රන්ජන් හිරේට!! මන්ත්‍රී දූරයට මොකද වෙන්නේ

මෙරට අධිකරණය 95% දුෂිත බව මාධ්‍යට ප්‍රකාශ කිරීමේ චෝදනාවට හිටපු රාජ්‍ය අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව වසර 4 ක සිර දඬුවම් නියම කර තිබේ.

ඒ අද දින (2021-01-12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම නඩුව කැදවන ලදී ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන විණිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලය විසින් අදාල නඩු තීන්දුව ලබා දෙන ලදී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු සිසිර ද ආබෲ සඳහන් කර ඇත්තේ, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් වග උත්තරකාර රන්ජන් රාමනායක වෙත එල්ල කර තිබෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරන බවත් රන්ජන් රාමනායක මහතා ඔහුට බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම කරන බවත් තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරයා සඳහන් කරන ලදී 2017 වසරේ අගෝස්තු මස 21 වන දා කොළඹ, අරලියගහ මන්දිරයේ දී එවක අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රන්ජන් රාමනායක මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය එනම් 95% ක් දූෂිතයන් බවසදහන් කරන ලදී

ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයෙන් ලැබුණු තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු මණ්ඩලයකට අභියාචනය කිරීමේ අවස්ථාවක් ඔහුට ඇති බවත් එහිදීද මෙම තීන්දුව ස්ථීර වුවහොත් මන්ත්‍රී ධුරය අහිමි වීමටද තීන්දුව වෙනස් වුවහොත් මන්ත්‍රී ධුරය ලැබීමටද ඉඩ ඇති බව නීතී අංශ විසින් පෙන්වා දෙයි

අධිකරණය දුෂිත බවට තමන් සදහන් කල දේ කිසිම ලෙසකින් ඉල්ලා අස්කර ගැනීමට තමන් කටයුතු නොකරන බවත් තමන් හිරේ යන්නේ බොහොම කැමැත්තෙන් බවත් කුඩු විකුණලා නැහැ පගා අරන් නැහැ හැබැයි මම සල්ලි බෙදුවා තව සල්ලි ඉතුරුයි අපි නැවත හමුවෙමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *