අනුරාධපුර බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් රැදවියෙකු මරුට
අනුරාධපුර බන්ධනාගාරය තුල අද සවස ඇතිවූ කලහකාරී තත්වය නිසා වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තාවෙයි වෙඩි වැදුණු සිව් දෙනා බරපතල තත්වයෙන් තුවාල ලබා අනුරාධපුර මහ රෝහලට ඇතුලත් කර ඇත . එය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ සහායට හමුදාව කැඳවා තිබේ. එහිදී තත්වය පාලනය කිරීම සඳහා හමුදා නිලධාරීන් විසින් වෙඩිතැබීම සිදු කර ඇත. එහිදි 04 දෙනෙකු තුවාල ලබා මෙලෙස එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.තත්වය පාලනය සදහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්යබලකායද කැඳවා ඇති බව වාර්තා වේ.මේ වනවිට ගින්නක්ද හටගෙන ඇති බවත් එය පාලනය සඳහා ගිනි නිවීමේ ඒකක බන්ධණාගාරය තුළට කැඳවා ඇති බවත් වාර්තා වේ.