විමල් ප්‍රකාශයට වෘතීය සමිති කිපෙති //අද මධ්‍යම රාත්‍රී සිට දුම්රිය වර්ජනයක්

අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් පසුගියදා සදහන් කලේ දුම්රිය රියදුරන් ප්‍රමාදවී දුම්රිය ධාවනය කරන්නේ දුම්රිය මැදිරි ආරක්ෂාවට දුම්රිය ආරක්ෂක සේවය යෙදවූ නිසා බවත් දුම්රිය මගින් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සිදුකරන ප්‍රධාන මාධ්‍යක් බවද සදහන් කරන ලදී මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම වෙනුවෙන් දුම්රිය රියදුරන්ට විශාල මුදලක් ලැබෙන බවත් දුම්රිය ආරක්ෂකයින් යෙදවීම නිසා ඔවුන්ගේ එම අදායම් මාර්ගය නැවතීම නිසා රියදුරන් විසින් එම ක්‍රියාවට එරෙහිව දුම්රිය සෙමින් ධාවනය කිරීම නිසා මගීන් දැඩි අපහසු තාවයකට පත්වූ බව සදහන් කරයි.

අදාල ප්‍රකාශය සම්බන්ධයෙන් දුම්රිය අද(05) මධ්‍යම රාත්‍රී 12.00 සිට හෙට(06) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා අසනීප නිවාඩු වාර්තා කිරීමට දුම්රිය රියදුරන් තීරණය කළ බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර් සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය.දුම්රිය රියැදුන්ගේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට දුම්රිය පාලකවරුන්, නියාමකවරුන් හා ස්ථානාධිපතිවරුන් සහාය දක්වන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ලාල් ආරියතිලක මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *