හබරාදූව සම්බන්ධීකරණ රැස්වීමට විරෝධයක්

පක්ෂ විපක්ෂ ආරවුල රටේ ජනතාවගේ යහපත උදෙසා ද?

හබරාදුව සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රිවරු හබරාදුව ප්‍රා දේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරය වටලයි. මහා ගාලගෝට්ටියක් බවට පත්වුහ.හබරාදුව සම්බන්ධිකරණ රැස්වීම අද 10 දින නියමයක් නැතිව කල් තැබිමට හබරාදුව සම්බ්න්ධිකරණ රැස්විමේ සභාපති එජාප ප්‍රධාන සංවිධායක නිතිඥ තාරක නානායක්කාර මහතා විසින් සිදු කළේය. ඒ හබරාදුව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සභාපති හා මන්ත්‍රිවරු මෙන්ම එකාබන්ධ විපක්ෂයේ දකුණු පළාත් සභා මන්ත්‍රි ඒ.ජී.සි පියසිරි මහතාද එක්ව බලහත්කාරයෙන් රැස්විම පැවැති හබරාදුව සම්මන්ත්‍රණ ශාලාවට පැමිණ විරෝධය ප්‍රකාශ කිරිමත් සමඟය. ඒම විරෝධතාවයට හෙතු වුයේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගින් නිකුත් කළ චක්‍ර ලේඛනයක් නිසාය.

All-focus
LankaABCnews
All-focus පක්ෂ විපක්ෂ ආරවුල රටේ ජනතාවගේ යහපත උදෙසා ද

යම් සම්බන්ධිකරණ රැස්විමකට  සහභාගි විය හැක්කේ එක් දේශපාලන පක්ෂයකින් එක් නියෝජිතයෙක් පමණි යන්න ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති චක්‍ර ලේඛණ මගින් පනවා අති පරිදි කටයුතු කිරිමට විරෝධය පලකරමින්  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හබරාදුව ප්‍රාදේශිය සභාවේ මෙසේ මන්ත්‍රි වරු විරෝධය ප්‍රකාශ කළේය.

නිකුත් කළ නිවේදනය හබරාදුව ප්‍රාදේශිය ලේකම් තරංගා වික්‍රමරත්න මහත්මිය  සභාවට ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට එක්වු  දකුණු පළාත් සභාවේ එජනිස ඒකාබන්ධ මන්ත්‍රි ඒ.ජී.සී පියසිරි මන්ත්‍රිවරයා ද එම ප්‍රකාශනයට  විරෝධය ප්‍රකාශ කරන බවය.

ඔවුන් එනම්, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හබරාදුව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රි වරු කියා සිටියේ තමනට හිමි අසුන් ලබාදෙන ලෙසයි.නැතිනම් හබරාදුව සම්බන්ධිකරණ රැස්වීම පවත්වාගෙන යන්නට ඉඩ දෙන්නේ නැති බව කියමින් විරෝධය ප්‍රකාශ කරන්ට විමත් සමඟ ඇතිවුයේ දැවැන්ත කාලගෝටිටියකි.

මෙහි දී හබරාදුව සම්බන්ධිකරණ රැස්වීමේ සභාපති හබරාදුව එජාප ප්‍රධාන සංවිධායක තාරක නානායක්කාර මහතා  කියා සිටියේ චක්‍ර ලේඛනයට අනුව, කටයුතු කරන ලෙසයි. ඒ අද 10 පැවැති හබරාදුව සම්බන්ධිකරන රැස්වීම හබරාදුව සභා ශ්‍රවනාගාරයේ දී පැවැති අවස්ථාවේ  මෙම විරෝධය ප්‍රකාශ කරන නිසා නොවෙයි අපි මෙය නතර කරන්නේ.අන්න ඒක හිතාගන්න.

(විරෝධථාකරුවෝ දිගින් දිගටම විරෝධය ප්‍රකාශ කරයි.)

අපට අයිතියක් නැද්ද, අපි තමයි බලය අත්තේ එක් අය වෙනුවෙන් පක්ෂ වෙනුවෙන් අවස්ථාවක් දෙන්න යැයි කියමින් පෝස්ටර්, බැනර්,ප්‍රදර්ශනය කරමින්, කතා කරන්ට විය ඒ නිසා රැස්විමේ දී දිගින් දිගටම  ඇතිවුයේ මහා ගාලගොට්ටියකි.තාරක නානායක්කාර මහතා  අපි ලබයි සිපයි කියන්නේ නෑ. කිචි බිචි ගාන්නේ නෑ.අපේ අයිතිය දෙන්න.

හබරාදුව සභාපති දිල්ෂාන් විදානගමගේ මහතා (ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ)

ආසන කරුණාකර අපේ ආසන දෙන්න.ඇමති වරුන්ගේ ලේකම්වරුන්ට එන්න හැකියි. මහජන නියෝජිතයන්ට අවස්ථාව දෙන්නේ නෑ.කොන්ද පණ නැති ආණ්ඩුව, සැබැ මහජන නියෝජිතයන්ට සම්බන්ධිකරණ රැස්විම තහනම්ද ? .ප්‍රජාත්න්ත්‍රවාදය වළ වල්ලට මන්ත්‍රිවරු දොරමුල්ලට,මේ යන්නේ 88,89 යුගයටද?  කියමින් කතා කළේය.

තාරක නානායක්කාර මහතා කිවේ විරෝධය ප්‍රකාශ කළා නම් මේ සභාවෙන් පිටව යන්න හැටියට ය.ඒ මහතා ඒ බව දෙතුන් වතාවත් කියා සිටියේය.මම මේ සම්බන්ධයෙන් ඉහළට කතා කරලා හබරාදුවට පමනක් යම් තිරණයක් ගන්නම් එතකම් මේය නතර කර යන්න.කොළඹත් වැටලුවා. (එවිට සභාමන්ත්‍රිවරු දිගින් දිගිටම ඝෝෂා කිරිම්) මේ අනුව, තරක නානයක්කාර මහතා කිවේ හබරාදුව සම්බන්ධිකරණ රැස්වීම  කල්තබන බව පැවසීය.

රජයේ නිලධාරින් පැය ගණනාවක් තිස්සේ රස්තියාදු වීම වැලැක්විම සඳහා මේ තිරණය ගත්තා.මේ අයගේ කාලය රාජ්‍ය නිලධාරින්ගේ තත්ත්වය පවා හෑල්ලුවට පත්කර තියනවා. රාජපක්ෂලාට ඕන විදියට මේ පොහොට්ටු  පක්ෂය වැඩකරනවා. මම මේ සම්බන්ධිකරණ රැස්වීම නතර කළේ කල් තැබුවේ කාටවත් බයේ හෝ කාගෙවන් යටත්විමට නොවෙයි. රජයේ නිලධාරින් අපහසුතාවයට පත්වෙනවා. අපි මහජන නියෝජිතයන් සිදුකරන වැඩ වලින් මේ තේරුමක් නැති  වැඩ කටයුතු වලින්  හා රජයේ නිලධාරින්ගේ කටයුතු අඩාල වෙනවා. මේ අය සිදුකරන්නේ,  මහජනතාවගේ අයිතින් මේ අය උල්ලංඝනය කර තිබිමයි කීය.

මේ සියල්ලම සිදුවුයේ සභා ශ්‍රවණාගාරයේ දී ය. නමුක් විමතියට ඇති කරුණ වුයේ සභාවෙන් පිටතට පැමිණි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රිවරු සිප වැළදගෙන සතුටු සාමීචියේ යෙදිමියි.එවිට සත්තකින්ම සිදුකලේ කුමක්ද? රැවැටුවේ කව්ද ? යන්න එහි සිටි ජනමාධ්‍යවේදීන්ටද  රජයේ නිලධාරින්ටද මනාකොට පැහැදිලි වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *