන්ද ජලාශය අතිවිශාල ජල පරිමාණයක් දරාසිටින ජලාශයක් නිසා මෙහි බැම්මෙහි ඇති අවදානම රට මැද මහා සුනාමියක් බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා සදහන් කරයි. සක්‍යතා අධ්‍යනයන් නොසලකා හරිමින්, නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකිරීම හේතුවෙන් මොරගහකන්ද ජලාශය අවධානම් තත්ත්වයකට පත්ව ඇති බවත් යම් ලෙසකින් ප්‍රධාන වේල්ල පුපුරා ගියහොත් රට මැද සුනාමි තත්වයක් අතිවීමේ අවධානමක් ඇති වන බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

නාමල් කරුණාරත්න මහතා වැඩි දුරටත් මෙහිදී කියා සිටියේ මොරගහකන්ද ජලාශය ඉදිකිරීම් කටයුතු ආරම්භයේම භූ විද්‍යාඥයින් සහ විශේෂඥ දැනුම ඇති අය මෙම මහපොළොවේ හුණුගල්ස්තරයක් තිබෙන බවට ප්‍රකාශ කර තිබුණු බවද මෙම ඉදිකිරීම් කඩිනම් කර ගැනීමට අවශ්‍යතාවය වූයේ යම් යම් අයගේ පෞද්ගලික අවශ්‍යතාවයන් මත ද කියා සිටියේය.

මෙම සිද්ධිය සුළුකොට නොතකා වහාම කෙටි හා දීර්ඝ කාලීන සැලසුම් යෙදවීම ආණ්ඩුවේ වගකීමක් යැයි ද නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා හදිස්සියෙන් මෙම ජලාශය වැඩ නිම කරවා ඔහු විශ්‍රාම යෑමට පෙර විවෘත කිරීමේ හදිස්සියක් පැවති බවද සදහන් කළේය.එහි ප්‍රතිඵල මෙයාකාරයෙන් භුක්ති විඳීමට සිදු වෙන නිසා ඔවුන් මේ වගකීම භාරගත යුතු බවද කියා සිටියේය.

මෙහි ව්‍යාපෘති කළමනාකාරවරයා කුමක් කීවත් රැදවුම් මුදල් රඳවා ගෙන තිබුණද ඒවායින් හානියක් වූ විට පලක් නොවන බවද පසුගිය කාලයේ කන්තලේ වැව් බැම්ම කඩා ගෙන ගිය අවස්ථාවේ සිදුවූ විනාශයද නාමල් කරුණාරත්න මහතා සිහිපත් කළේය.

ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා කළමනාකරණ කටයුතු පමණක් සිදුකරන නිලධාරියකු බව ද ඒ පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති කණ්ඩායම් විශේෂයෙන් විදේශ රටකින් කණ්ඩායම් ගෙන්වා මේ පිළිබඳව වහාම පරීක්ෂාකොට බලා එහි නිවැරදිතාවය පිළිබඳව තහවුරු කරගත යුතු යැයිද නාමල් කරුණාරත්න මහතා ආණ්ඩුවට යෝජනා කරයි.

මෙම සිද්ධිය වාර්තාවීමත් සමග ජලාශය පහළ සිටින දිස්ත්‍රික්ක ගණනාවක ජනයා දැඩි බියකට පත්ව සිටින බවද නාමල් කරුණාරත්න මහතා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *