පරවුණු මල් නැවත නැතේ පිපින්නේ

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාද්දු මහතා අද රාත්‍රී අභාවප්‍රාප්ත විය.

සිය පියාගේ ගීත ඒ හඬින්ම ගායනා කිරීමේ සහජ හැකියාවක් තිබූ ප්‍රියන්ත මහතා සංගීත ප්‍රසංග සඳහා නිරතුරු සහභාගී විය.මිය යන විට 65 වැනි වියේ පසුවූ ඒ මහතා දෙදරු පියෙකි.දිවංගත ප්‍රවීණ ගායන ශිල්පී සී ටී ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා වන ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සිය පියා ගිය මගම යමින් සංගීත ක්ෂේත්‍රය තම ජීවන වෘත්තිය කර ගෙන කටයුතු කළ අයෙකි.

කලක සිට රෝගීතත්වයෙන් පෙළුණු ඒ මහතා විදේශ සංගීත ප්‍රසංග සඳහා ද කිහිප වතාවක්ම සහභාගී වී ඇත. ඒ මහතා පසුගියදා ඉතාලියේ පැවැති සංගීත ප්‍රසංගයකට සහභාගී වී සිටියදී හදිසියේ රෝගාතුරවී තිබේ. ඉන් පසු තරමක සුවය ලැබූ ඔහු කළුබෝවිල රෝහලෙන් ප්‍රතිකාර ලබා නිවසට ගොස් සති කිහිපයක් සිටිය දී අද රාත්‍රී හදිසියේම අසනීප වී නැවත කලුබෝවිලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ බිරිඳ ලංකාදීපයට පැවසුවාය.

සිය පියාගේ ගීතවලට අමතරව ‘රැල්ලේ මුහුදු වැල්ලේ, නෙරංජලා ආදරේ කාටදෝ‘ ආදී ජනප්‍රිය ගීය රැසක් ඔහු විසින් සිංහල ගීත ක්ෂේත්‍රයට දායද කරනු ලැබ තිබේ.

දේහය දෙහිවල නැදිමාල 31/1 බෝධිරාජ මාවත පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ලබන පස් වැනි දා සෙනසුරාදා සවස පහට ගල්කිස්ස නිසල සෙවන පොදු සුසාන භූමියේදී සිදු කෙරේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *