කඩු ගිලපු හොරුන්ට රණ මයුරය කජ්ජක්ද

ජාතියක් ලෙස කම්පාවිය යුතු දෙවැනි සොරකම

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ලැජ්ජා සහගතම සොරකම් දෙක වන්නේ ජාතික කෞතුකාගාරය තුළ තිබූ කඩු සහ කස්ථාන පැහැර ගැනීමත් පසුගිය දිනක සිංහල සිනමාවේ ස්මාරකය ලෙසින් ප්‍රකට සම්මානනීය සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ නිවසේ තිබූ රණමයුර සම්මානය සොරා ගැනීමත්ය. ආරක්‍ෂිත විධි විදාන සම්බන්ධයෙන් නිසි ඇගයීමකින් අනතුරුව සිදුකලජාතික කෞතුකාගාර සොරකම ලෙසම මෙයත් නිවසේ තිබූ අනාරක්ෂිත මොහොත සම්බන්ධයෙන් අවධානයෙන් සිට සිදුකරණ ලද සැලසුම් සහගත සොරකමකි. අප ජාතියක් ලෙස ලැජ්ජා විය යුතුය. අප මේ සොරකම් දෙක ශ්‍රී ලාංකීය ජාතියට සිදුකරන ලද සොරකම් දෙක ලෙස සිතමු.

ආරම්භවන්නේ මෙලෙසිනි ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ ඥාති දියණියක් ජෙරේදා රාත්‍රී 9.45ට පමණ පැමිණිල්ලට අනුව වහාම බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත අපරාධ අංශය එම අවස්ථාවේම තිඹිරිගස්යාය පිහිටි ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ නිවසට ගොස් පරික්ෂණ ආරම්භ කර ඇත. එම නි‍වසේ සි. සි. ටි වී කැමරා නොතිබුණ නිසා ඒ අවස්ථාව වන විට නිවසේ ඡායාරූප ගත කරමින් සිටි පෞද්ගලික රූපවාහිනි නාලිකා කිහිපයකම රුප සටහන් සහ විඩියෝ පට ලබා ගෙන එම අවස්ථාව පරීක්ෂා කිරීමටත්, තාක්ෂණික ක්‍රම ඔස්සේ සහ ජංගම දුරකතන ආධාරයෙන් පදක්කම සොරාගැනීමට අදාළ තොරතුරු ලබා ගැනීමටත් පොලිසිය කටයුතු කරගෙන යයි.

එ අතර නිවසද පුළුල් පරීක්ෂාවකට ලක්කර ඇත. බොහෝ දෙනකුගෙන් තොරතුරු ද විමසා තිබේ. කෙසේ වෙතත් මෙම වටිනා සම්මානය සහ ජංගම දුරකතනය සොරා ගත් පුද්ගලයන් හැකි ඉක්මණින් සොයා නීතිය හමුවට පමුණුවන බව පොලිසිය කියා සිටියි.
හෙළයේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ ආදාහනය සිදුවු දින ඒ මහතාගේ ජිවිතයේ මහඟු වටිනා වස්තුවක් වු රණමයුර පදක්කම සොරාගත් පුද්ගලයා සොයා නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ සහ තවත් පැති කිහිපයක් ඔස්සේ පුළුල් පරික් ෂණයක් සිදු වෙයි. එම පදක්කමට අමතරව එම නි‍වසේ එම අවස්ථාවේ ඒ ආසන්නව තිබු ‍රුපියල් ලක්ෂයක පමණ වටිනාකමකින් යුත් ඇපල් 8 වර්ගයේ ජංගම දුරකතනයක් ද අතුරුදන් වී ඇත.විවිධ තාක්ෂණික සහ හෝඩුවාවන් ඔස්සේ පරීක්ෂණ කටයුතු සිදුකරණ අතර එයට අදාල පරීක්ෂණ කටයුතු සදහා අවශ්‍ය තාවය අනුව පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් කිරීමත් සිදුවනු ඇත.

මෙම පරීක්ෂණය කඩිනමින් සිදු කර එම වටිනා සම්මානය සොරාගත් පුදගලයා අත්අඩංගුවට ගෙන කඩිනමින් නීතිය ඉදිරියට පැමිණවීමට කටයුතු කරන ලෙස නීතිය සාමය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබංඩාර මහතා පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට උපදෙස් ලබා දී ඇත.

ඉන්දියාවේ නවදිල්ලි ප්‍රථම සිනමා උළෙලේ දී ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා 1965 වසරේ දී නිෂ්පාදනය කළ ගම්පෙරළිය සිංහල චිත්‍රපටය වෙනුවෙන්ලැබුණු යාවජිව රණමයුර පදක්කම පෙරේදා පෙරවරු 10.44ත් 11 අතර වේලාවේදී අතුරුදන් වී තිබේ.

ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ ඥාති දියණියක් ජෙරේදා රාත්‍රී 9.45ට පමණ බම්බල පිටිය පොලිසියට පැමිණිල්ලක් කරමින් කියා ඇත්තේ එම සම්මානය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ මෟතදේහය තැන්පත් තර තිබු ස්ථානය අසල ‍ටිපෝවක් මත වෙල්වට් පෙට්ටියක බහා යන එන පිරිසට දැක බලා ගැනීමට තබා තිබු බවයි.මෙම සම්මානය නැති වන අවස්ථාව වන විට ක‍තෝලික පුජකවරයාණන්ගේ ආගමික වතාවත් සිදුවෙමින් තිබී ඇත. අනතුරුව දේහය නිවසින් පිටතට ගෙන යන අවස්ථාවේ නිවසේ සිටි කෙනෙක් එම ඥාති දියණිය වෙත පැමිණ මෙම රණමයුර සම්මානය තිබු ස්ථානයේ නොමැති බව පවසා ඇත.

ඇය ඒ සමඟම නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී සම්මානය අතුරුදන්වී ඇති බවත්, ඒ ආසන්නයේ කබඩ් එකක් මත තබා තිබු ඇ‍යගේ ජංගම දුරකතනය ද යම් කිසිවකු සොරාගෙන ඇති බවත් ඇය පැමිණිලි කර ඇත.තවද එම සම්මානය පෙරවරු 10.45ට පමණ නිසැකවම එම වෙල්වට් පෙට්ටියේ තිබු බවද ඇය සඳහන් කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *