රන්ජන් මොකද ඔබ තනියම වෙල මැද්දේ මජර දේශපාලයේ ගමනක අවසානය

රන්ජන් රාමනායක සිදුකලේ වරදක් නම් ඒ වරද නීතියේ වරදක් ද රන්ජන්ගේ වරදක්ද කීමට තවත් කල් අවශ්‍යය වෙති වරද නිවරදි කරවා ගැනීමට හෝ වරද ප්‍රවර්ධනය කිරීමට හෝ වරද හොදයයි කීමට පමණක් වෙහෙසෙන මිනිසුන් ගහන බිමක රන්ජන් ගොදුරක් වීම අරුමයක් විය හැකිද?? සියලු සටන් සගයින් එක මිටට ගෙන අලුයම හෙළු කෙළපිඩක් බවට පත්කළ යහපාලන නඩයේ අවසන් බලාපොරොත්තුව රන්ජන්ය ඔහු අත්අඩංගුවට ගෙන සියලු පව් ඔහු මතින් සෝදා දගගෙහි ලා තැබීමෙන් ජනතා අභිලාෂයන් මුදුන් පැමිණ වූ බව සකල ශ්‍රී ලංකා වාසීන්ට ඉතා සතුටෙන් දැනුම් දෙමි මතකය නිවැරදිනම් දිනය 2020 /01/14 වන දිනය බවට සිහි තබාගන්නා ලෙස කාරුණිකව දන්වා සිටිමු

තවත් වසරක් දෙකක් පහක් දහයක් විස්සක් තිහක් හතළිහක් ගිය පසු මේ ලිය මාද මෙය කියවන ඔබලාදා වැඩි දෙනෙකු ජීවතුන් අතර නොමැති වුවද එය අනාගත වාක්‍යක් වනු ඇත 2015 යහපාලනය ස්ථාපිත කිරීමේ අරමුණ කුමක්දැයි බලය ලැබී තුන්මසක් එළඹෙන්නට පෙර සමාජ ගත කිරීමට එදා ජනපති අගමැති කටයුතු කරන ලදී ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සහ එකසත් ජනතා නිදහස් සන්ධානයේ නායකත්වය ලබා ගැනීමත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තම ලගම මිතුරා මහා බැංකුවේ අධිපති බවට පත්කර මහා බැදුම්කර වංචාවකින් වැඩ පටන්ගැනීම තුල වසර තරහ මාරක කාලයක් යහ පාලනයට බලය දීමට කැපවූ මිනිසුන්ගේ සිතුවිලි මන්දාමක් බවට පත්කරන ලදී.

අද දින හිටපු රජය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම සම්බ්වන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලයේ සැරිසැරූ සටහනකින් උපුටා ගැනීමකි

මීට පෙර කිසිවෙකු අත් අඩංගුවට ගෙන නැති වගන්තියක් උපයෝගී කර ගනිමින්,
පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන ඇත.

අද ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවට කිසිදු සගයෙක් පැමිණ සිටියේ නැත.
පෙරවරුවේ, ඔහු පක්ෂයෙන් ඉවත් කළ බවට වූ ලිපිය මාධ්‍යයට ලැබී තිබුණි.

රන්ජන් ගොදුරකි.

කිසිවෙකුට රුදාවක් නොතිබුණු අරමුණක් වෙනුවෙන් සටන් කිරීම ඔහු කුරුස පත් කිරීමට හේතු විය.
කුරුසයේ ඇණ ගැසීමට ලක් වූ කිස්තුස් වහන්සේට වූ ලෙස,
ළගම සිටි මිතුරන් පවා, කකුළා තුන් වරක් හැඩලීමට පෙර; ”අපි ඔහු නාදුනන බව” කියා ඇත.

තාජුඞීන් ඝාතනය කළ අයෙකු නොවී ය.
ලසන්ත ඝාතනය කළ අයෙකු නොවී ය.
ප‍්‍රගීත් එක්නැළිගොඩට සිදු වූ දෙයක් කිසිවෙකු නොදනී..!
කොළඹ දී පැහැරගත් දරුවන් එකොළොස් දෙනාගේ අම්මලා,
තවමත් ඒ දරුවන්ට වූ දෙයක් දැන ගැනීමට බලා සිටිති.

මේ සියල්ලට වගකිවයුතු මිනිසුන් සොයා දඩුවම් පමණුවන බවට පොරොන්දු දී බලයට පැමිණි අය,
ඒ පොරොන්දු නිර්ලජ්ජිතව කඩ කළේය.

බැලින්නං, අපරාධ කරුවන්ට දඩුවම් දීමේ අවශ්‍යතාවය තිබී ඇත්තේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කිහිප දෙනෙකුටත් රන්ජන්ටත් පමණි.

අවසානයේදී අපරාධ කරුවන් සහ අපරාධ කරුවන් ආරක්ෂා කළ මිනිසුන් එළියේ සිටියදී,
රන්ජන් ඇතුළේ ය.

එක්තරා යුගයක සිදු වූ මහපොළොව නුහුලන අපරාධ ගැන කතා කරන්නට සිටි මිනිසෙක් නිහඩ කර තිබේ. ආණ්ඩුව එය තමන්ට ලැබුණු අතිරේක වාසියක් ලෙස ගණන් බලනවා ඇති..!

රන්ජන්ට එරෙහිව චෝදනා ගොන්නට සදාචාරය ද පටලවා ඇති නිසා,
රන්ජන් වෙනුවෙන් පෙනී සිටීම ලාදුරු රෝගියෙකුට කිට්ටු වනවා වැනි අපුලක් ඇති කරන දෙයක් බවට පත් කර තිබේ. දුරකථන සංවාද පටිගත කිරීම හෝ ඔහුගේ අනෙකුත් හැසිරීම් ඔහුගේ පුද්ගලිකත්වයයි. එය ඔහුගේ මිනිස් සීමාව යි. නමුත්, මිනී මැරීම සහ මහජන දේපොළ සොරා කෑම රන්ජන් කර තිබෙන අපරාධ වලටත් වඩා බරපතල වේ.

ඒ නිසාම, මේ මොහොතේ ඔබේ සටන් සගයා තනි නොකරන්න යැයි අපි එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායමෙන් ඉල්ලා සිටිමු..!

බැස යන හිරුට පිටුපා – ඔවුන් රන්ජන් රැගෙන ගියේ ය.

මේ සන්ධ්‍යාවේ මූසල පෙනුම තව මොහොතකින් මැකී යනු ඇත.
ඉන් පසු රාත‍්‍රිය එළැඹේ..!

අපරාධ රැසක ගොදුරු බවට පත් වූ මිනිසුන් සහ
ඒ අපරාධ කරුවන්ට එරෙහිව සටන් කළ මිනිසුන් අතළොස්සක් හැරුණු කොට
අනිත් සියල්ලෝ මේ රාත‍්‍රියේත් සුව නින්දට වැටෙනු ඇත…!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *