රන්ජන් රාජකාරියට බාධා කලේ නැහැ ආවේගශීලී වුණා කියන්නේ බාධා කිරීමක් නොවෙයි // නීති මඩුල්ල කියයි
රාජකාරියට බාධා කිරීම කියන්නේ රාජකාරිය කරන්න නොදීමයි රන්ජන් රාමනායක මහතා රාජකාරියට බාධා කලේ නැහැ එතන ආවේගශීලීව හැසිරුනා රාජකාරිය කරන්න ඉඩ නොදීමක් සිදුවෙලා නැහැ තමන්ට අසාධාරණයක් වෙන බව දුටුවම ඕනෑම පුද්ගලයෙක් ප්‍රකෝප වෙනවා එක සාමාන්‍ය දෙයක් රන්ජන් කලෙත් ඒක නැතිව පැනලා ගියේ නැහැ හැංගිලා හිටියේ නැහැ මේක නීතිය අසාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වීමක් අනෙක් පුද්ගලයාට ඇප ලැබුණා ඔහුට ඇදිරිනීති බලපත්‍රයක් තිබුණා
මෙතන තියෙන්නේ අසාමාන්‍ය නීතියක් මේකට පුද්ගල ඇප ලබාදීමක් කල හැකියි අද රන්ජන්ට ඇප ලබාදීම සිදුකලත් ඇප ලබා ගැනීමට නොහැකි වුණා චෝදනාව තිබුනේ පොලිස් රාජකාරියට බාධා කළා කියලා තමයි සතියකට බන්ධනාගාර ගතකලා ඊලග අවස්ථාවේ ඇප ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් අද දින ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනීසිටි නීතිවේදී කණ්ඩායම සදහන් කරන ලදී
කොරෝනා වසංගතය නිසා අසරණ ජනතාව වෙනුවෙන් සහන බෙදාදීමට පියවර ගැනීමේදී පොලීසිය සමග ඇතිවූ බහින් බස් වීමේ සිද්ධියට අදාලව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ රාත්‍රී මිරිහාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අද දින ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත් වරයා නියෝග කරන ලදී