රක්ෂිත බන්ධනාගාර ගතව සිටි රන්ජන්ට ඇප ලැබෙයි!!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ පසුගියදා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී ඒ මැදිවෙලා මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පිහිටි එතුමාගේ නිවසට කොරෝනා වෛරසයෙන් අසරණ මිනිසුන්ට භාණ්ඩ බෙදා දීම සදහා පැමිණි වහනයක් සහ පුද්ගලයෙකු සම්බන්ධයෙන් ඇතිවූ ප්‍රශ්නයක් මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් සමග බහින් බස් වීමක් සිදු කලයි හිටපු මන්ත්‍රීවරයා මිරිහාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී ඒ අනුව අද දිනයේ නඩුව නැවත කදවු අවස්ථාවේ බන්ධනාගාර ගතකර සිටි හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත් වරයා නියෝග කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *