උද්ඝෝෂණයේදී මුලින් පහර දුන්නේ විරෝධතා කරුවන්

කොළඹ ස්ථාන දෙකකදී පැවති උද්ඝෝෂණය පාලනය කිරිම සදහා පොලිසිය මැදිහත් වූ අවස්ථාවේ මුලින්ම පහර දුන්නේ විරෝධතාකරුවන් විසින් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.ඒ මහතා මෙම අදහස් පලකලේ කැබිනට් මාධ්‍ය හමුවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ උද්ගොෂකයන්ට පහර දීම සම්බන්ධයෙන් මාධ්‍ය වේදීන් විමසු අවස්ථාවෙයේ

ඒ බව පටිගත කරන ලද වීඩියෝ දර්ශන වලින් පැහැදිලිව පෙනී ගොස් ඇතැයිද ඔහු සඳහන් කළේය.මේ නිසා ජනාධිපති තුමා සහ අපි කැබිනට් මණ්ඩලය විදියට මේ ප්‍රහාරය හෙළ දකිනවා එම පහර දීමට එරෙහිව ප්‍රතිප්‍රහාරයක් ලෙස පොලීසිය විසින් පහරදීමේ දී අදාළ තත්ත්වය නිර්මාණය වූ බවද අමාත්‍යවරයා සදහන් කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *