ගාල්ලේ උඩුගම කොරෝනා ආශ්‍රිතයන් නිරෝධායනයට

පැළියගොඩ මත්ස්‍ය වෙළදපොළේ සේවය කරණ උඩුගම ප්‍රදේශයේ පදිංචි අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවිමෙන් පසු එම පුද්ගලයාගේ  පළමුපෙළ ආශ්‍රිතයින් 05 දෙනෙකු නිරෝධායනයට ලක්කිරිමට පියවරගෙන ඇති බව උඩුගම පොලිසිය පවසයි.

 මෙකි පුද්ගලයාගේ බිරිද දරුදෙදෙනා  සහෝදරයකු සහ  මොහු ගේ කොණ්ඩය කපනු ලැබු කරණවැමියා නිරෝධායනයට ලක්කොට ඇති බවද  උඩුගම පොලිසිය පවසයි. මෙකි පුද්ගලයා පසුගිය 13 වැනිදින පැළියගොඩ  සිට නිවසට පැමිණ ඇත. මොහු කොණ්ඩය කැපිම සදහා  උඩුගම නගරයේ පිහිටි කොණ්ඩාකපන ස්ථානයකට ගොස් ඇත.

 යලි මොහු රැකියාව සදහා පැළියගොඩ මත්ස්‍ය වෙළදපොළට ගොස්  ඇත. එහිදි  කරණුලැබු පි.සි.ආර්. පරික්ෂණයේ දි මොහුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට  අද (24) තහවුරුවිමෙන් පසු මෙකි පුද්ගලයාගේ පළමුපෙළ ආශ්‍රිතයින් නිරෝධයනයය ලක්කිරිමට  පියවරගත් බැව් උඩුගම පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *