පහරදීමේ චෝදනාවට බන්ධනාගාරයේ සිටි මන්ත‍්‍රී රංජිත් සොයිසාට ඇප

අයුතු ජන රාශියක සාමාජියෙක්ව සිටිමින් පුද්ගලයකුට පහරදීමේ සිද්ධිය

පසුගියදා ගොඩකවෙල නගරයේදී පුදග්ලයෙකුට මැර ප්‍රහාරයක් දියත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී. රංජිත් සොයිසා මහතා රුපියල් ලක්‍ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරිමට පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් ජනිතා රෝෂිනී පෙරේරා මහත්මිය අද (28) නියෝග කර තිබේ.මෙම ප්‍රහාරයට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අද අධිකරණට භාර වූ අතර ඔහුට ද ඇප නියම කරන ලදී

අයුතු ජන රාශියක සාමාජියෙක්ව සිටිමින් පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ලබන ජනවාරි 01 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.පහරදීමේ සිද්ධීය සම්බන්ධයෙන් මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ඇතුළු සිව්දෙනෙකු පසුගිය 20 වැනිදා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මන්ත්‍රීවරයා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මෝසමක් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය සිදු කර ඇත.
එමෙන්ම අදාළ නඩුව යළි ජනවාරි 01 වැනිදා කැඳවිමටද අධිකරණය තීන්දු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *