මන්ත්‍රී ප්‍රසන්න රණවීර රක්ෂිත බන්ධනාගාරයට

බහින් බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව ඔහු පුද්ගලයෙකුට පහරදී

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂයෙකුට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට පහර දීමක් සම්බන්ධයෙන්
පොලිසිය මගහැර සිටි ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර
ගතකරන ලෙස මහේස්ත්‍රාත් වරයා නියෝග කර ඇත

මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඔහු මේ මස 22 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර
ඇත. සාදයකදී ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව ඔහු පුද්ගලයෙකුට පහරදී ඇති අතර පහරකෑමට ලක්වූ පුද්ගලයා විසින්
පොලීසියට සිදු කළ පැමිණිල්ලකට අනුව පොලිස් පරීක්ෂණ සිදු කර තිබිණි.

පොලිස් පරීක්ෂණ ආරම්භ වීමත් සමග ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා දින ගණනාවක් දුරකථන පවා විසන්දි කර නිවසෙන්ද පලා ගොස් සිටි බව වාර්තා වේ. ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා මෑත කාලයේ බන්ධනාගාර ගතවූ දෙවැනි අවස්ථාව මෙය වේ ඒ මීට පෙර හම්බන්තොට ප්‍රදේශයේ ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *