එදා රන්ජන්!!මෙදා විදුර !!එකම පාරේ පරිසරය වෙනුවෙන් // වෙනස වෙනස් නොකරමු

එදා රාජ්‍ය නිලධාරීන් සහ මෙදා රාජ්‍ය නිලධාරීන් හරි වෙනස් ද???

පසුගියදා හොරණ ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පරිසරය හානිවන ක්‍රියාකාරකම් වල නිරත ස්ථාන දෙකක් වෙත ගිය රජය අමාත්‍ය විදුර වික්‍රම නායක මහතා රාජ්‍ය නිලධාරීන් පට්ට හොරුන් බවත් ඔවුන් සම්බන්ධයෙන් තමන්ට තොතුරු ඇති බවත් සදහන් කරන ලදී මීට පෙර පවතී රජයේ රාජ්‍ය අමාත්‍ය දුරයක් හෙබවූ රන්ජන් රාමනායක මහතා ද එවැනිම අවස්ථාවකට දිවුල පිටිය ප්‍රදේශයේ දී මුහුණ දෙන ලදී එම අවස්ථාවේ ඇතිවූ විරෝධය මෙවර රාජ්‍ය නිලධාරීන්ගේ ඇතිනොවීම සහ සිදුවීම් දෙක පෙළ ගැසීම සමාන නිසා මේ ඒ පිළිබද විග්‍රහයකි

පසුගිය රජය සමයේ පරිසර විනාශයන් සිදුවන අවස්ථාවේ රාජ්‍ය නිලධාරීන් තම යුතුකම මග හැර සියල්ල දේශපාලනික කරනා මත සිදුවන තැනට පත්කිරීම සිදු කරන ලදී එවකට දිවුලපිටිය ප්‍රදේශයේ මහා පරිමාණ පරිසර දුෂණයන් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීම නිසා රජය නිලධාරීන් ඒවාට සෘජුව සම්බන්ධ බවට වාර්තාවීම තුල පරිසරය රකින සහ පරිසරයේ අණ පනත් ක්‍රියාත්මක කරන ආයතන තම වගකීම පැහැර හැරීමෙන් සිදුවූයේ සියල්ල දේශපාලන ගැටුම් බවට පත්කර තමන් අත පිස දමා ගැනීමකි.

එක් අවස්ථාවක දිවුලපිටිය ප්‍රදේශයේ නීතිවිරෝධී පස් ජාවාරමක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා එම ස්ථානයට ගොස් මේ සම්බන්ධයෙන් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්ගෙන් දුරකථනයෙන් විමසීම එක්තරා පුද්ගලික මාධ්‍ය මගින් වැරදි අර්ථකථනය ලබා දීම තුල සහ දුරකතනයෙන් සිදුවූ සංවාදය නිවැරදිව තේරුම් නොගැනීම නිසා ගම්පහ ඇතුළු රටේ බොහෝ ප්‍රදේශවල රජය නිලධාරීන් පසුදා වර්ජන සහ උද්ගෝෂණ සිදුකරන ලදී

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලව නිළධාරීන් එදින දහවල් කාලයේ වෘතීය ක්‍රියාමාර්ග ගනිමින් රංජන රාමනායක අමාත්‍යවරයාට එරෙහිව කටයුතු කරන ලදී ඇත්ත වශයෙන්ම සිදුවුයේ කුමක් ද එදා ප්‍රාදේශීය ලේකම් තුමියට රජ්‍ය අමාත්‍යවරයා එම ස්ථානයේ සිට අවස්ථා ගනකදී උත්සහ කර දුරකථන ඇමතුමක් ගන්නා ලදී අනතුරුව රජය අමාත්‍ය වරයා සමග කෙටි දුරකථන සංවාදයකින් පසුව දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් තුමිය දුරකථනය ඇමතුම විසන්ධි කරන ලදී අනතුරුව නැවත රජය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා දුරකථනයට ප්‍රාදේශීය ලේකම් තුමිය සම්බන්ධ කර ගැනීමෙන් අනතුරුව ඇතිවූ සංවාදය මෙලෙසින් සටහන් කරමි

හෙලෝ ලේකම් තුමිය ඔයා දුරකථනය විසන්ධි කළා නේද

ලේකම් තුමිය
නැහැ ඇමති තුමා දුරකථන ඇමතුම විසන්ධි වුණා

අමාත්‍යවරයා
නැහැ ඔයා ඇමතුම විසන්ධි කළා

ලේකම් තුමිය
ඇමතිතුමා ගැටළුවක් තිබේනම් එය ලිඛිතව භාරදෙන්න

ඇමතිතුමා
ගැටළුවක් තියෙනවා ඔයා ලගට කෙනෙක් ඇවිත් හොම්බට ගැහුවොත් එම පැමිණිල්ල ලිඛිතව ලිය ලිය ඉන්නවද කියයල කියන්න

ලේකම් තුමිය
ඇමතිතුමා එහෙම කොහොමද ඔබතුමා රජය නිලධාරීනට හොම්බට ගහන්නේ එහෙම හොම්බට ගහනකම් බලන් ඉන්නේ නැහැ අපි රාජ්‍ය නිලධාරීන් අපේ හොම්බට ගහන්න ඔබ තුමාට අයිතියක් නැහැ

රාජ්‍ය අමාත්‍යවරයා

උබලට හෙන ගහනවා මේ කරන අපරාධ වලට උබලගේ පවුල් වලට හෙන ගහනවා මේක මහා පරිසර විනාශයක්

මේ එදා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් තුමිය සහ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අතර ඇතිවූ සංවාදයේ අවසන් කොටසින් උපුටා ගැනීමකි.

අමාත්‍යවරයා කියා සිටියේ ප්‍රාදේශීය ලේකම්තුමියගේ හොම්බට යම් කෙනෙකු ඇවිත් ගහනකම් බලන් ඉන්නවාද යන්න මිස එතුමියගේ හොම්බට ගසනවා කියා නොවේ එහෙත් උගත් බුධිමත් යයි කියාගන්නා රාජ්‍ය නිලධාරීතුමිය එම වැකිය තේරුම් ගැනීමේ දුර්වල තාවය නිසා එය රටේම ප්‍රශනයක් විය එතුමිය එම ප්‍රකාශය තේරුම් නොගත්තානම් අවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉහල නිලධාරීන්ට එම ප්‍රකාශයේ හරය තේරුම් ගැනීමට නොහැකි වීම අරුමයකි

එහෙත් එම ප්‍රදෙශේය ලේකම් කාර්යාල වල නිලධාරීන්ද අදාල ප්‍රකාශය හරියට දැන සිටියද එවකට විපක්ෂයේ දේශපාලන අධිකාරිය සහ ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය අදාල ප්‍රකාශයේ හරි වැරද්ද නොබලා රාජ්‍ය සේවකයින් උද්ගොෂණයට පෙලඹවීම දක්නට ලැබුණි එයින් සිදුවුනේ සැබෑ පරිසර ගැටලුව යටපත් කර දේශපාලන කරනා මත රන්ජන් රාමනායක වෙත ප්‍රහාරයන් එල්ල කිරීමය ඒ සදහා පුද්ගලික මාධ්‍ය ආයතන කිහිපයක් විශාල හඩක් නැගීම තුල අවසානයේ පරිසර විනාශය දේශපාලනික කාරණාවක් බවට පත්කර ජාතික යුතුකම පැහැර හරිමින් බාල දේශපාලන ගේමක් ගැසීමකි.

ඒ එදා දිවුලපිටියේ සිදුවීම වැරදිනම් මෙදා රාජ්‍ය නිලධාරියෙක් තම ඉදිරිපිට තබාගෙනම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සිදුකල ප්‍රකාශයට රාජ්‍ය නිලධාරීන් සතියක් විතර උද්ගෝෂණ සිදුකල යුතුය එතුමා කියා සිටියේ භූ විද්‍යා එකේ සහ පතල් කැනීම් එකේ නිලධාරීන් පට්ට හොරුන් බවත් තමන් එය නොබියව ප්‍රකශ කරන බවත් මුදලට අල්ලසට යටවුනු රාජ්‍ය නිලධාරීන් නිසා පරිසරය හැමදාමත් විනාශ වන බවත්ය සැබෑවටම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සිදුකල චෝදනාව සියට 1000 නිවැරදි බව පරිසරයට ආදරය කරන සැමගේ තීරණයකි

එබැවින් එදා රන්ජන් රාමනායක මහතා සිදුකල ප්‍රකාශයට වඩා බරපතල ප්‍රකාශයක් මෙදා විදුර වික්‍රමනායක මහතා සිදුකල තිබුන ද රාජ්‍ය නිලධාරීන් එදා මෙන් උද්ගෝෂණ සදහා පෙළඹීමට නොයන්නේ කුමන හේතුවක් නිසාදැයි පැහැදිළිය එදා රජය නිලධාරීන් සිදුකල උද්ගොෂණයට අවස්ථාවාදී දේශපාලකයන් මැදිහත් වීමත් මෙදා එම අවස්ථා වාදී දේශපාලනය ක්‍රියාත්මක නොවීමත් නිසාය

එහෙත් අවස්ථා වැදී ගම්පහ දේශපාලකයන් මෙන් නොව කළුතර හොරණ සිද්ධියේදී එම ප්‍රදේශවල අවස්ථාවාදී දේශපාලනය ක්‍රියාත්මක නොවීම ජනතාව ලැබූ ජයග්‍රහණයකි. පරිසරයට ආදරය කිරීම දේශපාලන අවශ්‍යතාවය මත පමණක් ක්‍රියාත්මක වීම තුල රැකෙන්නේ එම අවස්ථාවාදී දේශපාලන පමණක් මිස පරිසරය නොවන බව ජනතාව තේරුම් ගෙන ඇත මොන රජයෙන් වුවද පරිසරයට හානිවන කිසිවක් වේද එය දේශපනිකව නොදැකීම සැබෑ පරිසර හිතකාමී මිනිසාගේ යුතුකම නොවේ ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *