පොලිස් නිලධාරියාව සිප වැළද ගනිමින් රන්ජන් මාංචු දමන්නට ඉඩදෙයි

“මම තිත්ත ඇත්ත කථා කළා මට ලෙඩක් නැහැ රෝහලට යන්නේ නැහැ”බන්ධනාගාරයට යන්න සුදානම් ගිණි අවි පනත මත අත්අඩංගුවට

මම බන්ධනාගාර රෝහලට යන්නේ නැහැ මම ඇපලෝ රෝහලට යන්නේ නැහැ ලෙඩ කියන්නේ නැහැ මට බයි ෆාස් කරලා නැහැ මම බන්ධනාගාරයට යන්න බය නැහැ මම වැරදි කරලා නැහැ මම කොහේ ගියත් කොහේ දැම්මත් තිත ඇත්ත එදත් අදත් කථා කරනවා අද සවස පොලිස් අත්අඩංගුවට ගැනීමන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පොලිස් නිලධාරීන් මාංචු දමා රැගෙන යන අවස්ථාවේ මාධ්‍යට සදහන් කරන ලදී

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ නිවස අද සවස හදිසි පරීක්ෂාවකට ලක්කළ අතර එම පරික්ෂාවට ලක්කළ පොලිස් කණ්ඩායමට බලපත්‍ර නොමැති නයින් එම්.එම්. වර්ගයේ පිස්තෝලයක්, එම උණ්ඩ 118ක් සහ රජයට අපහාස කිරීමේ ප්‍රකාශ ඇතුළත් සී.ඩී. හා දෘඪ තැටි කීපයක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී අත්අඩංගුවට ගත් CD තැටි වල අඩංගු මොනවාදැයි පැහැදිළි නැති අතර අදාල පිස්තෝලය රංජන් රාමනායක මහතා වෙත රජයෙන් නිකුත් කර තිබූ එකක් වුවද, 2016 වර්ෂයේදී එහි බලපත්‍ර අහෝසි වී ඇතැයි පොලීසිය කියයි.බලපත්‍රයක් නොමැතිව එම ගිනිඅවිය හා උණ්ඩ ළඟතබාගැනීම සම්බන්ධයෙන් ඒවා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *